මහනුවර මහ නගර සභාවේ දූෂිත නිලධාරි මාලිමා   පාලනය ගිලගෙන

මහනුවර මහ නගර සභාවේ බහුතර මාලිමා නියෝජිතයන් පත් කර ,ජාතික ජන බලවේගයේ නගර  සභා  බලයක් පිහිටුවා ඇතත්   නගර සභාවේ දූෂිත  නාගරික කොමසාරිස් වරිය  මේ වන තෙක් ඉවත් කර  නගරයට වැඩක් කල හැකි කොමසාරිස් වරයෙකු පත් කර ගැනිමට  මාළිමාවේ  පාලකයන්  අපොහොසත් වී ඇති බව මහනුවර   ජාතික ජන බලවේගයේ නගර සභා පාලනයක්  පිහිටුවන්නට සහාය දුන් නාගරික ජනතාව පවසති.

මහනුවර නගරයේ  ප්‍රධාන  වාණිජ මධ්‍යස්ථානය වන මහනුවර පොදු වෙළදපොළ  මිහිපිට අපායක් බඳු වන අතර  ,කුණු කසළ බැහැර කිරීම මන්ද ගාමීව සිදුකෙරෙන බව නාගරික ජනතාව සදහන් කරයි.

වෙනසක්  කරන්නට බලය ගත්  මහනුවර මහ නගර සභාවේ මහ පුටුවලට පත්වූ මාළිමා ප්‍රභලයෝ  නගර සභාව තුල අයථා ගනුදෙනු  දූෂිත ටෙන්ඩර් මගඩි වලට හවුල් වූ පාර්ශවයන්  ලඟින් තබාගෙන ඔවුන්ගේ උපදෙස් අනුව යමින් කටයුතු කරන බව නගර සභාවේ සුළු සේවකයන්ද ,අනෙකුත් නිලධාරින්ද පවසයි.නගරය පුරා  විවිධ දේශපාලනඥයන්ට සුබ පැතූ බැනර්   මේ වන තෙක් ගලවා ඉවත් නොකීරීම   නිසා නගරය පුරා  අවලස්සණ  තත්ත්වයක්  දක්නට තිබෙන බව නාගරික ජනතාව  පවසති.

නගරය පුරා අපිරිසිදු ආහාර පාන අළෙවි කරන ස්ථාන වැටලීම මන්දගාමී තත්ත්වයක පත්ව තිබෙන බවත්,නගරයේ රථවාහන ගාල් කර මුදල් අය කිරීමේ පුද්ගලික ආයතන මහජනතාව ගසා කමින් අසීමිත ලෙස මුදල් අයකලද  නගර සභාව මෙම  අසාධාරණයට  එරෙහිව නගර සභාවේ නීතීය ක්‍රියාත්මක නොකරන බවත් , පොදු වෙළදපොළට යාමට තිබෙන  පදික වේදිකාව කුණු එළවළු වෙළඳාමට  විවිධ  පුද්ගලයන්  විසින් නතු කරගෙන සිටියි. මේ සම්බන්ධයෙන්  නාගරික ජනතාව ,මහා නායක හිමිවරු පවා නගරාධිපති වරයාට අවවාද කලේ තනතුරු ලබාගෙන තම කාර්යාල තුලට වී කාලය ගත නොකර නගරයේ ජනතා සුභසාධනය  පිළිබඳව සොයා  බලා පියවර ගන්නා ලෙසයි. 

නගරයේ  පදික වේදිකාවල  ස්ථාන රැසක් අබලන් වී මහජනතාව අනතුරු වලට ලක්වන තත්ත්වයක්  උද්ගතව ඇතත්   නගර සභාවේ වගකිව යුතු බලධාරින්  නිලධාරින්  ඒවා ගැන  සොයා නොබලන බව නාගරික ජනතාව පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *