මහනුවර මහ නගර සභාව මගින් පාලනය කරන මධ්‍යම වෙළඳ පොල මැරයින්ගේ ග්‍රහනයට ලක්වීම නිසා පාරිභෝගිකයින්ට සිදුවන ආසාධාරනක් පැවසිමට කිසිවෙකු නොමැති නිසා ඔවුන් අසරණ තත්වයට පත්ව ඇති බව වාර්තාවේ.
එළවළු සිල්ලර අළෙවි කරන කොටස මැරයන්ගේ රජදහනක් නිසා තමන්ට අවශ්‍ය එළවළු තොරන්නට ගියොත් මෙහි චණ්ඩි කම් කරන ඇතැම් වෙළඳුන්ගෙන් පාරිභෝගික ජනතාවට ගුටි කන්නට සිදුවන බව මහජනතාව පවසති.එළවළු ග්‍රෑම් 500 ගත්තොත් එහි ඇත්තේ ග්‍රෑම් 450 කි.අල බී ලූණුවල තතිත්වයත් එයමය හොර කිරුම් උපකරණ වලින් ජනතාව ගසා කන මෙම මාකර්ට් එකේ කාඩ්බෝඩ් චන්ඩි ජනතාවට අසභ්‍ය වචන වලින් බනින්නේ එළවලු තෝරන විට සහ හරියාකාරව කිරන්නැයි පවසන විටදී බව මහජනතාව පවසති.
මහනුවර මහ නගර සභාවේ සියලුම වගකිව යුතු නිලධාරින්ට ලැබෙන සන්තෝෂම් නිසා මෙම මාර්කට් එක තුල මහජනතාවට කුමන අසාධාරණයක් සිදු වුවත් බලධාරින් නිහඬය.
කුණු ජරාව ජනතාවට විකුණන ඇතැම් ම මැරයන් කුඩු වලට මත්පැනට ඇබ්බැහි වූ අමු තිරිසන් සතුන් මෙන් හැසිරෙයි.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහන තුලින් මහනුවර මාර්කට් එක ඇතුලත ක්ලීන් කල යුතුය.චායාරූප වලට මුහුණ පෙනෙන්නට ආණ්ඩුකාරයා නාගරික කොමසාරිස් පොලීසියේ ලොක්කන් බොරු ක්ලීන් වැඩ සටහන් ක්‍රියාත්මක කලද මහනුවර පොදු වෙළද පොළ එක නීතීගරුක මිනිස්සුන්ට නොගැලපෙන අපායකි.
නගර සභාවේ ඇතැමුන්ට මස් ටික මාළු ටික පිරිසිදු එළවළු මෙන්ම පොලීසියේ ඇතැමුන්ට ලැබෙන සන්තෝෂම් මලු නිසා මෙම මහජන වෙළඳ මධ්‍යස්ථානය තුල මහජනයාට අසාධාරණයකට මුහුණ දෙන්නට සිදුවුවහොත් මැරයන්ගේ ගුටි කා තුවාළ කරගෙන ගෙදර හෝ රෝහලට යාමට සිදුවෙයි. බෝගම්බර චන්ඩින්ට අයිති බව කියන මෙම මාර්කට් එකට යන පාරිභෝගිකයන්ට එහි අසාධාරණයක් සිදුවුවහොත් කතා කරන්නට පෙර මැරයන්ගෙන් ප්‍රහාර එල්ල වෙයි.පොලීසියටවත් මේවා පාලනය කරන්නට බැරිවී ඇත්තේ ඇතැම් පොලිස් නිලධාරින් මෙහි ඇතැම්මැරයන්ගේ ගජ මිතුරන් විම නිසාය.මෙම මාර්කට් එක තුල නීතී ගරුක විනය ගරුකවෙළඳුන් සිටියද ඔවුන්ද මැරයන්ට එරෙහිව වචනයක් නොකියන්නේ නිකරුණේ ගුටි කන්නට සහ පිහි ප්‍රහාරයකට ලක්වන්නට සිදුවේයැයි යන බියෙනි.
මහනුවර මහ නගර සභාවත් මහනුවර පොලීසියත් නිදා නොගෙන මෙම මාර්කට් එක තුල ජනතාවට බියෙන් සැකෙන් තොරව එදිනෙදා පාරිභෝගික ද්‍රව්‍ය මිළදී ගැනීමට අවශ්‍ය සාමකාමී වාතාවරණය සකසා දිය යුතුය .පොලිස් ලොක්කෝ ශීත කාමරවලින් එළියට පැමිණ මහජනතාවට මෙම ස්ථානයේ සිටින ඇතැම් මැරයන්ගෙන්, මත් ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගෙන් සිදුවන තාඩන පීඩන සහ බලපෑම් වලක්වාලීමට පියවර ගත යුතු බව මහජනතාව පවසති.
මෙම වෙළඳ මධ්‍යස්ථානයේ එළවළු සිල්ලර අළෙවි අංශය තුල වෙළඳාම් කරන ඇතැම් වෙළඳුන් පාරිභෝගිකයන් ගසා කද්දී මෙහි සේවයට පත්වී සිටින ඇතැම් නිලධාරින් එළවළු මල්ලට ,එළුමස් කුකුල් මස් 500 ට මාළු කූරියට යටවී සිටින බව තතුදත් ජනතාවත් මෙහි නීතී ගරුකව විනය ගරුකව වෙළඳ ව්‍යාපාර කටයුතු කරන ව්‍යාපාරිකයන් කීප දෙනෙකුත් පැවසූහ.
මහනුවර පොදු වෙළදපොළ බෝගම්බර මැරයන්ට හෝ දෙයියන්නේවෙල සුදුහුම්පොල සහ කටුකැලේ සමහර මැර චන්ඩින්ට අයත් දේපලක් නොව පොදු වෙළද මධ්‍යස්ථානයක් බව පාරිභොගිකයින් පවසයි.මහනුවර පොලීසියේ කිසිදු තරුඔටුණු පැළඳි ලොක්කෙකුට පාලනය කල නොහැකි මහනුවර මාර්කට් එක මුදා නොගත් මැර ත්‍රස්තවාදී ,රස්තියාදු කාරයන්ගේ තිප්පොලක් බවට පත්ව ඇත්තේ මහනුවර පොලීසියේ වරදිනි.බියෙන් සැකෙන් තොරව නිදහසේ මෙම මාර්කට් පරිශ්‍රය තුල ජනතාවට තම දෛනික ආහාර වර්ග එළවළු මිලදී ගන්නට වාතාවරණයක් සලසා දෙන්නට බැරි මහනුවර පොලීසිය කුමකටදැයි නීතී ගරුක ජනතාව ශීතල කාමර වල පුටු රත්කරන පොලිස් ලොක්කන්ගෙන් ප්‍රශ්ණ කරති.
විදෙස් සංචාරකයන් මෙහි පැහිණ නහය වසාගෙන යන්නේ කුණු ගඳ ඉවසන්නට බැරි නිසාය.මාර්කට් එක භාර නිලධාරින් මාර්කට් එකේ සමහර චන්ඩි වෙළදුන්ට බියවී ඇත්තේ හවසට ඔවුනට ලැබෙන ජරා මල්ල නිසාදැයි ජනතාව ප්‍රශ්ණ කරති.