මාතලේ පොලිස් ලොක්කා ඉහළ ප්‍රධානින්ගෙන් ලකුණු ගන්න පහළ නිළදාරින්ගේ සුභ සාධනයට දෙන මුදල් කපා ආපසු යවයි

මාතලේ පොලිස් කොඨඨාශ භාර පොලිස් අධිකාරි ලලිත් රෝහන ගමගේ නිලධාරින්ට ලබා දෙන සුභසාධන දිනෙන් දින කපා දැමිම නිසා එම කොඨඨාශයේ ඇති පොලිස් ස්ථාන 13 ක නිළදාරින් 1200 අදික පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව වාර්ථාවෙි.
නිළදාරින්ගේ දෛනික සුභසාධනය සදහා පොලිස් මුලස්ථානයෙන් වෙන් කරන මුදල් පවා ඉහළ නිලධාරින්ගෙන් ලකුණු දමා ගැනිම සදහා වියදම් නොකර එවා ආපසු හරවා යන බව වාර්ථාවෙි.
මේ අතර පසුගිය ජනාධිපතිවරණයේදී මැතිවරණ කොමසාරිස් කාර්යාලය මගින් මැතිවරණ රාජකාරි කරන නිලදාරින්ට ලබා දෙන දින තුනක සංයුක්ත දිමනාව හෙවත් බටා එක ද කපා දැමිමට ඔහු කටයුතු කර තිබෙි.
මැතිවරණ දිනවල සියලුම නිලදාරින්ගේ නිවාඩු අවලංගු කර ඒ නිමිත්තෙන් රාජකාරියට කැදවා සිටි පොලිස් ස්ථානවල සිටි නිළදාරින් මැතිවරණ රාජකාරි සිදු නොකළ බව සදහන් කරමින් ඔවුන්ට එම මුදල ගෙවිම සිදු නොකර රුපියල් ලක්ෂ 22ක් ආපසු හරවා යවා තිබෙි.
මැතිවරණ මධ්‍යස්තානවලට රාජකාරි සදහා යොදවා සිටි කාන්තා නිළධාරිනියන් රාත්‍රියට එහි නොසිටි බව සදහන් කරමින් එම මුදල අඩු කර ඇත. ඒ අනුව රුපියල් හාරදහසක් ලැබිය යුතු නිලදාරින්ට ලබා දි ඇත්තේ රුපියල් 2500 බව වාර්ථාවෙි.
මෙම නිළධාරියාගේ ඇති පහත්ම ක්‍රියාව වන්නේ ඔහුගේ නිළනිවසේ තිබු රුපවාහිනි යන්ත්‍රය ක්‍රියා විරහිත වු පස් මාතලේ නගර මුරපළේ සවිකර තිබු රුපවාහිනිය ගලවා එය ඔහුගේ නිළනිවසේ සවි කර ගැනිමයි.එම මුරපලේ සිටි නිලදාරින් 175කට පමණ දෛනිකව රටේ තොටෙි සිදුවන කිසිවක් දැනගැනිමට මෙිනිසා නොහැකිවී තිබෙි

………………………………………………………………………………………………………………………………………………………………………………………

පිළිතුරු ලබාදීමේ ඔබෙි අයිතිය ඉඩ
මෙහි පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයක අපහසුතාවක් පැනනගින්නේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි ඔබට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම්, ඊට ප්‍රතිචාර දැක්වීමට සම්පූර්ණ අයිතිය තිබෙි. voiceofnews.sl@gmail.com නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, වෘත්තීය ආචාරධර්මවලට ගරුකරන අන්තර්ජාල වෙබි අඩවියක් ලෙස පිළිතුරු ලබාදීමේ අයිතියට ගරු කරන්නෙමු.
ඒ සදහා කරුණාකර අපට දැනුම්දෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *