වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆි මහතාට එරෙහිව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව නිෂ්ප්‍රභ කිරීමත් සමග එම බොරු නඩුවක් ගොනු කිරිමට මුලිකව කටයුතු කල එහි එකළ පොලිසියේ සිටි නිලධාරින්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කළ යුතු බව රජයට අවධාරණය කළ යුතුය.
සිය පෞද්ගලික උවමනාව මත එකළ කුරූණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උවමනාව මත වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆි මහතාට එරෙහිව මෙම කුමන්ත්‍රණය සිදු කලේ සිය බිරිය සිදු කර ගෙන ගිය විදේශ රැකියාවන් සදහා යන අයට වෛද්‍ය සහතික නිකුත් කරන ව්‍යාපාරයට එම පිරිස නොපැමිණ වෛද්‍ය සාෙිගේ ආයතනයට වැඩි පිරිසක් යාම නිසාවෙිණි.
ඒ සදහා ප්‍රදේශයේ මාධ්‍යවෙිදියෙකු සමග කුරුණෑගල වැවරවුමට අලුයම ගොස් ආදාළ කුමන්ත්‍රණය සිදුකර එම මාධ්‍යවෙිදියා හරහා තවත් ජාතික පුවත්පතක මාධ්යවෙිදියෙකුට දුරකථනයෙන් කතා කර සිද්ධිය දැනුම් දී ඇත්තේ වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆි මහතා මව්වරුන් වදභාවයට පත්කරන බවයි.
කෙසේ වෙතත් ඊට අදාළ නඩුව අද කුරුණෑගල ප්‍රධාන මහෙස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා හමුවේ කැඳවනු ලැබු අවස්ථාවෙි
වෛද්‍ය සාෆිට එරෙහිව ගොනුකර තිබු චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය අසමත් වී ඇති බව මහෙස්ත්‍රාත්වරයා පෙන්වා දී ඇත.
ඒ අනුව නීතිපතිවරයාගේ උපදෙස් මත ඔහු නිදහස් කරන බවත්, නඩුව පවත්වාගෙන යාමට කරුණු නොමැති බවත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සඳහන් කර තිබේ.
වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆි මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවයේ නිරතව සිටින අතර ඔහු ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටියේය.
මව්වරුන් 4,000කට පමණ වඳ සැත්කම් සිදුකළැයි චෝදනා එල්ල වු කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆි මහතාව 2019 මැයි මස 24 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ පුලුල් පරික්ෂණයකින් පසු මෙම සිදුවිමේ තොරතුරු හෙළි කර ගත් අතර එහි කුමණ්ත්‍රණය කිරිම සමිබන්ධයෙන් ඊට මුල්වු නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ව ඇතලු තවත් පොලිස් නිලදාරින් පිරිසක් අත්ඩංගුවට ගැනිමට සුදානම් වු මොහෝතේ වද සැත්කම් සිද්ධියෙන් වාසි ලබා ගෙන බලයට පත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම පරික්ෂණ කළ පරිසේ සිටි පොලිස් අධිකාරි ශානි අබෙිසේකර මහතා ඇතුලු පිරිස ස්තාන මාරු කලේය.
මේවනවිට අදාළ සිද්ධියේ සත්‍ය අධිකරණය හමුවේ හෙළිවී ඇති අතර ශානි අබෙිසේකරටද යුක්තිය ඉටුවී සිය නිළබලය උපයෝගිකර ගෙන රටජාතිය හා ආගම් අතර බෙිද ඇති කිරිමට කටයතු කළ පොලිස් නිලදාරින්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කළ යුතුව ඇති අතර මේවනවිට ඊට හරස්වි ඇත්තේ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත විරසුරිය මහතා බව වාර්ථාවෙි.ආදාළ නිලදාරියා පුරසාරදම් දොඩන ආකාරයට ප්‍රියන්ත විරසුරිය මහතා උපදෙස් ලබා ගන්නේ තමාගෙන් නිසා, දෙනොම එකම බැජ්එකේ නිසාවෙන් කිසිදු දෙයක් සිදු නොවන බවට සදහන් කරයි
I think this website has very good indited written content posts.