මුවාට බැදි තුවක්කුව සුරේශ්ටම පත්තු වෙයි

ඇමතිවරයාගේ අමනෝඥ තීරනයක් මත ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා ධූරයෙන් ඉවත් කිරීමත් සමග එහි සභාපති සුරේශ් සුභ්‍රමනියම් දුම්මල වරම අතට ගත්තේය. ඒ අනුව ඔලිම්පික් කමිටුවේ විධායක සභාවේ තමාගේ මතයට හිස නොනමන පුද්ගලයන්ට පල නොකියා පලා බෙදන ලදි. ඒ අනුව හිටපු භාණ්ඩගරික මෙන්ම කමිටු සාමජිකයෙක් ඉල්ලා අස් විය. ඉල්ලා අස් වු භාණ්ඩාගාරික ධූරයට විධායක සභා බලතල පාවිච්චි කොට තාවකාලික භාණ්ඩාගරිකවරයෙක් ලෙස ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේව අල්ලේ නටවන ශිරන්තව පත්කල අතර උපලේකම් චන්දන ව්‍යවස්ථානුකූලව වැඩබලන ලේකම් ලෙස තාවකාලිකව පත් විය.

සුරේශ් සුබ්‍රමනියම්ගේ පාර්ශවයේ කෙනෙකු නොවූ චන්දනගේ මේ තාවකාලික පත්වීම සුරේශ්ට ඉවසුම් දුන්නේ නැත. මැක්ස්වෙල් සමග චන්දන ද හොරකම් කල බව කියමින් ලේකම් ධුරායේ කටයුතු සුරේශ් විසින්ම සිදු කරන ලදි.

මේ තාවකාලික පත්වීම් මහසභාවෙන් අනුමත කිරීම ව්‍යවාස්ථාවේ අවශ්‍යතාවයක් නිසා එය සිදු කිරීමට පසුගිය අප්‍රේල් නව වෙනිදා විශේෂ මහ සභාවක් කැදවීමට සුරේශ් සුබ්‍රමනියම් කටයුතු කලේය. තාවකාලික ලේකම් චන්දන විසින් මෙම කැදවීම සිදු කල යුතු වූවද එය සිදුකලේද සුරේශ් විසිනි. කෙසේ වුවද න්‍යාය පත්‍රයේ 04 වන කාරණාව ලෙස චන්දනගේ තාවකාලික ලේකම් පත්වීම බලාත්මක කිරීම ලෙස සුරේශ් දක්වා තිබුනි.

මෙලෙස තිබියදී අප්‍රේල් 08 වනදා සුරේශ් ඇතුලු ඔහුට හිතවාදී ශිරන්ත, නිලූක කරුණාරත්න ඇතුලු පිරිස කුමන්ත්‍රනයක් සිදු කොට අත්තනෝමතික ලෙස චන්දනව ඉවත් කරන ලද්දේ ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංගනය කරමිනි. එහි ඉවත්කිරීමට ප්‍රධාන චෝදනාව වූයේ චන්දන විසින් ඔලිම්පික් කමිටුව හරහා සිදු කල විදේශ සංචාරයකදි යම් මුදලක් දීම්නාවක් ලෙස ලබාගෙන ඇති බවයි.

සුරේශ් විසින් මේ වන විට මේ චෝදනාව විභාග කිරීමට ජාතික ඔලිම්පික් කමිටුවේ විශේෂ කමිටුවකට යොමු කර ඇති අතර සුරේශ් පවසන්නේ එම චෝදනාව විභාග වන තුරු චන්දනට ඔලිම්පික් තහනම් බවයි.

නමුත් 17 වනදා පැවති විශේෂ මහසභාවේදී හෙලි වූයේ චන්දනට එම දීමනාව ලබා දුන් චෙක් පතට අනුමැතිය ලබා දී චෙක් පතට අත්සන් කිරීම කර ඇත්තේ වත්මන් ඔලිම්පික් කමිටු සභාපති සුරේශ් සුබ්‍රමනියම් බවයි.

කෙසේ වූවත් මෙය බරපතල තත්වයකි. මේ තත්වය මත, මෙම පරීක්ශණය අවසන් වනතුරු සභාපති සුබ්‍රමනියම්ගේ ධූරයද අත් හිටුවිය යුතුය.

සභාපති සුරේශ් චන්දනට බැදි තුවක්කුව සුරේශ්ටම පත්තු වී ඇති බව දැනගත් සුරේශ් රාත්‍රී වී ඇති නිසා තමාට ගෙදර යායුතුයැයි පවසමින් පසුගිය 17 වනදා පැවති මහසභාව අතරමග නවතා පැන ගියේය.

මෙතරම් දූශිත තත්වයකට ජාතික ඔලිම්පික් කමිටුව පත්කරද්දී ක්‍රීඩා අමත්‍යවරයා විසින් සුරේශ් සුභ්‍රමනියම්ව හුරතල් කරන්නේ ඇයිදැයි ක්‍රීඩාවට ආදරේ ලාංකීය ජනතාව ප්‍රශ්න කරති. ඒ වෙන කිසිවක් නිසා නොව සල්ලි දෙවියන්ගේ මල්ලි යැයි කියමින් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේට සල්ලි ලබා දීම නිසා බවට ජනතාව සිතීම සාධාරණ නැද්ද ?

හසිත අකලංක දෙයාලගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *