පොලිස් ස්ථානාධිපති තනතුරුවලින් මාරුකරන එම නිළදාරින්ට වෙනත් ස්ථානයක ස්ථානාධිපති තනතුරක් ලබා දිම සදහා නියෝජ්‍ය ඇමතිවරයෙකු රුපියල් ලක්ෂ පහක මුදලක් ලබා ගෙන එම තනතුරු සකස් කරන බවට තොරතුරු වාර්තාවෙි.
පොලීසියේ අක්‍රමිකතා වලට සම්බන්ද පොලිස් ස්ථානාධිපති වරුන් මාරු කල යුතු බවට විවිධ පාර්ෂවයන්ගෙන් වත්මන් ආණ්ඩුව වෙත ඉල්ලීම් ගලා ආවේය. එයට ප්‍රතිචාරයක් ලෙස අයහපත් ලෙස තම රාජකාරී ඉටු කල පොලිස් ස්ථානාධිපති වරුන් සමූහයක් මාරු කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කිරීමෙන් අනතුරුව ඒ පිළිබදව වාර්ථාවක් පොලිස් කොමිෂන් සභාව වෙත යවා තිබුණි.
එම ස්ථාන මාරුවීම් දීමට හේතු මොනවාදැයි පොලිස් කොමිෂන් සභාව කරන ලද විමසීමට පිළිතුරු ලෙස අදාල සියළුම නිළධාරීන් පිළිබදව අදාල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් හරහා රහස්‍ය වාර්තා කැදවා එම ලේඛනය නැවත පොලිස් කොමිෂන් සභාව වෙත යැවීමට පොලිස් අමාත්‍යාංශය සූදානම් වෙයි. අදාල ස්ථාන මාරුවීම් පිළිබද තොරතුරු පොලිස් කොමිසමට යැවීමට පෙර ස්ථානාධිපති වරුන් වෙත දැන ගැනීමට ලැබී ඇත. දැන් එම ස්ථාන මාරුවීම් අවලංගු කර ගැනීමට හෝ වෙනත් ස්ථානයක ස්ථානාධිපති පට්ටමක් ලබා ගැනීමට පට්ටම් ගැලවෙන ඕඅයිසී ලා නියෝජ්‍ය ඇමති වරයෙකු චැනල් කිරීම ආරම්භ කොට ඇත.
මෙම නියෝජ්‍ය ඇමති වරයා විසින් ඕඅයිසී පට්ටමක් සදහා රුපියල් ලක්ෂ 5 ලන්සුවක් තබා ඇත. එවැනි ස්ථානාධිපති වරු කීපදෙනෙක් අදාළ මුදල් දැනටමත් ගෙවා ඇත. මේ පිළිබදව දැනට පොලීස් සක්‍රිය සේවයේ සිටින පිරිසක්ම දැඩි විමසිල්ලෙන් සිටින අතර ඔවුන් ප්‍රකාශ කරනුයේ ජනාධිපතිවරයා රට ක්ලීන් කරන්න පෙර ලැබූ ජනවරම කෙළසන දේශපාළුවන් ක්ලීන් කල යුතු බවයි
2025-01-20