මධ්‍යම පලාත් පරිවාස කොමසාරිස්වරිය සුපිළපන්රාජ්‍ය සේවාවේ මූල ධර්ම උල්ලංගණය කරමින් පලාතේ ළමා නිවාස පරිපාලනය දූෂිතයන් අතට පත්වීම වලක්වන්නට කිසිදු පියවරක් නොගැනීම නිසා මධ්‍යම පලාතේ ළමා නිවාස වල දරුවන්ට පරිත්‍යාගශීලීන්ගේ ලැබෙන ආහාර ද්‍රව්‍ය ,රෙදිපිළි සහ රසකැවිළි හොර පාරෙන් ඇතැම් සේවිකාවන්ගේ ගෙවල් වලට සහ පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ ආපනශාලාවට ලබා දීම සමිබන්ධයෙන් කිසිවක් නොදන්නා ලෙස පරිවාස කොමසාරිස් වරිය සිටින බව සේවකයෝ පවසති.
මාතලේ ප්‍රදීපා ආලෝකා ළමා නිවාසයේ සිදුවූ සොරකම් යට ගැසූ කොමසාරිස් වරියට එරෙහිව මාතලේ දිස්ත්‍රික් ලේකම්වරයා පරීක්ෂණයක්ද පවත්වා තිබේ.මෙම පරිවාසකොමසාරිස් වරිය විසින් සිදුකරන ලද විශමාචාර ක්‍රියාවන් සම්බන්ධයෙන් ලිඛිත ව කරන ලද පැමිණිළි හිටපු ආණ්ඩුකාර ලේකම් වරියක් වු මංජුලා මඩහපොල මහත්මිය විසින් යට ගසා ඇති අතර ,වත්මන් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතාටද ,මෙම දූෂිත නිලධාරිණිය ගැන දන්වා යවා ඇත.
ළමා නිවාස වලට ලබාදී ඇති වාහන පුද්ගලික පරිහරණයට ලක්කෙරෙද්දී ,හදීසියේ ළමා නිවාසයේ දරුවෙක් රෝගාතුර වී අසාධ්‍ය වුවහොත් රෝහලට ගෙන යන්නට වාහනයක්වත් නැතැයි ළමානිවාස වලින් අනාවරණය වෙයි.
හිටපු ලේකම් වරියගේ ඥාතී සම්බන්ධයක් නිසා දූෂිත දිවාකර නම් නිලධාරිණියගේ සියලු දූෂිත ක්‍රියා යට ගැසී ඇතැයි මධ්‍යම පරිවාස දෙපාර්තමේන්තුවේ සේවකයන් පවසයි.
තලගුණේ නමැති දූෂකයෙක් ළමා නිවාස පරිපාලනයට යොදා ගෙන ඇති දිවාකර නම්නිලධාරිණිය ඔහු සිදුකරන සියලු දූෂිත ක්‍රියා ද යට ගසන්නේ ඔහු ඇගේ ලඟම ඥාතියා නිසා බවද හෙළිවෙි.
මධ්‍යම පලාතේ පරිවාස හා ලමා කොමසාරිස් වරිය ,පලාතේ ලමා නිවාස වල නේවාසික අසරණ දරුවන්ට සිදුවන තාඩන පීඩන හිංසන තුට්ටුවකටවත් ගනන් නොගෙන තම දෙපාර්තමේන්තුව ලබා දී සියලු වාහන (ඩබල්කැබ් රථ 06 , කේඩීඑච් වෑන් රිය , 58 ඩෑෂ් ෆාගෝවෑන් රිය ,ටාටා කැබ් රිය සහ ත්‍රීරෝද රථය) තම පුද්ගලික පරිහරණයට යොදා ගන්නා බව වාරි්ථාවෙි. ,කැබ් රිය සිය නිවසට ආහාර ,එළවළු රැගන ඒමට සහ දරුවන් පාසැල් රැගෙන යාමටයොදා ගන්නා බවත් ,පරිවාස දෙපාර්තමේන්තුවේ සේවකයන් පවසයි.
මෙම අක්‍රමිකතා හෙළිකල රියදුරෙකු සහ පාළිකාවක් පළි ගැනීම් මාරුවට ලක් කර ඇත.පලාතේ ළමා නිවාස වල දරුවන්ට ලැබෙන සියලු දෙස් විදෙස් ආධාරගසා කෑම් වලට ලක්වද්දී පලාතේ පරිවාස කොමසාරිස් වරිය ඒ ගැන සොයා නොබලන බව සේවකයෝ පවසති.
පොහොට්ටුවේ හිටපු දේශපාලනඥයන්ගේ ආශිර්වාදයෙන් තනතුරේරැඳී සිටින ,මෙම පලාත්කො මසාරිස් වරිය ඇගේ පාලනයේ පවතින ලමා නිවාස වල පාලිකාවන් විසින් සිදුකරන සියලු සොරකම් වංචා දූෂණ යට ගසමින් සිටින බව සදහන්වේ. දවුලගල පොලිස් වසමේ වේරගල ලමා නිවාසයේ 100 කට අධික ළමුන සංඛ්‍යාවක් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයක් වන අතර එහි පාලිකාව සිදු කරන සියලු දූෂණ යට ගසන පලාත් අමාත්‍යාංශ ලේකම් වරයාට එම පාලිකාව විසින් ඇඹුල් තියල්මාළු හට්ටි පිටින් කප්පම් ලෙස ලබා දෙන බවද මධ්‍යම පලාත් පරිවාස කොමසාරිස් කාර්යාලයට අනුයුක්ත සේවක සේවිකාවෝ පවසති.
චින්තිකා ගුණවර්ධන නමැති මෙම මධ්‍යම පලාත් පරිවාස කොමසාරිස් වරියගේ අක්‍රමිකතා මධ්‍යම පලාත්ආණ්ඩුකාර වරයාගේ අවධානයට යොමු විය යුතු බවත් දෙපාර්තමේන්තුවේ සේවකයන් පවසති.
මිට අමතරව වැලිමඩ සිට මහනුවර හීරැස්සගල නිවසට සිය මව රැගෙන ඒමට යොදාගෙන ඇත්තේ පරිවාස කොමසාරිස් නිල වාහන බවද සේවකයෝ පවසති
මේ අතර පලාත් පරිවාස කොමසාරිස් වරියගේ ස්වාමියා වෛද්‍ය වරයෙකු බවත් ,ඔහු හරහා විශේෂඥ වෛද්‍යවරයෙක් වන වත්මන් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු මහතාට පවා බලපෑම් කරන බවද පරිවාස දෙපාර්තමේන්තුවේ සේවකයෝ පවසති.

