මහනුවර ඇසළ පෙරහර නිමාවී,ඒ පිළිබඳව ,රටේ රාජ්‍ය නායකයාට ,සැල කිරීම අතීත රාජ්‍ය සම්ප්‍රදාය වූ නිසා,පුරා දින 11 තිස්සේ රටටත් ජනතාවටත් රාජ්‍ය පාලනයටත් ආශීර්වාද පතා,දළදා සමිඳුන්ට පූජෝපහාරයක් ලෙස ,පවත්වන ලද ,මහනුවර ඇසළ ,පෙරහර නිමාකල සංදේශය ජනපතිට භාර දීමේ විශේෂ උත්සවය පසුගිය 28 වන දින ,මහනුවර ජනපති මැදුරේදී පැවැත් විණි.
එකී උත්සවයට ඇරයුම් ලැබ ,ජනාධිපති ආරක්ෂකයන්ගේ දැඩි පරීක්ෂාවට ලක්වී,එහි ගිය මාධ්‍යවේදීන්ට වැඩ සටහන අවසානයේ වෙනම ස්ථානයක තේ අතුරු පස වෙන්කර ඇති බව,නිලධාරියෙක් පවසා, ජනාධිපති වරයා එන්නට පෙර තේ බොන්න යන්නැයි දන්වා සිටියේය,
මාධ්‍යවේදීන් තමන්ගේ කාර්ය නිමා කර ,දැනුම් දුන් පරිදි තේ පානය සූදානම් කර තිබූ ස්ථානයට ගොස් ,බලන විට අතුරු පස බඳුන් වල තිබූ සියලු අතුරුපස ( පැටිස් රෝල්ස් ආදීය) අතුරුදහන් වී තිබිණි.අන්තිමට කිරි තේ කෝප්පය පමණක් ඉතිරි වී තිබිණි.හෝටලයක කෑම මේසයකට රිළව් රංචුවක් පැන සියලු කෑම බීම ගිල දමා ඇතිබව මාධ්‍ය වේදීන් පැවසූහ.
මීට පෙර හිටපු ජනාධිපතිවරු ( චන්ද්‍රිකා මැතිණිය,මහින්ද රාජපක්ෂ මැතිතුමා සමයේ)පාලන සමයේ මාධ්‍යවේදීන්ට අතුරුපස තේ ,වෙන් කර තිබුණේ ජනාධිපති නිල නිවසේ වෙනම කාමරයකය.එම අතුරු පස ඉතිරි විය.මෙවර රිළව් රංචුවක් කඩා පැන එම අතුරු ආහාර සියල්ල කා දමා තිබිණි.
මේවා කා දැමූවන් කවුද..මාධ්‍යවේදීන්ටත් ප්‍රශ්ණයක් විය.ඒ පිළිබදව සොයා බැලිමෙිදී ආරාධිත ප්‍රභූන්ගේ කෑම බීමද රිළව්රංචුව ගිල දමා තිබිණි.මේවා කළමණාකරණය කිරීමට වගකිව යුතු නිලධාරින් පියවර ගත යුතුය.
ප්‍රභූ වරුන්ගේ අතුරුපස ගිල දැමූවන් කලේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ කීර්තී නාමය විනාශ කිරීමය.
මේ අතුරු පස සේරම ගිල දමා ඇත්තේ තියෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයට රිංගගෙන සිටින මාළිමාවේ සාගත කාරයො බව දැනගන්නට ලැබුණි.
2026-08-30

