ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පුනර්ජණනීය බලශක්ති ව්‍යපෘතින් ආරම්භ කිරිම සදහා එක් එක් සමාගම් සදහා ලබා දී ඇත් අක්කර දෙදහසකට ආසන්න ඉඩම් ප්‍රමාණයක් ඇති අතර එවා වසර ගණනාවක් පැවතියත් මේ වනතෙක් එහි වැඩ ආරම්භ කර නොමැති බව ජනතාව පවසයි.
ආදාළ ඉඩම්වල මායිම් ලකුණු කර වැටවල් ඉදිකර ඇති අතර තවත් සමහර ඉඩම් ශුද්ධ කර තිබෙි.එහෙත් විදුල්ය නිෂාපාදන කිරිම සදහාවු ඉදිකිරිම් ආරම්භ කර නැත.
මේ ආකාරයට පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ සාම්පුර් ප්‍රදේශයේ ඉඩම් අක්කර අටසියක් ජපාන සමාගමකට ලබා දී ඇති අතර මේවන තෙක් එහි වැඩ ආරම්භ කර නොමැත.
ඊට යාබදව තවත් අක්කර පන්සිය දහයක් ඉන්දියාවට ලබා දී ඇතත් එහි වැඩද පටන් ගෙන නොමැත.
මිට අමතරව නගර හා කඩවත්ශ ප්‍රාදේශිය ලේකම් කොඨඨාශයට අයත් මුත්තු නගර් ප්‍රදේශයේ ඉඩම් අක්කර හයසියක් සමාගම් හයකට ලබාදී දිමට කටයුතු කර ඇති අතර ඉන් එක් සමාගමක් අක්කර154ක් ශුද්ධ පවිත්‍ර කර ආරක්ෂිත වැටවල් ඉදි කර තිබෙි.එහෙත් ඉදිකිරිම් කටයුතු මෙතෙක් ආරම්භ කර නොමැත.

