මොකක්ද මේ විනිසුරුවරුන් විශ්‍රාම ගන්වන දිනය දීර්ඝ කරන කතාව

නීතීඥ සංගම් මූලස්ථානයට ලංකාවේ හතර දෙසින්ම නීතීඥයෝ පැම්ණියේ ආණ්ඩුවේ වත්මන් විසින් ව්‍යවස්ථා සංසෝධනයක් මගින් අගවිනිසුරු ඇතුලු ඉහල අධිකරණ වල විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීම දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පෑමටය. නීතීඥයන් 1600 කට අධික ප්‍රමාණයක් පැමිණියද බොහෝ පිරිසක් ශාලාවෙන් පිටතද තව පිරිසක් හිටගෙනද රැස්වීමට සහභාගී විය. විශේෂත්වය වූයේ වත්මන් ආණ්ඩුව හොබවන ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික නීතීඥ ලාල් විජේනායක මහතාද ආණ්ඩුවේ එම යෝජනාවට එරෙහිව රැස්වීමට සහභාගී වීමයි. මෙම රැස්වීමට සමගාමීව ආණ්ඩුවට පක්ෂ නීතීඥයන් පිරිසක්ද මාධ්‍ය හමුවක් කැදවා තිබුණි.
නීතීඥ සංගමයේ රැස්වීම නිමවූ විට එහි සභාපති රජීව් අමරසූරිය මහතා ඉංග්‍රීසි බසින් ජනමාධ්‍ය වේදීන් අමතා ඔවුන්ගේ ස්ථාවරය පැහැදිලි කල පසුව කිසිම ඉවක් බවක් නොමැතිව ඔහු ඇතුළු නීතී ප්‍රජාවම නින්දිත ලෙස අවමානයට ලක්කරමින් ආණ්ඩුවට පක්ෂපාතීව ලියන අය මුහුණු පොතේ අදහස් දක්වමින් පෝස්ට් පලකර තිබුණි. ඒත් එයට එරෙහිව අනෙක් පාර්ශ්වයද පෝස්ට් පල කළේය.
රජයේ පාර්ශ්වය ගොඩනගා තිබූ තර්කය වූයේ ලක්ෂ 11 කට අධික නඩු ප්‍රමාණයක් ඇසීමට නොහැකිව ගොඩ ගැසී ඇති බැවින් ඒවා ඉක්මණින් විසදීමට විනිසුරු තුමන්ලාගේ සේවා කාළය දීර්ඝ කලයුතු බවයි. ඒ සියළුම දෙනා රැල්ලට එය ලීවාට ලියූ අයගෙන් සියයට 0.001 ක් හෝ ඉහල අධිකරණයේ විනිසුරු තුමන්ලාගේ විශ්‍රාම කාළය දීර්ඝ කිරීමෙන් ලක්ෂ 11 කට අධික ගොඩගැසී ඇති නඩු විමර්ශනය කර අවසන් කරන්නේ කෙසේද යන්න පිළිබදව තාර්කික උත්තරයක් ලබා දී නොතිබිණි.
සමහරු උත්තර සපයා දී තිබුනේ ඔවුන්ගේ උප්පත්ති දෝෂ ප්‍රදර්ශනය කරමින් කුණුහරුප ලියාමිණි. තව පිරිසක් කියා තිබුනේ කලින් රට පාලනය කරපු හොරුන්ට එරෙහිව නඩු අසනවාට නීතීඥ සංගමය බය බවයි. හැබැයි එම හොරුන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ නඩු තිබේද යන්න පිළිබදව දැනුමක් කිසිවෙකුට තිබූ බවක් නොපෙනුණි.
වසර 30 ක අධිකරණ සේවයේ තවමත් ලබන අත් දැකීම් සහ ඇසුරු කරන නීතීඥයන් හරහා ග්‍රහණය කරගත් ගත් තොරතුරු මෙසේය.
අධිකරණයේ ගොඩ ගැසී ඇති ලක්ෂ 11 නඩු ප්‍රමාණයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විභාග වන සහ විභාග වීමට නියමිත නඩු ප්‍රමාණය 1000 කට අඩුය. ඉතිරි නඩු සියල්ලම ඇත්තේ මහාධිකරණයේ , දිසා අධිකරණයේ සහ මහේස්ත්‍රාත් අධිකරන වලය. ඒවායින්ද ලක්ෂ 9 කට අධික නඩු ප්‍රමාණයක් ඇත්තේ මහේස්ත්‍රාත් අධිකරණ වලය ඉතිරි ලක්ෂ 2 කට ආසන්න නඩු ඇත්තේ දිසා අධිකරණවල සහ මහාධිකරණ වලය. මෙම ප්‍රමාණය නඩු අසන දින පතා වෙනස් වන අතර එය බොහෝ සේ වෙනස් වන්නේ මහේස්ත්‍රාත් අධිකරණවල පමණි. ඒ දිනපතා පොලිස් ස්ථාන හරහා නඩු ගොනු වීමත් එම නඩු වලින් යම් ප්‍රතිශතයක් නිවැරදි කරු කීමෙන් කල් යන අතර තවත් නඩු ප්‍රමාණයක් බී වාර්තා මගින් කරුණු ඉදිරිපත් කරන නිසාය. මෙම ගොඩගැසී ඇති නඩු ප්‍රමාණය අවම කිරීමට ආණ්ඩුවට සැබෑ උවමනාවක් ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවට තියේනම් කලයුතුව ඇත්තේ අලුත් මහේස්ත්‍රාත් අධිකරණ සහ මහාධිකරණ ආරම්භ කිරීමය.
නමුත් අලුතින් ආරම්භ කල මහාධිකරණ කීපයේම අසනු ලබන්නේ තෝරාගත් නඩු කීපයක් පමනක් නිසා ගොඩගැසී ඇති නඩු අවම කරගැනීමට එය කිසිදු දායකත්වයක් ලබා නොදෙයි. අලුතින් අධිකරණ ආරම්භ කිරීමට කල් ගතවෙන්නේ නම් පලමුව කලයුත්තේ මහාධිකරණ වල සහ මහේස්ත්‍රාත් අධිකරණවල ඇති විනිසුරු පුරප්පාඩු නොපමාව පුරවා ලීමයි.අද වන විට මහාධිකරණයේ විනිසුරු පුරප්පාඩු 17 කි මහේස්ත්‍රාත් අධිකරණයේ 20 කි. මහේස්ත්‍රාත් අධිකරණයේ පුරප්පාඩු පිරවීමට අවස්ථාව තිබියදී වත්මන් අගවිනිසුරුවරයාගේ ඕනෑකමින්ම එය අත පසු කලේ ඔහුගේ දෙවන පුත්‍රයාව ඊලග කණ්ඩායම සමග මහේස්ත්‍රාත් වරයෙකු කිරීමටය.
පුරප්පාඩු 50 ක් පුරවා ගැනීමට මෙවර මහේස්ත්‍රාත් වරුන් බඳවා ගැනීම සදහා පැවති තරඟ විභාගයෙන් නීතීඥයෝ 78 දෙනෙක් සමත්ව තිබුණි. නමුත් අග්‍රවිනිශ්චයකාරවරයා ප්‍රමුක සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය මහේස්ත්‍රාත් වරුන් ලෙසට තෝරා ගත්තේ 30 දෙනෙක් පමණි. එම 30 දෙනා තෝරා ගැනීමට පැලවත්ත ජවිපෙ මූලස්ථානය ද මැදිහත් වීම රටේ අවාසනාවකි.
මහාධිකරණයේ පුරප්පාඩු 17 ගැන කතාවක් නැත. ඊට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පුරප්පාඩු 4 ක් ද අභියාචනාධිකරණයේ පුරප්පාඩු 4 ක්ද මාස ගනනක සිට ඇත. එය පිරවිය යුත්තේ රටේ ජනාධිපති වරයාය. ඔහු විසින් ඒ සදහා සුදුසු අයගේ නම් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායකය සභාවට යොමුකොට එහි අනුමැතිය ලබා ගත යුතුය. ඒ ගැන කිසිම ක්‍රියාමාර්ගයක් නොගත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක විටම මේ වසරේ දෙසැම්බර් මස පලවෙනිද විශ්‍රාම යාමට නියමිත වත්මන් අග්‍රවිනිශ්චයකාර ප්‍රීති පද්මන් සූරසේනගේ සේවා කාළය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට සැලසුම් කිරීම ප්‍රශ්න සහගත නොවේද?
ඒ ගැන තොරතුරු සෙවී මෙිදී සොයාගත් තොරතුරු මෙසේය.
වත්මන් අග්‍රවිනිශ්චයකාරවරයා මේ වසරේ දෙසැම්බර් මස විශ්‍රාම ගිය හොත් එම පුරප්පාඩුට ජ්‍යෙෂ්ඨත්වය මත පත්වීමට නියමිත ව සිටින්නේ කීර්තිමත් ඉතිහාසයක් ඇති මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහතාගේ පුත් යසන්ත කෝදාගොඩ මහතාය. ආගමික ලබැදියාව අනුව කෝදාගොඩ මහතා බෞද්ධයෙකි. වත්මන් අග්‍රවිනිශ්චයකාරවරයා බෞද්ධ පවුලකින් පැවත ආවද ඔහු දැන් ක්‍රිස්තියානි ආගමෙන් බෙදී වෙන් වී ගිය ජෙරොම් නම් ප්‍රධාන පූජකයකු විසින් ලංකාවේ මෙහෙයවන බෝන් අගේන් ( Born again ) නිකාය ලබ්දිකයෙකි. වත්මන් අග්‍රවිනිශ්චයකාරවරයා ගියවිට එහි පුරප්පාඩුවට සිංහල බෞද්ධයකු පත් නොකරන ලෙසට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බලපෑම් කර ඇත්තේ බෝන් අගේන් නිකායේ මෙරට ප්‍රධාන මෙහෙයුම් කාරියක් ලෙස ක්‍රියාත්මක වන ප්‍රමිශ්කා පෙරේරා නම් කාන්තාවකි. ඇය වත්මන් ජනාධිපතිව අල්ලේ නටවන බව ජ්‍යෙෂ්ඨ නීතීඥයින්ගේ මතයයි. ඇය ප්‍රබල ව්‍යාපාරික කාන්තාවකි. ඇයට ලංකාවේ විවිධ ප්‍රදේශවල තරු පන්තියේ හෝටල් ඇත. ඇගේ ස්වාමියා වෛද්‍ය වරයෙකි. එවන් කාන්තාවක් ජනාධිපතිවරයාව පාලනය කරනවා කියා ඇසූවිට සිහියට එන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිව නැටවූ අනුරාධපුරයේ ඥාණක්කා ය.
ගෝඨාභයට අත් වූ ඉරණමම වත්මන් ජනාධිපතිවරයාට අත් වෙිද යන්න ගැටලුවකි. රටේ උත්තරීතර අග්‍රවිනිශ්චයකාර ධූරයට පත්කරන පුද්ගලයා තීරණය කිරීමට හැකි කාන්තාවක් කොතරම් බලගතු විය යුතුද?
“කවුරු විරුද්ධ වුනත් මම මේ ව්‍යවස්ථා සංශෝධනය කරනවා” කියන තරමට ජනාධිපතිවරයා පවසා ඇති බව සදහන්ය.
ජනාධිපතිවරයා ඒ තරම් හිතුවක්කාර වීමට තරම් එම කාන්තාවට ඇති බලය සහ ජනාධිපතිවරයා ඇයට ඇති භය කුමක්ද? තවත් ජ්‍යෙෂ්ඨ නීතීඥ මහතකු පැවසුවේ කාදින්ල් මැල්කම් රංජිත් සමග එක්ව මහාචාර්ය ක්‍රිශාන්ත අබේසිංහ ද බෞද්ධයකුට රටේ අග්‍රවිනිශ්චයකාර ධූරයට පත් නොකරන ලෙසට ජනාධිපතිවරයා ට බලපෑම් කර ඇති බවයි. එය සත්‍ය නම් ජනාධිපතිවරයා එක එකාගේ කීමට නැටවෙන රූකඩයකි.
මෙම ප්‍රශ්නය සුබවාදීව විසදිමට තවත් කල් ඇත. එසේ නොවුන හොත් ඉදිරියේ දී රටේ අති බිහිසුණු තත්වයක් ඇති වෙතැයි අනුමාන කළ හැකිය.
(අළුත්කඩේ උසාවියේ තෝල්කමුදලි කෙනෙක් එවු ලිපියකි).

Leave a Reply

Your email address will not be published. Required fields are marked *