විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ විමර්ශන ඒකකයේ තවත් කෙළි

විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ විමර්ශන ඒකකයේ දූෂිතයන් කිහිප දෙනෙකු පිළිබඳව සිදු කළ අනාවරණයට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබීම සතුටට කරුණකි. ජනාධිපති ලේකම් කාර්යාලය හරහා සියලුම බුද්ධි අංශවලට මෙන්ම වගකිවයුතු රජයේ නිලධාරීන් කිහිපදෙනෙකුට ද මේ පිළිබඳව සොයා බැලීමට මේ වන විටත් වාචික උපදෙස් ලැබී ඇති බව විමර්ශනවලට සම්බන්ධ රජයේ උසස් නිලධාරියෙකු පවසා සිටියේය .
අද අප හෙළි කරන්නේ ආර් වී මෑන් පවර් ආයතනයේ සේවකයා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ දෙවන මහලින් බිමට වැටී බරපතල තුවාල ලැබීමේ සිදුවීම යට ගැසූ ආකාරයයි.ආර් වී මෑන් පවර් ආයතනයේ වගකිවයුතු පුද්ගලයින් අත්අඩංගුවට නොගෙන එහි සේවය කළ තරුණයකු අත්අඩංගුවට ගෙන විදෙස් රැකියා නියුක්ති කාර්යාංශයට ගෙන ආවේ විමර්ශන අංශයේ මදුශාන් නමැත්තායි. එම අවස්ථාවේදී යම්කිසි හේතුවක් මත එම තරුණයා උඩිමහලින් බිමට වැටී ඇත.එහි සත්‍ය කතාව වනුයේ මදුශාන් නමැත්තා වරද භාරගන්නා ලෙස තර්ජනය කළද තරුණයා එයට අකමැති වූ හෙයින් එම තරුණයා උඩුමහලින් බිමට තල්ලු කළ බවකි. ජීවිතය අහිමි නොවූ තරුණයා අද ඔත්පල වී ඇත. එහි විමර්ශන ලිපිගොනුව යට ගසා ඇත්තේ දැන් කාලයක සිටය.
ආබාධිත තරුණයාට අසාධාරණයක් සිදු වූ බවට ඔහුගේ දෙමව්පියන් මානව හිමිකම් කොමිසන් සභාවට පැමිණිලි කළ ද අද වනතුරුත් ඔහුට සාධාරණයක් නොමැති වීමට හේතු රැසක් බලපා ඇත. මදුශාන් නැමැත්තාගේ අනියම් බිරිඳ වන ගයේශා නමැති කාන්තාව මේ සියලුම ලිපි ගොණු යට ගැසීමට කටයුතු කර ඇත එසේ යට ගැසීමට හේතුව වී ඇත්තේ ඔවුන් දෙදෙනා වැටලීම් හෝ විමර්ශන කියා සටහන් යොදා කොළඹින් බැහැරට ගොස් රිසිසේ රජයේ මුදලින් විනෝද වී නැවත කොළඹ ඇතුළු සියලු හොර ගනුදෙනු එළිවන නිසාවෙනි.
විමර්ශන ඒකකය පිස්සන්ගේ රජ දහනක් වී හමාරය.පසුගිය දිනක විමර්ශන අංශයේ පී එෆ් 5604 දරන වෑන් රථය විමර්ශන අංශ හිටපු ප්‍රධානියා වන තට්ට කපිලගේ ගෝලයා වන රියදුරු පුෂ්ප කුමාර විසින් රැගෙන ගොස් බීමත්ව තිහාරිය ප්‍රදේශයේදී අනතුරකට ලක් කරන ලදී.එයින් පසුව පුෂ්ප කුමාර පලා ගියද පසුව අනතුරට ලක් වූ පිරිසට ලක්ෂයකට අධික මුදලක් වියදම් කොට ගොඩින් බේරාගෙන තිබුණි. මෙයට විමර්ශන අංශයේ ප්‍රධානීන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ගැටළුවක් වී ඇත. මෙතරම් දූෂිත චෝදනා ඇස් පනාපිටම ඇති මුත් උසස් නිලධාරීන් නිහඬ ප්‍රතිපත්තියක් ගත කිරීමට හේතුව අපට සදාචාරාත්මක වශයෙන් සඳහන් කිරීමට නොහැක.එය කෙටි වචනයකින් පවසනවා නම් “ආදරය අන්දයි” ලෙස අර්ථකථනය කළ හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *