ලංකාවේ වැඩිම ජන්ද දායකයන් පිරිසක් සහ වැඩිම ජනතාවක් සිටිනවාසේම වැඩිම මුදල් සම්භාරයක් ඇත්තේ කොළඹ මහ නගර සභාවටය. එම නගර සභා බලප්‍රදේශයේ ආවරණය කරමින් ප්‍රධාන ජන්ද කොට්ඨාස 5 කි. ඒ මැදකොළඹ උතුරු කොළඹ නැගෙනහිර කොළඹ බටහිර කොළඹ සහ බොරැල්ල වශයෙනි.
එසේම එම මුළු නගර සභා බල ප්‍රදේශයම පාලනය කිරීමේ පහසුවට ප්‍රධාන කොටස් 15 කට බෙදා වෙන්කර ඇත. එම කොටස් වලින් වැඩිපුරම ජනතාවක් ගැවසෙන්නේ කොටුව සහ පිටකොටුව සහ මරදාන කොට්ඨාසයන් වලය. එයට විශේෂ හේතුවක් වන්නේ ප්‍රධාන දුම්රිය ස්‍ථාන දෙක සහ ප්‍රධාන බස් නැවතුම් පොලවල් තුනක් පිහිටා තිබීමය. එම ස්ථානයන් හරහා දිනකට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එහෙමෙහේ යමින් සිටීම නිසා එම කොට්ඨාස ඉතාමත් කාර්‍ය බහුලය.
ඉතිහාසයේ දෙවන වතාවට එජාපය හෝ ශ්‍රීලනිපය නොවන පක්ෂයකට කොළඹ නගර සභාවේ පාලනය ලැබුනේ මෙවරය. තනි බහුතර බලයක් නොලැබුනත් සුළු පක්ෂවල සහය ඇතිව මෙවර බලය පිහිටවාලූයේ රටේ පාලන බලය හිමි ජාතික ජන බලවේගය හෙවත් මාලිමාවය. මැලේ සම්භවයක් ඇති වායි කැලී බල්තසාර් නගරාධිපතිණිය වූවාය.
ඇය ඇතුළු කණ්ඩායම කොළඹ නගරයට දැනෙන යමක් කරාවී කියා ජනතාව සිතුවත් කරමින් සිටින්නේ පෙර භුක්ති විඳි අයිතිවාසිකම් පවා කප්පාදු කරමින් කටයුතු කිරීමය. එය හොඳින්ම තහවුරු කර දෙන්නේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරියේ ඇති ගුවන් පාලම සහ ඉන් එක් පසක ඇති පදිකවේදිකාවය. ගුවන් පාලම ඉදිකිරීම් කර ඇත්තේ 1978 තරම් ඈත දීය. එසේ කොළඹ ඉඳිකිරීම් කල ගුවන් පාලම් වලින් දැනට ඉතිරිව ඇත්තේ ගුවන් පාලම් 3 කි . කොටුව දුම්රිය පොළ ඉදිරිපිට මරදාන දුම්රිය පොළ ඉදිරියේ දෙකක් වශයෙනි. නමුත් අදට වැඩිම ජනතාවක් පරිහරණය කරන්නේ කොටුව දුම්රිය පොළ ඉදිරියේ ඇති ගුවන් පාලමය. මරදාන ගුවන් පාලම් දෙන ඉතාමත් අල්ප වශයෙන් භාවිතා කරණු ලබයි.

කොටුව දුම්රිය ස්ථානයට විරුද්ධව පැත්තේ ඇති පදිකවේදිකාව අයිනේ කුඩා කඩ කාමර පේලියක් ඉඳිකරන්නේ 1994 බලයට පත් චන්ද්‍රිකා කුමාරතුංග ආන්ඩුව විසින්ය. තම හිතවත් පාක්ෂිකයන් ට එම කඩ බෙදාදුනි. අද එම කඩ වල වෙළද කටයුතු කරන අය අතර මුල් කඩ ලාභීන්ගෙන් එක් අයකු හෝ නැත. ඒවා කුළියට හෝ බදුදී ඇත. එමකඩ පේලිය ඉදිරිපිට අඩි 10 කට වඩා පලල පදික වේදිකාවක් සාමාන්‍ය ජනතාවගේ පාවිච්චියට තිබුණි. පුනරුද ආන්ඩුව එය අඩි 3 කට 4 කට සීමාකොට ඇත. එම කඩ පේලියේ සෑම කඩයක්ම අඩි 6 ක් පදික වේදිකාව අල්ලාගෙන කඩයේ ඉඩ ලොකුකරගෙන ඇත. එසේම එම ගුවන් පාලම උඩද පදික වෙළදුන්ට විකුණා ඇත. එම ගුවන් පාලමේ සිට මල්වත්ත පාර දෙසට යන පදිකවේදිකාවේ දෙපසම කඩ සෑදීමට අවසර ලබා දීම නිසා සාමාන්‍ය ජනතාව ගමන් කල යුත්තේ ඉතාමත් පරෙස්සමින් දෙපස ඇතිකඩ මැදින් ය.
එම කඩ කිසිවක් ඉවත් කිරීමට පොලීසිය මැදිහත් වන්නේ නැත. හේතුව ඒ ඉඳිකිරීම් සදහා නගරාධිපතිණිය පූර්ණ අනුග්‍රහය දක්වා තිබීමය. අනවශ්‍ය දේ කිරීමට ගොස් ඉල්ලං කන්න පොලීසියේ කිසිවකුත් කැමති නැත. ජනතාව පරිහරණය කල පදික වේදිකාව විකුණාගෙන කෑ නගරාධිපතිණියකගෙන් නගරයේ සංවර්ධනය ක් බලාපොරොත්තු විය හැකිද? යන්න අපට ඇති පොදු ප්‍රශ්නයකි.
ඊට අමතරව කොළඹ නගරසීමාව තුල වාහන නතර කිරීමේ මාෆියාවද පෙරට වඩා දැන් සක්‍රිය වී ඇත. බලයට පැමිණි වසරකට වැඩි කාළයක් ගත වුවද ජනතාවට දැනෙන යමක් කිරීම කෙසේ වෙතත් තිබූ අයිතිවාසිකම් ද නගරාධිපතිණිය විසින් අහුරමින් සිටී. මේ යන ලෙසට කොළඹ නගර සභාවට තිබූ පාලනයට එහා එක අඟලක් ඉදිරියට යා නොහැකි වී කයිවාරුවට පමණක් සීමාවී ඇත.

