ක්‍රිකට් ආයතනයේ සිදුවන විශේෂ විගණනය කඩා කප්පල් කිරීමේ කූඨ වෑයමක් ආරම්භ වී තිබේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරිවර්තන කමිටු සභාපති ඉරාන් වික්‍රමරත්නගේ ඇසට වැලි ගැසීමේ කුමන්ත්‍රණයක් ලෙසය. නීතිඥවරු කිහිප දෙනෙක් හා ප්‍රධාන තරු පහේ හෝටලයක් එක්ව එය සිදු කරන බව වාර්තා වේ.
හිටපු සභාපති ශම්මි සිල්වා ඉල්ලා අස්වීමට පෙර දිනයේ කොළඹ තරු පහේ හෝටලයකට සිදුකර ඇති රුපියල් ලක්ෂ 2800ක ගෙවීමක් එහි ප්‍රධාන වෙයි. මේ කියන තරු හෝටලයේ නිත්‍ය සුපිරි කාමරයක් වසර පුරාම ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරීන්ට සුරූපිනියන් ගෙන්වා ගැනීමට හා විදෙස් විශේෂ නියෝජිතයන්ට කාන්තාවන් සැපයීම සදහා මෙය භාවිතා කර ඇතැයි සදහන් වෙි.
මේ අතර සංචාර සදහා එක්වූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ නියෝජිතයන් සදහා මෙම කාමරය ලබා දී ඇත්තේ වසරක් සදහාම අවස්ථා 2ක පමණි. පසුගිය වසරේ දින 363ක් මෙම කාමරය සදහා මුදල් ගෙවා තිබුණත් ලැගුම් ගත් කෙනෙක් ගැන කිසිදු සටහනක් නොවීම විශේෂත්වයකි.
හිටපු ක්‍රිකට් පාලනයට එරෙහිව හඩ නගන ඕනෑම අයෙක් සදහා අධිකරණ කටයුතු කිරීම සදහා බව පවසමින් තවත් සුපිරි කාමරයක් මෙකී හෝටලය තුල පවත්වා ගෙන ගොස් තිබේ. ක්‍රිකට් ආයතනය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින නීතීඥයින් සදහා මෙහි පහසුකම් සපයා ඇත.
එලෙසම ක්‍රීඩකයින් සදහා ජිම් එක ලෙස භාවිතා කර ඇත්තේද මෙම හෝටලයේම ජිම් එකයි. කොළඹ ප්‍රධාන ක්‍රීඩා සමාජ සතුව මෙනම කොළඹ ක්‍රිකට් ආයතනය සතු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටි සතුවත් ජිම් තිබුනත් මෙම හෝටලයේම ජිම් එක ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ලබා දී ඇත්තේ ශම්මි සිල්වාගේ තනි අවශ්‍යතාවටයි.
මෙලෙස කොළඹ ප්‍රධාන තරු හෝටලය ක්‍රිකට් ආයතනයේ පහසුකම් සැපයීමට ලබා දීමෙන් ශම්මි සිල්වාට කොමිස් ලෙස වසරකට රුපියල් ලක්ෂ 300ක් ගෙවා ඇතැයි තොරතුරු වාර්තා වෙයි.
මෙම හෝටලයේ කළමණාකරුවකු ලෙස සේවය කරන මෙම ගණුදෙනු සම්භන්ධීකරණය කරන පුද්ගලයා, කලක් එංගලන්තයේ වාසය කර ඇති අතර ඉන් පිටුවහල් කිරීමෙන් පසු ශම්මි සිල්වාගේ කූඨ ගණුදෙනු සිදුකිරීම වෙනුවෙන් මෙම පත්වීම ලබා දී ඇත්තේද ශම්මි සිල්වාම බව සදහන්ය. ඔහු දෙපාර්ශ්වයේම හොද හිත දිනා ගනිමින් මේ වන විටත් ක්‍රිකට් පරිවර්තන කමිටුවත් ඇන්දීමේ යෙදී සිටියි.
මෙම පුද්ලගයා කලක් ක්‍රීඩක කළමනාරුවෙක් ලෙස ද සේවය කර ඇති අතර මුදලට තරග පාවාදීමේ කටයුතු සදහා ශම්මි සිල්වා වෙනුවෙන් ක්‍රීඩකයින් සමග කටයුතු කිරීමේ නිලධාරියාද ඔහුම බව තතු දත් සෑම දෙනාම පවසයි. මේ අනුව ක්‍රිකට් ආයතනය පිලිබද සිදුකරන විශේෂ විගණනයේදී මෙම තොරතුරු සොයා බලනු ඇතැයි විශ්වාසයයි.
2026-07-25

