ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධ තෙල් ගබඩා පර්යන්ත සමාගමේ සේවකයන් 2000 ට ආසන්න ප්‍රමාණයක් සේවය කරනු ලබයි..ඉන් සේවකයන් දහසකට ආසන්න ප්‍රමාණයක් කොලොන්නාව නිමාව භූමිය තුළ සේවාවන් වල නිරතව සිටියි.එසේම පෞද්ගලික ටැංකි රථ රියදුරන් සහ රිය සහයකින් සහ ඉදිකිරීම් කටයුතු සඳහා බාහිරව දෛනිකව කොලොන්නාව නිමා භූමිය තුලට පිවිසෙන සේවකයන් සංඛ්‍යාවද 1000 ආසන්නයි.
රජය විසින් දීර්ඝ වශයෙන් අයිස් , මත්කුඩු,පෙති වර්ග සමාජයෙන් තුරන් කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව සමග විශාල ඒකාබද්ධ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ඔබ අප සැවොම දන්නා කරුණකි.
නමුත් ඊට හාත්පසින්ම වෙනස් කතාවක් තමයි කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණය තුළ වර්තමාන රජයේ වෘත්තීය සමිතියේ අනුහසින් සිදුවන්නේ.
ඉස්සර නම් තෙල් සංස්ථාවේ මිනිස්සුන්ට කිව්වේ බේබදු මිනිස්සු සෙට් එකක් ඉන්නේ කියලා.ඒ බේබදු සෙට් එක ගැන කතා කරපු තෙල් සංස්ථාව ඇතුළෙන්ම කොලොන්නාව ගැන නම් කියන්නේ මත් ලෝලීන්ට පාරාදීසයක් වෙලා තියෙන පුනරුද යුගයක් ඇතිවෙලා කියල… ආයතනයට ආදරය කරන සැබෑ වෘතීය සමිති නායකයෝ අපිත් එක්ක මේ පිළිබඳව අදහස් හුවමාරු කරගත්තා.
කොලොන්නාව තෙල් සංස්ථා භූමිය තුළ විශාල වශයෙන් අයිස් මත්ද්‍රව්‍ය ,මත්කුඩු සේවකයන් විසින්ම සේවකයන්ටත් සේවා කටයුතු සපයන ආයතන වල සේවකයන්ටත් පෞද්ගලික ටැංකි රථ රියදුරු රිය සහයකයන්ට අලෙවි කිරීමේ ව්‍යාපාරයක් සේවකයින් කණ්ඩායමක් විසින් සිදු කරනු ලබනවා.
මෙම රජයේ වෘත්තීය සමීපයටට සහ රජයේ ඉහළ නිලධාරීන්ගේ සුහද කීකරු ගෝලීන් ලෙස මේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය පුළුල් කිරීම සිදු කරන්නේ ඔවුන්ගේ ආශිර්වාදයෙන් කියලා වෘත්තිය සමීති නායකයින් අපට පවසනවා.
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් පුනරුද යුගයක් ඇති කරන්න ආණ්ඩුව රටම එකට මත්ද්‍රව්‍ය නැති කරන්න කතා කරත් තෙල් සංස්ථාවේ කොළොන්නාව ඇතුලේ නම් මත් ලෝලීන්ට පුනරුදය යුගයෙන් පෝසත් රටක් ලස්සන ජීවිතයක් උදාවෙලා තව තවත් මත් ලෝලීන් එකතු කරගන්න ප්‍රමාණය වැඩිවෙලා තියනවා කියලා වාර්තා වෙනවා.
ස්වාධීන සේවකයින් අපට පවසා සිටියේ ඉන්ධන පිරවුම් අට්ටාලවල සේවය කරන සේවකයින් බෙදා හැරීම් කටයුතු වලට සෘජුව සම්බන්ධ රියැදුරු රිය සහකරුන් ඇතුළු සේවකයින්,ඉංජිනේරු සංවර්ධන නඩත්තු අංශවල සේවකයින්,ගිනි හා ප්‍රවේශම් අංශයේ සේවකයින්,කොළොන්නාව ආරක්ෂක අංශයේ විශාල සේවකයින් පිරිසක් සහ ආරක්ෂක අංශය නිලධාරීන්ගේ පූර්ණ ආශිර්වාදයෙන් මෙම මත්ද්‍රව්‍ය ආයතනය තුළට රැගෙන විත් ආයතනය තුළම අලෙවි කර ආයතනය තුළම ජාවාරමක් විදියට සහ භාවිතයක් විදියට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරන බවයි.
සමහර දිනවලට රාජකාරිය කර ගැනීමට නොහැකි තත්ත්වයකටම මෙම තෙල් පිරවුම් සේවකයන් සහ ආයතනයේ සහ පෞද්ගලික ටැංකි රථවල කටයුතු කරන රියදුරු රිය සහායකයින් මත්ද්‍රව්‍ය භාවිතා කර සිහි විකල් ගතියෙන් රාජකාරිය ද හරි හැට ඉටි නොකර කල් ගත කිරීමට පුරුද්දක් වශයෙන් කටයුතු කරන තත්ත්වයට දැන් පත් වී ඇති බවයි.
තෙල් පිරවුම් අට්ටාල වල සේවය කරන සේවකයින්ට දිරි දීවනාවක් ලබා දුන්නද ඔවුන් සමහර අවස්ථාවන්වල එයද නොතකා වැඩ දායකයින්ට පරුෂ වචනයෙන් බැණ වැද මත්ද්‍රව්‍ය භාවිතයේ සඳහා පුරුදු වී සිටින බවයි.
මත්ද්‍රව්‍ය නොමැති අවස්ථාවන්වල මිලදී ගැනීම සඳහා ආයතනය තුළ තිබෙන පරණ යකඩ පරණ වයර් වටිනා කියන පිත්තල උපකරණ පවා හොරෙන් විකුනන තත්ත්වයට ආයතනයේ සේවකයින් පත් වී ඇති බවයි.
වෘත්තීය සමිති නායකයින් පවසන්නේ ආරක්ෂක අංශයේ ප්‍රධාන ආරක්ෂක කළමනාකාරවරයාද මත්පැන් පානයට දැඩි ගිජු බවක් දක්වන පුද්ගලයෙකු වන බැවින් සහ ඔහු වටා සිටින පෙර අවස්ථාවන්වලද මත්ද්‍රව්‍ය චෝදනාවන් වලට පොලිස් අත්අඩංගුවට සහ වැඩ තහනමට ලක් වූ ප්‍රධානම ගෝල බාලයින් මෙම අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලී සිටීම තුළින් ආරක්ෂක අංශවල සේවා මුරයන්වල වැඩ කරන විශාල සේවකයින් සංඛ්‍යාවක් අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීම සහ ආයතනය තුළට අයිස් මත්ද්‍රව්‍ය රැගෙන එන අලෙවි කරන පුද්ගලයන්ට ඔවුන්ගේ ප්‍රමුඛ රැකවරණය සහ ආරක්ෂාව සපයමින් කොළොන්නාව නිමා භූමිය අයිස් කුඩු ගංජා තිප්පොලක් බවට පත්කිරීම ඔවුන් නිරායාසයෙන් රාජකාරියට එහා යමින් මත්ද්‍රව්‍ය භාවිතය සහ අලෙවිය සිදු කරන බවයි .
ආසන්නම සිදුවීමක් ලෙස මෑතකදී බඳවා බඳවාගත් ඉංජිනේරුවරයෙකු විසින් ඔහුගේ පෞද්ගලික රථයේ රට අරක්කු බෝතලයක් ආයතනය තුළට රැගෙන විත් නැවත ගෙනයාමේදී විමර්ශන අංශයට හසුවීමෙන් පසු ඔහු පවසා ඇත්තේ ඔහුගේ බිරිඳ විසින් ඇයගේ පියාට තෑගී කිරීම සඳහා විදේශගතව සිට රැගෙනා අරක්කු බෝතලයක් තමාගේ රථයේ තබා ගත්තද එදින සවස තමාගේ බිරිඳගේ පියාවන මාමණ්ඩියට ලබාදීමට බව පවස ඇත.
ආයතනය තුළට අරක්කු විෂමද්‍රව්‍ය ගෙන ඒම තහනම් කර තිබියදී ඉංජිනේරුවරයෙකු විසින්ම අරක්කු බෝතලයක් රැගෙන විමර්ශන අංශයට ඔවුන්ව හසුවීමෙන් පසු සභාපතිවරයා සහ කළමනාකාර අධ්‍යක්ෂකවරයා ඊට නිසි විනය ක්‍රියාමාර්ග ලබාදීමට මැලි කමක් දැක්වීම තුළින් හැඟී යන්නේ වර්තමාන රජය තුළ සභාපතිවරයා සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා සේවකයින් කුඩු ගංජා හෙරොවීන් වැනි මත්ද්‍රව්‍ය භාවිතය ඔවුන් විසින් ප්‍රභූණ කිරීමට හා විෂ මත්ද්‍රව්‍ය භාවිතයට උනන්දු කිරීමේ ක්‍රියාවලියක් ඔවුන්ගේ දායකත්වය මත සිදුවන බැවින් නිවැරදි විනය තීන්දු නොගැනීම තුළින් හැඟී යන බවයි.
කෙසේ වෙතත් වෘත්තීය සමිති නායකයින් පවසන්නේ මෙවැනි තත්ත්වයක් මීට පෙර කිසිදු රජයක් යටතේ සිදු නොවුණු බවත් වර්තමාන රජයට සම්බන්ධ වෘත්තීය සමිති ව්‍යාපාරයේ නියැලෙන පරණ රජයවල් වලින් සියලුම සැප පහසුකම් ලබා ගනිමින් හා විනය විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධව විනයානුකූල දඬුවම් ලැබූ සේවකයින් කණ්ඩායමක් වර්තමාන රජයට සම්බන්ධ වෘත්තිය සමිති ව්‍යාපාරයේ ඉහළ නිලධාරීන් කීප දෙනෙකුගෙ දේශපාලන හයිය පෙන්වමින් මෙම
මත්ද්‍රව්‍යා ව්‍යාපාරය එකට එකතු වී කරන සිදුවීම් පෙළක් බවයි.
කෙසේ වෙතත් මෙවැනි ආර්ථික වැදගත්කමකින් යුත් රටේ ජීවනාලිය බඳු ආයතනයක සේවකයින් මෙවැනි මත්කුඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී කටයුතු කිරීම පිළිබඳව හා මේ පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුව මගින් හෝ යම් පාලනයක් කිරීමට බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා කඩිනමින් කටයුතු කළ යුතුය.
(තෙල් සංස්ථා සේවකයෙකු විසිනි)

