බන්ධනාගාර නිලධාරීන් එකොළොස් දෙනෙකු ඝාතනයට ලක්වී පොහොයක්වත් ගෙවී නොගොස් ඇත.එහි ශෝකය තවමත් බන්ධනාගාර නිලධාරීන් තුළ ඇත. එම ශෝකය දුක තිබුණත් බන්ධනාගාර උසස් නිලධාරීන් කෙලින පිස්සු වලින් නම් අඩුවක් නැත.ඉතිහාසයේ පළමු කාන්තා සහකාර අධිකාරිවරිය ලෙස දිස්නා කාරියවසම් මහත්මිය රාජසේවා කොමිෂන් සභාවෙන් පත්වීම් ලැබුවාය.වසර හතරකට අධික කාලයක් ඇයට මෙම තනතුර ලැබීමට ඉඩ අහුරා ලිපිගොනු යට ගසා තැබීමට බන්ධනාගාර මානව සම්පත් කොමසාරිස්වරයා පියවර ගැනීම ප්‍රසිද්ධ රහසකි.

එයට හේතුව වූයේ බන්ධනාගාර මානව සම්පත් කොමසාරිස් වන ඩොනල්ඩ් මුරගේ නමැත්තාගේ පෞද්ගලික හේතූන්ය.දිස්නා කාරියවසම් මහත්මිය රූපශ්‍රීයෙන් රූප සුන්දරියක් නම් නොවේ.ඇය සාමාන්‍ය ගැමි කතකි. ඇගේ දරුවන් වෛද්‍යවරුන්ය.ඩොනල්ඩ් මුරගේ කාන්තා ලෝලියකු මෙන්ම මත්පැන් බෝතලයට ඕනෑම ජඩ වැඩක් කිරීමට සූදානම් අයකි. ඔහුගේ කාන්තා ලෝලීත්වය නිසා දිස්නා කාරියවසම් පළමු සහකාර අධිකාරිවරිය වනු දැකීමට ඔහු අකමැති විය.ඒ තනතුර දේවිකා අළු පොත් ගොඩ නැමැති කාන්තාවට ලබාදීමට ඉමහත් උත්සාහයක් දැරුවද එය ව්‍යාර්ථ වූයේ ඩොනල්ඩ් මුරගේට හොරා දේවිකා චූවා සමන්ත නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමඟ පෙමින් වෙලී සිට මුදල් ගත් බව අනාවරණය වූ නිසා හිරේ යන්නට මත්තෙන් ඇය විශ්‍රාම ලිපි භාරදී සේවයට සමුදීම ඩොනල්ඩ් මුරගේගේ එම උත්සාහයත් ගඟට කැපූ ඉනිමෙන් විය.
නැවතත් දිස්නා කාරියවසම් ඉදිරිපෙළට පැමිණියාය.නැවතත් එම තනතුර අහිමි කිරීමට මුරගේ නමැත්තා සහකාර අධිකාරී තනතුරට දැමීමට පෙරට ගෙනාවේ රූමත් ගංගා නමැති නිලධාරිනියයි.
ඇයට ඩොනල්ඩ් මුරගේ භාහිර ස්ථානවල මුණගැසී හත් පොළේ දිවුරා ප්‍රකාශ කර ඇත්තේ කෙසේ හෝ සහකාර අධිකාරී තනතුර ලබා දෙන බවකි.එයට උපක්‍රමයක් වශයෙන් ඇයට විශ්‍රාම පූර්ව නිවාඩු යන ලෙස මුරගේ පැවසුවේ මාස තුනක කාලයක් තුළ දිස්නාකාරියවසම් ස්ථාන මාරු කොට ඇයව නැවත සේවයට එක් කරන්නේ සහකාර අධිකාරී වරියක ලෙස බව හත් පොළේ දිවුරමින් ප්‍රකාශකරමිනි.එහෙත් මුරගේට එම අවස්ථාවේදීත් වැරදුනේ දණසිංහ මහතා කොමසාරිස් ජෙනරාල් තනතුරේ වැඩ ආරම්භ කළ සැනින් විශ්‍රාම ඉල්ලා සිටි පිරිස විශ්‍රාම ගැන්වීම නිසාය.ගංගාට අල්ලපු අත්තත් පය ගහපු අත්තත් නැති විය. නැවතත් දිස්නාකාරියවසම් ඉදිරිපෙළට පැමිණියාය.කෙසේ හෝ ඇයට දෛවය හරස් නොවුනි. ඇයට තනතුර නීතියානුකූලව ලබාගත හැකි විය.

එහෙත් මුරගේ මේ පාරත් ඇයට ලැබෙන ඉතිහාසයේ පළමු අධිකාරිවරිය යන නාමය බිඳීමට පුනරුත්ථාපන අංශයේ සිටි කාංචනාටද සහකාර අධිකාරී නාමය පැලැන්දවීමට කටයුතු කර තිබීමෙන් පිළිබිඹු වන්නේ වත්මන් ජනාධිපති අනුර කුමාර සහ අධිකරණ ඇමැති හර්ශන නානායක්කාර අන්ධයන් හෝ ගොළුවන් බවය.කාංචනා යනු හිටපු ඇමතිනි පවිත්‍රාගේ මාමණ්ඩිය වන ඩබ්ලිව් .ඩී.ජේ සෙනෙවිරත්නගේ පැරැණි හිතවතියකි. එම හිතවත්කම් මත සෙනෙවිරත්න අධිකරණ ඇමතිව සිටි කාලයේ ගැසට් කිරීමකින් තොරව සේවයකට එක් කළ කාන්තාවකි.බන්ධනාගාර පුනරුත්ථාපන සේවා කාලය මත ඇය තම නාමය කැත කරගත් තැනැත්තියකි. මීගමුව ප්‍රදේශයේ මුදල් යහමින් තිබූ වයස්ගත පුද්ගලයකු කසාද බැඳ මරණාසන්න මොහොතේ ඔහුගේ කෝටි ගණනක දේපළ තමා සන්තක කර ගැනීම නිසා එම පුද්ගලයාගේ පවුලේ පිරිස් සහ පළමු කසාදයේ දරුවන් බන්දනාගාර මූලස්ථානය ඉදිරිපිටට පැමිණ සුද්ද සිංහලෙන් අමතන විට සියලුම බන්ධනාගාර ලොක්කෝ සිටියේ තම තමන්ගේ මේස යටය. එයින් පසු ඩොනල්ඩ් මුරගේ සමග ඇති වූ සමීප සම්බන්ධතාවය මත ඇයටද සහකාර අධිකාරී තනතුරක් ලබාදීමට පොරොන්දුවක් දී තිබුණි.මේ සියල්ල කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත දැන සිටියද ඔහුගේ තනතුර අහිමිවන නිසා කසාය බිව් ගොළුවෙකු මෙන් කාලයේ ගත කිරීම ගැටලුවකි. මානව සම්පත් කොමසාරිස් වරයා මෙලෙස අත්තනෝමතික තීන්දු තීරණ ගනිද්දි අනෙක් සියල්ලෝම බලා සිටීමෙන් සිදු කරන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට කොකා පෙන්වීම නොවේද?

