ශ්‍රී ලංකා බැඩ්මින්ටන් මූලස්ථානයේ සේවය කරන තරුණ නිලධාරිණියකට බලහත්කරයෙන් ලිංගික අතවර කිරීමට එහි සභාපති රොෂාන් ගුණවර්ධන කටයුතු කර ඇත. ඉන් අගතියට පත් තරුණ නිලධාරිණිය මෙම සිදුවීම පිලිබද බැඩ්මින්ටන් සංගමයේ බලධාරීන් හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේවත් ලිඛිතව දැනුවත් කර තිබේ.
බඩු ගුණේ ලෙස බැඩ්මින්ටන් ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධියට පත් බැඩ්මින්ටන් සංගමයේ සභාපති රොෂාන් ගුණවර්ධණට ලිංගික අතවර චෝදනා එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවේ. ක්‍රීඩිකාවන් මෙන්ම ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන්ද අවස්ථා කිහිපයකම මේ පිලිබද පැමිණිලි කර ඇත. එහෙත් මෙතෙක් කිසිදු අවස්ථාවක ඒ පිලිබද බලධාරීන් කටයුතු කර තිබුනේ නෑත.
මේ අතර ලබන 20 වනදා බැඩ්මින්ටන් විධායක කමිටු රැස්වීමක් බැඩ්මින්ටන් සංගම් මූලස්ථානයේ පැවැත්වීමට නියමිතයි. එහිදී සභාපතිවරයාගේ ලිංගික අසහනය තුරන් කිරීමට අවශ්‍ය පියවර එහිදී ලබා ගන්නා තුරු සියලු දෙනාම බලා සිටියි.
එමෙන්ම බැඩ්මින්ටන් මූලස්ථානයේ සේවය කරන කාන්තාවකට ලිංගික අතවර සිදුකර සිදු කිරීම පිලිබද ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද ? සියලුම ක්‍රීඩා සංගම් මේ පිලිබද විමසිල්ලෙන්.
2026-07-17

