පාරිභෝගික අධිකාරියේ නිලධාරින් වැටලීම් කරන්නට එන්නේ කලින් දැණුවත් කරලා

තෙල්දෙණිය නගරයේ සුපිරි වෙළඳසැල් සහ අනෙකුත් මහජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලු පාරිභෝගික ද්‍රව්‍ය අළෙවි කරන  වෙළඳ සැල්  පරීක්ෂාව සඳහා පාරිභෝගික අධිකාරියේ නිලධාරින් මහනුවර සිට  පැමිණෙන බව කල් තියා එම වෙළඳ සැල් වල සේවකයන්ට දන්වන්නේ තමන් පැමිණෙන බව  වෙළඳ ආයතන ප්‍රධානියාට  දුරකතන මාර්ගයෙන් දැනුම් දීමක්කරන ලෙස දන්වමිනි.

මෙවැනි දූෂිත නිලධාරින්  රාජ්‍ය සේවයේ සිටින තාක් කල් ,මාළිමා ආණ්ඩුවට  ජනාධිපති වරයා ඇතුලු   කිසිවෙකුට  රටෙහි වංචා දූෂණ අක්‍රමිකතා වළක්වාලිය හැකිද යන්න ප්‍රශ්ණයකි.මේ බව   අනාවරණය   වූයේ එක්තරා වෙළඳ ආයතනයකට  ආහාර ද්‍රව්‍ය මිළදී ගැනීමට ගිය පාරිභෝගිකයෙකුට ,පාරිභෝගික  අධිකාරියේ නිලධාරින්  පැමිණෙන බව ,ආයතනය හිමිකරුට  දන්වන්නැයි එහි කාර්ය මණ්ඩලය කල කතා බහකිනි.

අහිංසක පාරිභෝගික ජනතාව සූරා කමින් ඉතා අසාධාරණ ලෙස හිතූ හිතූ මිළ ගනන් අයකරමින්  අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අළෙවි කරන ඇතැම් කූඨ වෙළඳුන් ව්‍යාපාරිකයන්  මර්ධනය කරන්නට ජනතාවගේ බදු මුදලින් නොමිළේ අධ්‍යාපනය ලබා  ජනතාවගේම බදු මුදලින් යැපී තම දරු පවුල්රකින  පාරිභෝගික අධිකාරීයේ ඇතැම්  දූෂිත නිලධාරින් වැටලීම් කරන්නට පෙර ,වෙළඳ ආයතන හිමිකරුවන් දැණුවත් කර පැමිණෙන්නේ  ඔවුනට ජරාව කුට්ටි පිටින් එකතු කර ගන්නටය.

මෙවැනි දූෂිත නිලධාරින් ගැන හෙළි වූයේ අහම්බෙනි.වෙළඳ සැලට බඩු ගන්නට ගිය පාරිභෝගිකයෙකුගේ කණට මෙම  දෙබස ඇසුණු නිසා  ඇතැම්  පාරිභෝගික අධිකාරියේ  දූෂිත නිලධාරින්ගේ  සැබෑ තත්ත්වය අවබෝධ කර ගත හැකි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *