හනීෆ් යූසුෆ් බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමට තීන්දු කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධනගේ බියවැද්දවීමක් නිසා බව වාර්තා වේ.
හනීෆ් ඉල්ලා අස්වීම ලබාදීමට දෙසතියකට පමණ පෙර වජිර අබේවර්ධන ඔහුව හමුව තිබේ.
ඒ අවස්ථාවේ ඔහු හනීෆ් තවමත් ඔහුට අයත් සමාගම්වල (සියයකට අධික) අධ්‍යක්ෂ ධූරය දරන්නේ දැයි විමසා තිබේ.
ඔහු පිළිතුරු ලෙස ඔව් යැයි වජිරට පවසා ඇත.
තමා මේ කරුණ සම්බන්ධයෙන් එළියේ කතා නොකරන්නේ හනීෆ් මිතුරෙකු නිසා බවත්, නැතිනම් සමාගම් අධ්‍යක්ෂ ධූර දරමින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරය දැරීම ව්‍යවස්ථා විරෝධී බව කියමින් ඔහු බියවද්දා ඇති බව පැවසේ.
එසේ හනීෆ්ව බිය වැද්දූ වජිර සිරිකොතේ මූල්‍යමය අඩුපාඩු ගැන ද පවසා ඇතැයි ද විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.
කෙසේවුවද, පසුව හනීෆ්ගේ හිතවතුන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළාත් ආණ්ඩුකාරවරුන් ගැන සඳහන් වන්නේ ප්‍රධාන වශයෙන් 154B වගන්තියේ බවත්, එහි ආණ්ඩුකාරවරයාගේ පත්කිරීම, කාලසීමාව සහ ජනාධිපතිවරයාගේ අභිමතය යටතේ ධූරය දැරීම ගැන සඳහන් වන නමුත්, “සමාගම් අධ්‍යක්ෂධූර දැරිය නොහැක” යන කරුණක් නොවන්නේ යැයි පෙන්වා දී ඇතැත් එය හනීෆ්ගේ තීන්දුව පාලනය කිරීමට නොහැකි වී ඇති බවද වාර්තා වේ.

