පසුගිය දිනක පාර්ලිමේන්තුවේ දී සභානායක බිමල් රත්නායක විශේෂ හෙළිදරව්වක් කලේය. ඒ රවී සෙනවිරත්න ලේකම් ලෙස පත් කළේත්, ශානි අබේසේකර නැවත සේවයට කැදවා පාස්කු ප්‍රහාරය විමර්ශනය කිරීමට භාර දුන්නේත් කාදිනල් මැල්කම් රංජිත් ගේ ඉල්ලීමට බවය. එසේම බිමල් රත්නායක කීසදහන් කළේ ශානි අබේසේකර යනු පාස්කු ප්‍රහාරයේ වින්දිතයකු බවයි. බිමල් රත්නායක අත්තන ඇට කා පාර්ලිමේන්තු එනවාදැයි නොදනිමි. ඒ පාස්කු ප්‍රහාරය නිසා මාගේ ඥාතීන් දෙදෙනෙකු මියගිය අතර ශානි අබේසේකර ගේ පවුලේ මියගියේ කවුදැයි මා දැන ගැනීමට කැමැත්තෙමි.දැන් කතාව හොඳින් පැහැදිලි ය. කාදිනම් මැල්කම් රංජිත්ට පාස්කු ප්‍රහාරය දැන් හිඟන්නා ගේ තුවාලය ලෙස ඔහුගේ සහ ඔහුගේ ඥාතීන් ගේ දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට එදා අද සහ හෙට භාවිතා කරමින් සිටීයි. පාස්කු ප්‍රහාරය නියත වශයෙන්ම එල්ලවෙන බව දැනගෙන සිටි කන්ඩායම අතර දේශපාලකයන්ට අමතරව කාදිනල් මැල්කම් රංජිත් ද සිටීයේය. එය මා කියන්නේ ස්ථිර ලෙසම සාක්ෂි සහිතවය. අප අදහන රෝමානු කතෝලික ධර්මය අනුව අපගේ ජීවමාණ පියානන් ලෙස සලකන්නේ ශුද්ධෝත්තම පාප් වහන්සේ ය. ඉන් පහලට කාදිනල්වරු, ආච් බිෂොප්වරු, බිෂොප්වරු ලෙස නායකත්වය ගෙන සිටින්නේය. මෙම නායකයන් අත් නොහැර සහභාගී විය යුතු දේව මෙහෙයම් තුනක් ඇත. ඒ සෑම වසරක් උදාවෙන දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රී 12 ට පැවැත්වෙන දේව මෙහෙය, පාස්කු ඉරිදා දේව මෙහෙය. සහ දෙසැම්බර් 24 දින මධ්‍යම රාත්‍රීයේදී පැවැත්වෙන දේව මෙහෙයයන් වේ.
එවැනි දේව මෙහෙයන් පාප්තුමා ගේ සිට පහලට කිසිම පූජකවරයකු මඟ නොහැර සහභාගී වේ. හොදම උදාහරණය පසුගිය අප්‍රේල් 21 දින ස්වර්ගස්ථ වූ ප්‍රැන්සිස් පාප් වහන්සේ රෝගී තත්වයේ සිටියදීත් ඊට පෙර 20 දින වතිකානුවේ පැවති පාස්කු දේවමෙහෙයට සහභාගි වූහ. පසුදින පාන්දර උන්වහන්සේ ස්වර්ගස්ථ වුහ.
එහෙත් 2019 අප්‍රේල් 21 දින එනම් පාස්කු ප්‍රහාරය එල්ලවූ දින කාදිනල් මැල්කම් රන්ජිත් ඇතුළු කිසිම නායක පූජකවරුන් පාස්කු දේව මෙහෙයන්‍ට සහභාගී උනේ නැත. එය සැක උපදවන කරුණක් නොවන්නේද? කාදිනල් මැල්කම් රංජිත් හට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සමග පුද්ගලික ආරෝවක් ඇත. ඒ ඔහුගේ ඥාති බෑණා වූ මහින්ද රාජපක්ෂව පරාද කර 2015 දී ජනාධිපති වීමයි. ඒ නිසා පාස්කු ප්‍රහාරය සිදුවන බව දැන දැනම එය කතෝලික බැතිමතුන් වන අපිට නොකියා අපව ප්‍රහාරයේ ගොදුරක් වීමට දී ඉන්පසුව ඒ ගැන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු කන්ඩායමක් පිට වරද පටවා පිලාත් රජතුමා මෙන් කාදිනල් රංජිත් දෑත සෝදා ගත්තාට පව් කමා වෙන්නේ නැත.
පාස්කු ප්‍රහාරය තඳින්ම දැනුනේ මීගමුවේ ජීවත්වෙන අපටය. ඒ නිසාම මේ ගැන සත්‍ය හෙළිදරව් කරගැනීමේ ශුද්ධ වූ අයිතිය අප සතුය. එය ඉටුකර ගැනීම සදහා අප අතරින් මුලින්ම පෙරට ආවේ අප සහෝදරයකු වූ ශෙහාන් මාලකය. ඔහුට එරෙහිව පලමු ගල ගැසුවේ කාදිනල් මැල්කම් රංජිත් ය. ඔහුට ඒ සදහා සීඅයිඩී ලොක්කන් නොමද සහයක් ලබා දුන්නාය. ශෙහාන් මාලකට එරෙහිව නඩු පැවරුවාය. ඒත් අපි ශෙහාන් සමග පවුරක් ලෙසට සිටි අතර පූජකවරුන් බොහෝමයක්ද ශෙහාන් මාලක වෙනුවෙන් පෙනීසිටියාට ලංකාවේ රෝමානු කතෝලික පල්ලියේ පූජකවරුන් දෙපැත්තකට බෙඳුනේය. ඒ ශෙහාන් මාලකගේ ආරක්ෂා වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම සහ කාදිනල්ගේ ආරක්ෂා වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම වශයෙනි. ශෙහාන් මාලකට හිතැති කණ්ඩායම දිනෙන් දින වර්ධනය වෙමින් පැවති නිසා කාදිනල් මැල්කම් රංජිත්ද ඔහුගේ අනාගත පැවැත්ම වෙනුවෙන් අංශක 180 ක් හැරී ශෙහාන් මාලක දැරූ මතයට එකගවිය.
පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම ගැන හිටපු ජනාධිපති ආරක්ෂක ලේකම් පොලිස්පති ආරක්ෂක උපදේශක සහ ජාතික බුද්ධි කාර්යාංශයේ ප්‍රධානියා ඇතුළු කණ්ඩායමක් වැරදි කරුවන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබාදුන් අතර වැරදි කරුවන් වූ සැම කෙනෙකුටම මුදලින් දඩයක් නියම කෙරිනි. ශෙහාන් මාලක සමග අපි ඒගැන කරුණු සොයා ගැනීමේදී පාස්කු ප්‍රහාරය ඇති වීමට මාර්ගය පාදා දුන් තවත් දෙනෙනෙකු අපට හඳුනාගත හැකිවිය. ඒ කවුරුත් නොව වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ වත්මන් සීඅයිඩී අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ය. ශ්‍රේෂ්ඨාධිකරණය දඩුවම් නියම කලවුන් ගෙන් රාජ්‍ය බුද්ධි කොට්ඨාශයේ ප්‍රධානියා වූ නිලන්ත ජයවර්ධන හැර පාස්කු ප්‍රහාරය සිදුවන බව දැන ගන්නේ 09/04/2020 දින හෝ ඊට ආසන්න දිනකදීය. නමුත් නිලන්ත ජයවර්ධන ගේ ලිඛිත දැනුම්දීම මත මේප්‍රහාරය එල්ලවෙ බව එවකට සීඅයිඩී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස සිටි රවී සෙනවිරත්න සහ එවකට අධ්‍යක්ෂක ලෙස ශානි අබේසේකර යන දෙදෙනාම ශහරාන් ඇතුළු මුස්ලිම් අන්තවාදී ගැන දැන ගන්නේ 2025ජනවාරි25 තරම් ඈත දිනකය.
පාස්කු ප්‍රහාරය ඇති වූවාට පසුව ඒ ගැන පරීක්ෂණ පැවැත්වීම භාර වූයේත් පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට අවස්ථාව තිබියදීත් එය නොකර තම රාජකාරී වගකීම පැහැරහැරි සීඅයිඩී ය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්නට සහ සීඅයිඩී හි අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර යන දෙදෙනාටය. සිදුවූයේ කුකුල් කොටුවේ දොර හැරම නරියාට බාර දුන්නා වගේ වැඩක් ය. ඔවුන් දෙදෙනා පරීක්ෂණය පටන් ගත්තේම මුල වරද්දා ගෙනය. ඒ පාස්කු ප්‍රහාරය එල්ලවෙන බව මොනයම් ආකාරයකින් හෝ දැන සිටියාද කියා කාදිනල් මැල්කම් රංජිත් ගෙන් ඇසුවේ නැත. ඒ නිසා කාදිනල් මැල්කම් රංජිත්ට රවී සෙනවිරත්න සහ ශානි අබේසේකර යන දෙදෙනා කිසි දිනක නොවිසදන පාස්කු ප්‍රහාරයේ පරීක්ෂකයන්ව සිටීම අවශ්‍ය ය.
ශහරාන් යනු අයිඑස් අයිඑස් මූලධර්මවාදී අදහස් ඇති අයිඑස් අයිඑස් මාදිලියේ කෲර මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම්ව සිටින පුද්ගලයකු බව රාජ්‍ය බුද්ධි සේවය මගින් ලිඛිතව 2019ජනවාරි 25 තරම් ඈත දිනක දී දැනුම් දී තිබුණද ඒ පිළිබදව පරීක්ෂා කිරීමට 700 ක නිළධාරීන් සංඛ්‍යාවක් රාජකාරි කල සීඅයිඩීය වෙන් කර තිබුනේ නිළධාරීන් 05 දෙනෙකු පමණි. සීඅයිඩීය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න සහ සීඅයිඩී අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ක්‍රියාකර තිබුනේ එසේය. ඒ පාස්කු ප්‍රහාරය වැනි මිලේච්ච ප්‍රහාරයක් එල්ල වීම වැලක්වීමට යාන්තමට හෝ අවශ්‍යතාවයක් ඔවුන්ට තිබුනා නම් එසේ නිළධාරීන් 05 දෙනෙකුට බර පටවා දෑත සෝදා ගනීද? එපමණක් නොව රවී සෙනවිරත්න ට සහ ශානි අබේසේකර දෙදෙනාට වතාවිල්ලුව ලැට්ටෝ වත්තේදී පුපුරන ද්‍රව්‍ය සමග අත් අඩංගුවට ගත් සැකකරුවන් මුදා හැරීමට තිබූ හදිසිය සහ හිටපු ජනාධිපතිවරයා ද නොමග යවා එම සැකකරුවන් මුදාහැරියේ කාගේ උවමනාවටද ඒ සදහා රවී සෙනවිරත්නට සහ ශානි අබේසේකරට කොතරම් මුදලක් ලැබුනේද යන්න දන්නේ ඔවුන් දෙදෙනාම පමණි. වනාතවිල්ලුවේදී අත් අඩංගුවට ගත් සැකකරුවන් ගෙන් එක් අයකු මුලදීම නිදහස් කල අතර මොහොමඩ් හෆීස් මොහොමඩ් නෆ්රීන් සහ මොහොමඩ් හෆීස් මොහොමඩ් හචීස් යන දෙදෙනා රදවා තබාගැනීමට ගෙන තිබූ රදවා තබාගැනීමේ නියෝගය අවසන් කරන ලෙසට ලේඛන සකසා ජනාධිපති වරයාගේ අත්සන ගෙන නිදහස් කර ඇත්තේ ඔවුන් පාසල් සිසුන් කියාය. ඒ බොරුව කොතරම් ද කියනවා නම් එවකට පාසල් සිසුවකු නොවූ මොහොමඩ් නෆ්රීන් ගැන එසේ සදහන් කරේ ඇයිද යන්න ගැන රවී සහ ශානි රටට කිව යුතුය. කාදිනල් ගේ පව් රවී සෙනවිරත්න සහ ශානි අබේසේකර දෝවනය කරන අතර රවීගේ සහ ශානි ගේ පව් කාදිනල් විසින් සෝදනු ලබයි. අපරාධ කරුවන්ට අපරාධ කරුවන් සෙට් වෙන්නේ එසේය. කාදිනල් ගැන සහ ශානි අබේසේකර ගැන ගුණ වර්ණනා කිරීමට බිෂොප් හවුස් එකෙන් සහ ශානි අබේසේකර ගෙන් මාසික දීමනා ලබන මාධ්‍ය වේදියකු කියා ගන්නා තරිඳු ජයවර්ධන නම් පුද්ගලයකු සිටීයි. ඔහු ශානි අබේසේකර ගේ පුද්ගලික මාධ්‍ය ප්‍රකාශක ලෙසට කටයුතු කරයි. ඔහු තරම් පාස්කු ප්‍රහාරය ගැන දන්නා මාධ්‍යවේදියකු මෙලොව නැත. ඔහු කරන්නේ කාදිනල් , රවී සෙනවිරත්න සහ ශානි අබේසේකර ආරක්ෂා කිරීමට අල්ලේ පැලවෙන බොරු කීමය. මෙම ලිපියෙහි මා විසින් කාදිනල් මැල්කම් රංජිත්ට වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේඛම් රවී සෙනවිරත්නට වත්මන් සීඅයිඩී අධ්‍යක්ෂක ශානි අබේසේකරට එල්ල කර ඇති චෝදනා වලට පල්ලියෙන් සහ ශානි අබේසේකර ගෙන් මාසික දීමනා ලබන මාධ්‍ය ඔස්ථාර් වරයෙකු ලෙස පෙනී සිටින තරිඳු ජයවර්ධනට හැකිනම් උත්තර දෙන ලෙසට අභියෝග කරමි. ඒ සදහා අවස්තාවක් ඔහුටද ලබාදෙන ලෙසට මෙම වෙබ් පිටුවෙහි කතෘ තුමාගෙන් ඉල්ලා සිටිමි.
කාදිනල් මැල්කම් රංජිත්ගේ මේ රංගනය ඊලග වටයේ කරළියට එන්නේ ඊලග ජනාධිපතිවරණයේදී ය. ඒ පාස්කු ප්‍රහාරය ගැන හොයන්න අනුර දිසානායකටත් බැහැ ඒකට අපි රට නාමල් රාජපක්ෂට භාරදෙමු කියාය. නාමල් රාජපක්ෂ යනු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුතා පමණක් නොව කාදිනල් මැල්කම් රංජිත් ගේ මුණුපුරා බව දන්නේ කීයෙන් කී දෙනාද? කාදිනල් ගේ ඒ කොන්ත්‍රාත්තුවට රවී සෙනවිරත්න ගේ සහ ශානි අබේසේකර ගේ සහය ව්‍යංගාර්ථයෙන් දැනටද ලැබෙමින් පවතී.
අවසන් වශයෙන් තව එක් දෙයක් කියමි. ජනාධිපති අනුර දිසානායක මහතා පාස්කු ප්‍රහාරය ගැන සාධාරණ පරීක්ෂණයක් නොකොට කාදිනල් ගේ පදයට නැටීමට ගියහොත් ඊළග ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ඔබ තුමාගේ පක්ෂයට ගෙදර යන්න වෙන්නේ බිංදුවට වැටිය.
සුරාජ් ප්‍රනාන්දු -මීගමුව.
(විද්‍යුත් ලිපිනයට ලැබුණු ලිපියකි)මෙම ලිපිය විවාදයට විවෘත අතර ඔබගේ එවැනි ලිපි info@voiceofsrilanka.com යන විද්‍යුත් ලිපිනයට යොමු කරන්න.

