අත් විලංගු දා එදා  ලෙසටම අදත් සිදුවන මනුෂ්‍ය ඝාතන

 කහවත්ත පොලිස් වසමේදී සිවිල් ඇඳුමින් සැරසී පැමිණි පානදුර වලාන ඒකකයේ කියාගත් ආයුධ සන්නද්ධ කණ්ඩායමක් තරුණයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස්  පොලීසිය පාවිච්චි කරන අත් විලංගු දමා එක් අයෙකුගේ හිසට වෙඩිතබා ඝාතනය කර අනික් තරුණයාගේ කකුලට වෙඩි තබා දමා ගොස් තිබුණි.

ඉතිහාසයේද මේ ලෙසටම සිදුවීමක් සිදු විය. ඒ 2005 වසරේදී බොරැල්ල පොලිස් වසමේ 45 වත්තට සිවිල් ඇඳුමින් සැරසුණු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් සුදත් රෝහිත නොහොත් නයිට් රයිඩර් නමින් ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය  ජාවාරම් කරුවෙක්ව පැහැරගෙන ගොස් ඊට පසුදින ඔහුව අත් විලංගු තිබියදීම ඝාතනය කර බොල්ගොඩ ඇලේ බංඩාරගම පොලිස් වසමට පෙදෙසක දමා තිබී හමුවිය.

මේ පිළිබදව වැඩි විස්තර සොයා යාමේදී තවත් අපරාධයක තොරතුරු අනාවරණය විය. ඒ ඇල්ල රෙස්ටුරන්ට් හිදී සහකාර පොලිස් අධිකාරී වරයෙකු  ඝාතනය කිරීමේ කතාවයි. එම සහකාර පොලිස් අධිකාරී වරයා ඝාතනය කල සැකකරු සන්තකයේ තිබූ පිස්තෝලයක් පොලීසිය භාරයට ගැනුනි. එම අවියෙහි ඇති අංකය පිළිබදව පරීක්ෂා කිරීමේදී හෙළිදරව් වූයේ කඩවත පොලීසියේ සේනාරත්න නම් උප පොලිස් පරීක්ෂක වරයෙක් වෙත එම ගිණි අවිය නිකුත්කල එකක් බවයි. නමුත්  එම නිළධාරියා සතුව එම අංකයටම පිස්තෝලයක් තිබුණි. ප්‍රශ්නය විසදීමට පිස්තෝල දෙකම රජයේ රස පරීක්ෂක වෙත යැවූ අතර පරීක්ෂණ ප්‍රතිපල අනුව සහකාර පොලිස් අධිකාරී වරයාට වෙඩි තබා තිබුනේ මුල් පිස්තෝලයෙන් වන අතර උප පොලිස් පරීක්ෂක සතුව තිබී ඇත්තේ මෙම අංකය දර්ශනය වන ලෙසට අංකය කොටන ලද වෙනත් පිස්තෝලයකි. උප පොලිස් පරීක්ෂක වරයාට රැකියාව අහිමි විය. පසුව ඔහු නීතීඥ වෘත්තියට සම්භන්ද වූ අතර එම නීතීඥයාගේ හිසට පිස්තෝලයකින් ඉහත සදහන් කළ මරාදැමූ සුදත් රෝහිත නොහොත් නයිට් රයිඩර් පහර දී ඇති බවට කතාවක් පැතුරුණි.

මෙම පැහැරගෙන යාම් දෙකේම සහ ඝාතනයන් දෙකේම පැහැදිලි සමානකම් ඇත. මෙම ඝාතන දෙකේදීම මරණකරුට අත් විලංගු දමා තිබුණි. මෙම අත් විලංගු බොහෝ විට භාවිතා කරන්නේ පොලිස් දෙපාර්තමේන්තුව හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවයි .එහෙත් බන්ධනාගාරය පාවිච්චි කරණු ලබන අත් විලංගු මීට බොහෝ වෙනස් ය. මරණ කරුවන් දෙදෙනාටම දමා තිබූ අත් විලංගු වල අංක සදහන් කර ඇත. සහකාර පොලිස් අධිකාරී වරයාට වෙඩි තැබූ පිස්තෝලය නිකුත් කර තිබුණේ කාටද යන්න සැකයකින් තොරව දැනගත්තා සේම මෙම අත් විලංගු දෙකෙහි සදහන් අංක ගැන විදිමත් පරීක්ෂණයක් සිදුකරේ නම් එම අත් විලංගු කුමන පොලිස් ස්ථානයට නිකුත් කරාද යන්න ඉතාමත් ලෙහෙසියෙන් සොයාගත හැකිය. එසේ නොකරන්නේ නම් ඒ පොලීසියට වසන් කිරීමට යමක් ඇති නිසාය.

වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයම පොලීසියකි. ඇමතිවරයා , ලේකම්වරයා, සම්බන්ධීකරණ ලේකම්වරයා සහ උපදේශකවරයා යන සියළුම දෙනා හිටපු පොලිස් නිළධාරීන් නිසා ඔවුනට කිසිවෙකුට වෙට්ටු දැමිය නොහැක. ඉහත ඝාතනයන් දෙක ගැනම විනිවිද භාවයෙන් යුතු පරීක්ෂණක් මහජන ආරක්ෂක අමාත්‍යාංශය මැදිහත් වීමෙන් සිදු කළ හොත් අපරාධකාරයින් හදුනා ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *