දැනට වී මෝල් හිමියන් හා වී තොග රැස්කරන්නන් ළග ඇති වී තොග සමිබන්ධයෙන් සංගණනයක් කරන ලෙසට ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා කෘෂිකර්ම අමාත්‍යංශයට හා වෙළද අමාත්‍යංශයට කළ නියෝගයෙන් පසුව පාර්භෝගික සේවා අධිකාරියේ ලියන්නන් විසින් මොල් හිමියන් ලබා දෙන ඉලක්කම් රැගෙන යන ලේඛණය පුරවා දිමේ සුපුරුදු ක්‍රියාවලියේ නිරතවිම ආරම්භ කර තිබෙි.
ව්‍යාපාරකයින්ගේ අපේක්ෂාව ලාභ ඉපයිම වුවත් නිළදාරින්ගේ රාජකාරිය තමන්ට වැටුප් ගෙවන ජනතාවට සේවය කිරිම බව හදුනා නොගන්නා නිළධාරින් සිටින රටක රට වැටි ඇති ආගාධයෙන් ගොඩ ගැනිමට ජනාධිපතිවරයා ප්රමුඛ රජයට පමණක් නොහැකි බව මුලින්ම සදහන් කරන්නේ එම නිළධාරින් ලොකු මොල්ලු ඉදිරියේ හැසිරුණු ආකාරයටය.
එම මොල්ලු ලබා දෙන තොරතුරු හා ඉලක්කම් ටික ගමේ ග්‍රාමසේවක ඊට වඩා හොදින් සොයා දෙන බව නම් අනිවාර්ය්‍යන් කිව යුතුය.ඊට හේතුව ඔහුන්ට ඊටවඩා තොතරතුරු රැස් කිරිමට හාකියාව ඇති නිසා වෙනි.
කෙසේ වෙතත් මේ වන විට ප්‍රධානයැයි සැලකෙන පොලොන්නරුවේ අරලිය , නිපුන, රත්න යන එක සහල් මොල්ක දෛනික නිෂ්පාදනය සහල් මේට්‍රික් ටොන් ලක්ෂ පහකට වැඩි වන අතර ඒ අනුව සහල් මේට්‍රික් ටොන් ලක්ෂ 15කට වැඩි ප්‍රමාණයක් එළියට පැමිණෙයි.එහෙත් ඔවුන් පාරිභෝගික අධිකාරියේ ලියන්නන්ට ලබා දුන්නේ එම සෑම මෝලක්ම මේට්‍රික්ටොන් ලක්ෂයකට වඩා අඩුවෙන් නිෂ්පාදනය කරන බවයි.
ඊට අමතරව මධ්‍ය ප්‍රමාණයේ මෝල් ලෙස සැලකෙන නවනි, සෙවිම්නි ,වී හේන , ජයවික්‍රම, හිරු ආදි මෝල් ද දිනකට වී මේට්‍රික්ටොන් ලක්ෂයක් අතර ප්‍රමාණයක් පමණ සහල් කරයි.මොවුන්ද හරි තොරතුරු ලබා නොදි ඇති අතර ලොක්කන් අනුගමනය කළ නිය්යයම කළේය.
මොල්ලු පවසන පරිදි යලකන්නයේ නඩු වී නොලැබුණ බව පැවසුවත් වැඩි දෙනෙක් නඩු වී වගා කර තිබු බව සදහන් කළ යුතුය.මේවා පරික්ෂා කරන නිළධාරින් අඩුම තරමේ මෙම ව්‍යාපාරිකයින් ළග ඇති යන්ත්‍ර පිළිබද අධ්‍යනයක් කළ යුතුව ඇත.එහිදී මොවුන් ලබා දුන් තොරතුරු සත්‍ය එවාද යන්න ඔවුන් යන්ත්‍රවලට ලබා ගෙන ඇති විදුලි සමිබන්ධතාවයේ භාවිතා කරන එකක ප්‍රමාණයෙන් අනුව නිගමනයකට පැමිනිය හැකි බව සදහන් කළ යුතුය.
පසුගිය ආණ්ඩුවේ හිටපු ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහාතා ද මෙි ආකාරයට පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් යොදවා මාධ්‍ය සංදර්ශනයක දැමු අතර අවසානයේ කිසිවක් සිදු නොවිය.
එහෙත් වර්ථමාන ජනාධි පතිවරයා නිතරම මේ ප්රශ්නය සමිබන්ධයෙන් අද්යනයකින් සිටි නිසා නිළධාරින් ලබා දෙන තොරතුරු මතම යැපෙන්නැතිව සිය පරිනතභාවයෙන් කටයුතු කරනු ඇති බව ගොවි ජනතාව හා පාරිභෝගික ජනතාව බලා සිටිති.