හරක් කටා ඉන්දියාවෙිදීම නාකොටික් නිළධාරියා පන්නන්න හදලා

ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හරක් කටා ඉන්දියාවෙි සිට ගෙන එමට ගිය මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිළධාරියා සිය ගුවන් ගමන් බලපත්‍රය අස්ථාන ගත කර ගෙන නැවත  ලංකාවට පැමිණිම ප්‍රමාද කරවා ඒ කාලයෙන් ඔහුට පළා යෑමට අවස්ථාව ලබාදිමේ සැලසුමක් තිබු බව හෙළිකරගෙන තිබෙි.

හරක් කටා  ඉන්දියාවෙිදි හසුවු පසු ඔහු රැගෙන එම සදහා පොලිස් විශේෂ කාර්ය්‍ය බලකායේ නිළධාරියෙකුට අමතරව මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිළධාරියෙකුද ගොස්ඇත.

එහිදී එම මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිළධාරියාගේ ගුවන් ගමන් බලපත්‍රය අස්ථාන ගතවිම නිසා හරක් කටා රැගෙන ඒම ප්‍රමාද විය.

පසුව ආරක්ෂක අමාත්‍යාංශය විදේශ කටයුතු අමාත්‍යංශ්‍ය එක්ව රාජ්‍ය තාන්ත්‍රික මටිටමෙන් එම නිළධාරියාට පැමිණිමට අවශ්‍ය අවසරය ලබා ගෙන මෙරටට පැමිණ තිබෙි.

මත්ද්‍රව්‍ය නාශක අංශයේ නියොජ්‍ය පොලිස්පති උපාලි ජයසිංහ ද හරක් කටාලේ මාසික වැටුප් ලේඛණයේ සිටි බව සැනට සිදු කළ විමර්ශනයේදී හෙළිවි ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *