ලංකා විදුලි පුද්ගලික සමාගම හෙවත් ලෙකෝ සමාගමට පත් කර සිටින හිටපු විදුලි බල ඇමති කාංචන විජේසේකරගේ ගෝලයෙකු විසින් ආයතනය ඉහග කන තත්වයට පත්ව ඇති බව සේවකයින් පවසයි.
පසුගිය ආණ්ඩුව සමයේ විදුලි බල මංඩලයේ උපසභාපතිවරයෙකු ලෙස පත් කළ සිටි නරේන්ද්‍ර නැමති පුද්ගලයා වත්මන් ආණ්ඩුව විසින් ලෙකෝ ආයතනයේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙි.
සභාපතිවරයාට බිඑම්ඩබිලිව් මෝටරථයක් තිබියදී රුපියල් ලක්ෂ 863ක් වැය කර මර්සිඩීස් බෙන්ස් රථයක් මිලදී ගැනිමට සැලසුම් කර ඇත.ඊට අමතරව ආයතනයට අවශ්‍ය තරම් වාහන තිබියදී බී වයි ඩී මෝටර් රථ දහයක්ද මිලදි ගැනිමට කටයුතු කරමින් පවතින බව සේවකයෝ පවසති.
මිට අමතරව ලෙකෝ ආයතනයේ ප්‍රධාන කාර්යාලය නාරාහේන්පිට මහල් නවයකින් ඉදිකරන අතර ඒ සදහා මෙිවන විට රුපියල් කෝටි 16 අධික මුදලක් වැඩි පුර ගෙවා ඇති බවද වාර්ථාවෙි.
දැනට ප්‍රධාන කාර්යලය පිහිටි කොල්ලුපිටිය කාර්යාලය පසුගිය කාලයේ අලුත්වැඩියා කර ඇති අතර අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය යටත්ව ලක්ෂ හැටක සිමාවකට කොන්ත්‍රාත් ලබා දිය හැකි වුවත් එහි අලුත්වැඩියාව සදහා ලක්ෂ 127ක් වැය කර තිබෙි.එය ලබා දි ඇත්තේද ආයතනයේම සේවය කරන ගණාකාධිකාරිවරියකගේ ස්වාමියාට වන අතර එය අධ්‍යක්ෂණය කිරිම පවරා ඇතතේද ඔහූගේ සොහොයුරෙකු වන නුගේගොඩ ශාඛාවෙි සේවය කරන අයට බව වාර්ථාවෙි.
2025-10-10