මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ධූරයේ අපේක්ෂකයන් ලෙස ව්‍යාජව මවා ගත් ව්‍යාපාරික වෙස් ගත්තෝද , සමස්ත ලංකා බස්නායක නිළමේවරුන්ගේ සංඟමයේ සාමාජිකත්වය හෝ කිසිදු විහාර දේවාල ගම්පණත යටතේ පවතින දේවාලයක බස්නායක නිළමෙලා ද නොවන උඩරට සම්ප්‍රදායක නිළමේ ඇඳුම හැඳ චායාරූප වලට පෙනී සිටින හොර බස්නායක නිළමෙලාද සිටින බවත් ,මෙම අවයලුන් මතු වූයේ කොහෙන්ද යන්න මල්වතු අස්ගිරි මහා නායක හිමිපාණන් වහන්සේලාටත් බරපතළ ප්‍රශ්ණයක් වී තිබේ.
මහනුවරට හෝ උඩරටට කිසිදු සම්බන්ධයක්ද නැති ,මහනුවර ස්ථීර නිවසක්හෝ පදිංචියක් නැති වංචනිකයන් ජනතාව රවටමින් උතුම් වූ දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය භාර ගැනීමට ඉදිරිපත් වීමද බොහෝ දෙනෙකුගේ අප්‍රසාදයට හේතුවී තිබේ.විදෙස් රටවල් රැසක ව්‍යාපාර හිමි බව පවසන දේවාලයක බස්නායකධූරය හොබවන බව පවසන බොරුකාර නිළමෙලා කොහෙන් පාත් වෙනවාදැයි මහා නාහිමි වරුද ප්‍රශ්ණ කරයි.
දළදා මාළිගාවේ දියවඩන නිළමේ ධූරයට ඉදිරිපත් වන බව පවසා ප්‍රසිද්ධිය ලබා ගන්නටද කීප දෙනෙක් මේ දිනවල කටයුතු කරගෙන යයි. ඇතැම් දියවඩන නිළමේ අපේක්ෂකයන්ගේ නිවාස දේපල පවා බැංකුවලට උගස් තබා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු දැරූ බව කියන ඇතැම් දියවඩන නිළමේ අපේක්ෂකවරු ,මල්වතු අස්ගිරි මහා විහාරවලට වැස්සකටවත් නොපැමිණි අය බව එම විහාරවල හිමි පාණන්වහන්සේලා පවසති .
දළදා වහන්සේ විහිළුවට ලක් කරන ඇතැම් අපේක්ෂකයන්ට ස්ත්‍රී දූෂණ චෝදනාද එල්ල වී ඇත.ඇතැමුන්ගේ ව්‍යාපාර බංකොලොත් වී නන්නත්තාර වී සිටියි.මෙම අපේක්ෂකයන්ගේ නම් නිලවරණයට යෝජනා කරන්නටද ,බස්නායක නිළමේවරු නැති බව දැන ගන්නට ලැබිණි.දළදා මාළිගාවට කිසිදා නොපැමිණි අයවලුන්ද මෙම උත්තරීතර නිලයට ඉදිරිපත්වීම පිළිබඳව මහා නාහිමිවරු මවිතයට පත්ව සිටිති.
සමහර අපේක්ෂකයන් ගෙස්ට් හවුස් වල කාමර කුලියට ගෙන රැඳී සිටියි.නුවර හතර මායිම නොදන්නා එක් දියවඩන නිළමේ අපේක්ෂකයෙක් මහ රෑ කුලීපදනම මත ලබාගෙන ඇති නුවර ප්‍රදේශයේ ගමකට ගොස් පාර වැරදී වාහනය වලක වැටී අකරතැබ්බයකටද ලක්වූ බව ඔහුගේ ගෝලයන් පවසයි.තේ කොළව්‍යාපාරිකයන් ,සහ වෙනත් ඉඩම් බ්‍රෝකරුවරුන් ඇතැම් අපේක්ෂකයන්ට උපදෙස් දෙයි.සමහර අපේක්ෂකයන් විහාරස්ථාන වලට ගොස් පිත්ල පහන් බෙදති.
ජනාධිපති මැතිවරණයකටත් වඩා ප්‍රබළ දළදා මාළිගාවේ දියවඩන නිළමේ නිලවරණයට ඉදිරිපත්වී සිටින ඇතැමුන් බොරු කියමින් , රට වටේ යයි.ආරක්ෂයන් වෙනම මුදල් ගෙවා ලඟ තබා ගෙන සිටින සමහර අපේක්ෂකයන් ,තම නම් ගම් වාසගම් පවා ව්‍යාජව භාවිතා කරයි.
කිසිදු ව්‍යාපාරයක් හිමි නැති අපේක්ෂකයන් තම තමන්ගේ හිතවත් ව්‍යාපාරිකයන්ගෙන් ,මුදල් අතමාරුවට ලබාගෙන තමන් දියවඩන නිළමේ වුනොත් සලකන බව කියමින් කටයුතු කරයි.දළදා මාළිගාවේ විවිධ තනතුරු අපේක්ෂාවෙන් ඇතැමුන් දියවඩන නිළමේ අපේක්ෂකයන්ට අත දිගහැර මුදල් වියදම් කරයි.මේ සියල්ල නිහඬව බලා සිටින දළදා වහන්සේ වැඩ සිටිති.විවිධ ජාවාරම් කරන්නන් දියවඩන නිළමේ ධූරයට ඒමට දඟලන්නේ ගසාකෑමේ චේතනාවෙන් බව මහා සංඝයා වහන්සේලා මැනවින් අවබෝධ කරගෙන සිටිති.
උතුම් වූ ශ්‍රී දළදා වහන්සේගේ ඓතිහාසික ඉතිහාසය පිළිබඳව අබැටක දැණුමක් පැරණි පොත පතකින් හෝ අධ්‍යනය නොකල ඇතැම් අපේක්ෂකකයන් දේශපාළන පක්ෂ වල අපේක්ෂකයන් ලෙස හැසිරෙයි.සමහර අපේක්ෂකයන් රජ සමයේ සිටි නිළමේ වරුන්ගේ ඥාතී සබඳතා ඇති අය බව පවසමින් හැසිරෙයි. හිටපු දියවඩන නිළමේවරුන්ගේ ලේ ඥාතීන් කියමින්ද මෙවර දියවඩන නිළමේ අපේක්ෂකත්වයට ඉදිරිපත්වී සිටින ඇතැමුන්ට එවැනි ඥාතී සබඳතා නැතිබවද හෙළිවිය.
ජන්දය හිමි පාර්ශවයන් රවටමින් හැසිරෙන ඇතැම් අපේක්ෂකයන් තම බංකොලොත් ව්‍යාපාර ගොඩ නැගීමේ අරමුණින් බස්නායක නිළමේ ධූරය අවභාවිතා කරන බව ද චෝදනා එල්ලවී තිබේ.දළදා මාළිගාවේ දියුණුවට තඹ සතයක දියුණුවක් නොකල සමහර අපේක්ෂකයන් තමන් අහවල් පක්ෂයේ ,ආණ්ඩුවේ අපේක්ෂකයා යයි පවසයි.