කෝ දැන් දවසේ වෙඩිල්ල

 ඉන්දුනීසියාවේ දී කෙසෙල්බද්දර පත්මේ , කොමාන්ඩෝ සලින්ද ,තැබිලි ලහිරු සහ බැකෝ සමන් අත් අඩංගුවට පත්වීමත් සමගම ලංකාවේ සංවිධානාත්මක අපරාධ කල්ලි වල ක්‍රියා කාරකම් නිහඩ වීමේ අහඹු සිදුවීමක් නොවේ. එයට හේතුව වූයේ ඔවුන් අත් අඩංගුවට පත්වන තෙක් ලංකාව තුල දිනපතා සිදුවූ වෙඩි තැබීම් සහ මිනිස් ඝාතන වලින් බොහොමයක් පිටුපස මෙම කණ්ඩායම විසින් මෙහෙයව ලද දේශිය අපරාධකරුවන් පිරිසක් සහ විපක්ෂ දේශපාලඥයන් පිරිසක් සිටීමයි.

ඒ අනුව පසුගිය කාලයේ මාධ්‍යනාලිකාවල ප්‍රධාන මාතෘකාව වුයේ දවසේ වෙඩිල්ලය. ඊට අමතරව මේ වර්ෂය තුළ සිදු කළ වෙඩි තැබිම් හා ඉන් මිය ගිය හා තුවාල ලැබුවන් සම්බන්ධ ගණනය කිරිමද ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබිණි.ඒත් මෙම සංවිධානත්මක අපරාධ කණ්ඩායම්වල ප්‍රබලයින් අත්ඩංගුවට ගැනිමත් සමග වෙඩි පත්තුවිමද නතර විය.

විපක්ෂ දේශපාළුවන්ට අවශ්‍ය වූයේ වත්මන් ආණ්ඩුව අසමත් බව ජනතාව තුල ඒත්තු ගැනිවීමට හා සමාජය තුල භීතිය පැතිර වීමට අපරාධ කරුවන් උසි ගැන්වීමය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අවශ්‍ය දේ ඔහු කියන්නේ ඔහුගේ හිතෛෂී සම්පත් මනම්පේරිටය. ඔහු එය කියන්නේ බැකෝ සමන්ටය .ඔහු ලබාදෙන නියෝග ක්‍රියාත්මක කිරීමට ඔවුන්ගෙන් නඩත්තු වන යුධ හමුදාවේ සේවය කල සහ පලාගිය වෙඩික්කරුන් කණ්ඩායමක් සැදී පැහැදී සිටී.

 එසේම දැනට බෙලරුසියාවේ සැගවී සිටින කංජිපානි ඉම්රාන් සමග පාර්ලිමේන්තුව මන්ත්‍රී මුජිබර් රහමන් ඍජු සම්භණ්දතා පවත්වනව බව ප්‍රසිද්ධ රහසකි. මුජිබර් රහමන්ගේ මාලිගාවත්තේ ඇති බිල්ඩිම බදු දී ඇත්තේද කංජිපානි ඉම්රාන් ටය.වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ,හරේන් ප්‍රනාන්දු ,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂන රාජකරුණා වැන්නවුන් කෙසෙල්බද්දර පත්මේ සහ දැනට ඉතාලියේ සැගව සිටින රජ්ගම විධුර සමග ඍජු සම්භන්දතා පැවැත්වූවන්ය.  අපරාධකරුවන් එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු දඩයම් කරයි. ඒ තමන්ට බාධාවක් වේ යැයි සැක සිතන අය සේම දේශපාළුවන්ට හිසරදයක් වන පුද්ගලයන් මරා දැමීමය.

රාජපක්ෂලාට හිසරදයක් වූ මිද්දෙණියේ කජ්ජා සිඟිති දරු දෙදෙනා සමග මරා දමන්නේ එමනිසාය.එම අපරාධ කිරීමට සහය දීමටද රාජකාරියේ නියුතු පොලිස් නිළධාරින් කණ්ඩායමක් ද සිටීමද අපරාධ වැඩි වීමට හේතුවක් විය. අපරාධකරුවන් අදද නිදැල්ලේ සිටීයි. ඔවුන් අද පත්ව ඇත්තේ ඔවුන්ට ගෙවීමට හෝ නායකත්වය දීමට කෙනෙක් නොමැති වීමයි. 

නමුත් ඔවුන්ට නායකත්වය දී කරළිය ඒමට බලා සිටින කන්ඩායම් තවත් සිටීයි. එම කණ්ඩායමට දැනට දේශපාලන රැකවරණ නැතැත් ඔවුන්ගේ සහයට සක්‍රිය සේවයේ සිටින පොලිස් නිළධාරින් පිරිසක් සිටීයි. නුදුරේදීම ඔවුන්වද හෙළිදරව් කිරිමට කටයුතු කරන්නේය.

එසේම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ආණ්ඩුව විසින් ඔවුන් සතු විදේශ සම්බන්ධතා මනා ලෙස හසුරවමින් විදෙස් රටවල සැගව සිටින මෙරට සිදුවූ සහ සිදුකරමින් පවතින අපරාධ වලට සම්බන්ද අපරාධ කරුවන් පිළිබඳව විදෙස් ඔත්තු සේවාවන් සහ ඍජුවම විදෙස් රටවල දේශපාලන නායකත්වයන් දැනුවත් කර තිබීම විදෙස් රටවල සැගව සිටින අපරාධ කරුවන් තාවකාලිකව හෝ නිහඩ කිරීමට හේතු පාදක වී ඇත. එය තව තවත් ශක්තිමත් ඉදිරියට ගෙනයාමට ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට ඇති ශක්තිය කෙසේ හෝ හීන කිරීමට බංකොලොත් විපක්ෂය කැස කවමින් සිටීයි.

සංවිධානාත්මක අපරාධ කල්ලි සහ රටතුල පැතිරෙන මත්ද්‍රව්‍ය ජාලය බිඳ දමනවා සේම බංකොලොත් විපක්ෂයේ හීනද ජනතා සහය ඇතිව සුණුවිසුණු කර දැමීම බහුතරයක් රටේ ජනතාව පවරා ඇති යුගයේ අත් නොහැල හැකි වගකීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු වත්මන් ආණ්ඩුව හොඳින් වටහා ගත යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *