නැගෙනහිර පොලිස් ලොක්කෙක්ගේ පහත් වැඩක්

මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීමට රජය සහ ශ්‍රී ලංකා පොලිසිය විවිධායුරින් උත්සාහ කරන බව බැලූ බැල්මට පෙනෙන්නට ඇත.තවමත් ශ්‍රී ලංකා පොලිසිය දූෂිතයන්ගෙන් පිරී ඉතිරී ඇති නිසා මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට රජයට හිතන තරම් ලේසි පහසු කටයුත්තක් නොවේ.නැගෙනහිර පළාතේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බුද්ධි අංශ කොස්තාපල් මිස්බා නැමැත්තෙකු අත්ඩංගුවට ගන්නේ මඩකලපුව කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසිනි.එයින් පසුව අනාවරණය වන තොරතුරු පිළිබඳව පොලිස් ලොක්කන් අවධානය යොමු නොකර බැහැර කිරීමට උත්සාහ දරන පුවතක් මේ වන විට වාර්තා වෙනවා.
අත්ඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා නැගෙනහිර පළාතේ පොලිස් ලොක්කෙකුගේ වුවමනාවට අවංකව රාජකාරි කරන යුද හමුදා ,නාවික හමුදා, පොලිසියේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ කාර්යක්ෂම නිලධාරීන් චෝදනාවලට සම්බන්ධ බව පවසමින් ජාවාරම්කරුවන්ගේ වුවමනාව මත වාර්තා සකස් කර ඇති බව අනාවරණය වී තිබේ.එයට නැගෙනහිර පළාතේ පොලිස් ලොක්කෙකුගේ ප්‍රබල සහයක් ලැබී ඇති බවද අනාවරණය වී ඇත.
සියල්ල කරුණු කාරණා සහිතව අනාවරණය වූවත් මඩකලපුව කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිරෝෂන් නමැත්තා සැකකාර පොලිස් කොස්තාපල්වරයා බේරා ගැනීමේ මෙහෙයුමක නිරත වන්නේ උසස් පොලිස් නිලධාරියේකුගේ ඉල්ලීම මත බවද අනාවරණය වී ඇත.පොහොට්ටු ප්‍රබලයකුවට මෙම උසස් පොලිස් නිලධාරියා මීට පෙරද මුදලට පාතාල සාමාජිකයින් ඉදිරියේ පොලිස් නිලධාරින් දණගස්වා සමාව ගැන්වීම ,මත්ද්‍රව්‍ය චෝදනාවට ලක් වූ පොලිස් නිලධාරීන් බේරා ගැනීම වැනි චෝදනා රැසක් එල්ල වී ඇති අයෙකි.නැගෙනහිර පළාතේ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු මේ වන විට වගකිවයුතු රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමටද පියවර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *