ශම්මි පම්පෝරි ගැහුවට LPL ගහන්න අවස්ථාවක් නෑ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2025 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 6 වැනි අදියර ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 27 සිට දෙසැම්බර් 23 දක්වා පැවැත්වෙන බවට පුරසාරම් දෙඩුවද ඒ සඳහා අවස්ථාවක් නැතැයි එහි අභ්‍යන්තර ආරංචිවලින් වාර්තා වේ.
නොකඩවා වසර 5ක් පුරා පැවැනි මේ තරගාවලියේ සංවිධාන කටයුතු කළ අනිල් මොහාන්ට අයත්, ඉනෝවේටිව් ප්‍රඩක්ෂන් ගෘප් (Innovative Production Group) හෙවත් IPG ආයතනය තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගෙවිය යුතු අයිතිවාසිකම් ගාස්තු වලින් මෙතෙක් ගෙවා ඇත්තේද කොටසක් වීම මේ තත්ත්වයට ප්‍රධාන හේතුවයි.
එසේම අදාළ, තරග පැවැත්වීමට යොදාගෙන ඇති දින වකවානු ක්‍රිකට් තරගාවලියක් සඳහා සුදුසු කාලයක් නොවීමත්, ජැෆිනා කිංග්ස් හා දඹුල්ල යන ආයතනවල හිමිකරුවන් මුදල් නොගෙවීම හේතුවෙන් ඒවායේ හිමිකරුවන් මේ වන විට ඉවත්කර ඇතත් ඒවා බාර ගැනීමට මෙතෙක් කිසිවකු ඉදිරිපත් නොවීමද මේ තරගාවලිය පැවැත්වීමට බාධාවී ඇත.
තවද, මේ කාලය සඳහා රූපවාහිනී විකාශන හිමිකම් විකිණීමට උත්සාහ කළත් කිසිවකු එය ලබා ගැනීමට ඉදිරිපත් නොවීමද තරගාවලිය පැවැත්වීමේ අවකාශ නැතිකර තිබේ.
මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හා අනිල් මොහාන් අතර පසුගිය කාලයේ සිදුවූ අයථා ගනුදෙනු හේතුවෙන් අනිල් මෝහාන් මුදල් නොගෙව්වද ඔහුව අදාළ සංවිධායක ධූරයෙන් ඉවත් කිරීමට නොහැකි තත්ත්වයක් මතු කර තිබීම ද මේ තරගාවලිය පැවැත්වීමට නොහැකිවීමට හේතුවක් වී ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් හි සභාපති මේ තරගාවලිය පැවැත්වෙන බව කඩිමුඩියේ පවසා ඇත්තේ ක්‍රිකට් ආයතනයේ මුදල් නොමැති බවට පැතිර ඇති මාධ්‍ය වාර්තා යටපත් කර ගැනීමට බවද පැවසේ.
යාපනයේ ක්‍රීඩාංගනයක් හදන බවට ජනපතිටත්, මාතර ක්‍රීඩාංගනයක් හදන බවට සුනිල් හඳනෙත්තිටත් පොරොන්දු වූ ශම්මි මේ මුදල් අර්බුද නිසා ගල උඩ පැහැරූ පූසාගේ තත්ත්වය වැටී ඇති බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචිවලින් හෙළිවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *