ලක්ෂ්මන් යළි පොලිසියට එනවට බියවී ලොක්කෝ බොරු රිපෝට් ගහයි

ජෙරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඇමතිවරයාට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරිමට ආධාර අනුබල දුන් බවට චෝදනා කරඅත්ඩංගුවට ගෙන වසර දාහතරක් පොලිස් අත්ඩංගුවේ හා රක්ෂිත බන්ධනාගාර ගතව සිට නිදොස් කොට නිදහස් කළ හිටපු පොලිස් අධිකාරි ලක්ෂ්මන් කුරේ මහතා නැවත් පොලිස් සේවයට එක්වේයැයි යන බියට පත්වු ජේෂ්ට පොලිස් නිළධාරින් යළිත් බොරු චෝදනා නගමින් පොලිස් වාර්ථා නිකුත් කරමින් සිටින බවට තොරතුරු වාර්ථාවෙි.
බොරු චෝදනා මත අත්ඩංගුවට ගෙන , කෲර ලෙස වද හිංසා පමනුවමින් , රදවා තබා ගැනිම නිසා මුලික අයිතිවාසිකම් උල්ලංගණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිගමනය කිරිමත් සමග ඔහු යළි සේවයට එක්වේයැයි යන බියට පත්වී සිටින ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් පිරිසක් ලක්ෂ්මන් කුරේට එරෙහිව යළිත් බොරු චෝදනා එල් කරමින් වාර්ථා සකස් කරමින් සිටින බවට සදහන්වේ.
ලක්ෂ්මන් කුරේ බන්ධනාගාර ගතව සිටිය දී පාතාල සමාජිකයින් හා මුස්ලිම් අන්තවාදින් සමග සම්බන්ධකම් පවත්වා ඇති බව සදහන් කරමින් මෙම ව්‍යාජ වාර්ථා සකස කර ඇති බව වාර්ථාවේ.
මිට හේතුවී ඇත්තේ ඔහු පොලිසියට සම්බන්ධ වුවහොත් ජේෂ්ඨත්වය පහළ යන නිළදාරින් මෙසේ කළබලයට පත්ව යළිත් බොරු චෝදනා ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව සදහන්වෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *