විජේපාල ඇමති තුමනි , රත්තොටට පොලිසයක් දෙන්න

මාතලේ රත්තොට පොලිස් වසම තුළ නිතිවිරෝධි මත්ද්‍රව්‍ය හා නිවිරෝධි කටයුතු සිදුවිම නිසා එහි ජනතාව දැඩි පිඩනයකට ලක්ව ඇති බව එහි ජනතාව පවසති.

රත්තොටට පොලිසියක් නැති තත්වයට පත්විම නසිා එම නිතිවිරෝධි කටයුතු සුදුවන්නේ එහි සිටින පොලිස් ස්ථානාධිපතිවරයා සහ එහි නිලදාරින් අපරාධ කාරයින් සමග හෙලුවෙන් සිටිම නිසාය.

නිතිවරෝධි මත්පැන් ,හෙරොයින් , අයිස්,මෙන්ම හොරහරක් ප්‍රවාහනය , දැව ප්‍රවාහනය ඉතා ඉහළින්ම සිදුවේ.දිනපතා දිචුවන සංකොල්ල කෑම් ඉහළ ගොස් ඇතත් එවා මැඩපැවැත්විමට පොලිසි ගන්නා ක්‍රියාමාර්ගයක් නොමැති බව ජනතාව සදහන් කරයි.

එක් අවස්ථාවක කඩයක් කැඩු සොරෙක් ගම්මුන් විසින් අල්ලා පොලිසියට  දැවු පසු ස්ථානාධිපතිවරයා ඇතුලු පොලිස් නිලදාරින් පවසා ඇත්තේ එම සොරා තව සති දෙකකන් පොලිසියට භාර වන බවයි.මෙම නිලදාරින්ට සවසට සප්පායම් මිවිමට අවශ්‍ය මත්පැන් හා කටගැස්මට දඩමස් සොයා දෙනු ලබන්නේ මෙම ජාවාරම්කරුවන් හා අපරාධකරුවන් විසිනි.

මෙමතත්වය මැඩ පැවැත්විමට නොහැකි වි ඇත්තේ එම පොලිසිය වසර දහය පහළව අරක්ගේන සිටින පොලිස් නිලදාරින් හා කාන්තා නිලධාරින් නිසාවෙන් වන අතර ඔවුන් හරහා අපරාධ කරුවන්ට සියලු තොරතුරු යන බව ගම්වැසියන් පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *