2024 සැප්තැම්බර් 21 දින පැවති ජනාධිපතිවරණයෙන් වැඩි බහුතර ජන්ද සංඛ්‍යාවක් ලබා ගත් ජාතික ජන බලවේගය නියෝජනය කල අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කිරීමෙන් පසුව සැප්තැම්බර් 23 දි ඔහු 9 වන විධායක ජනාධිපති ලෙස දිවුරුම් දුන්හ. ඔහු දිවුරුම් දී පැයක් යන්නට ප්‍රථම රජයේ පත්කිරීම් තුනක් සිදු කළේය. ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය නන්දික සනත් කුමාණායක ද , ආරක්ෂක ලේකම් ලෙස හිටපු එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා හා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න යන පත් කළේය. එය ජනාධිපතිවරයාගේ පුද්ගලික පත් කිරීම් වුවද එයින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙසට රවී සෙනවිරත්න පත්කරන ලෙසට ජනාධිපති වරයාට දැනුම්දී ඇත්තේ කාදිනල් මැල්කම් රංජිත් බව වත්මන් පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා විසින් පාර්ලිමේන්තුවේ දී පාස්කු ප්‍රහාරය පිළිබදව පැවති විවාදයේදී කල ප්‍රකාශ හැන්සාඩ් වාර්තාවේ ඇත.
පාස්කු ප්‍රහාරය එල්ලවන බව දැන දැනම එය වලක්වා නොගැනීම පිළිබදව ඍජුවම ඇගිල්ල දිගුවන හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්නව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්කරන ලෙසට කාදිනල් මැල්කම් රංජිත් ඉල්ලීමක් කරේ ඇයිද සොයා බැලීමේදී අනාවරණය වන්නේ පාස්කු ප්‍රහාරය සිදුවූවාට පසුව ඒ පිළිබදව විමර්ශනය භාරව සිටි පුද්ගලයා වූ රවී සෙනවිරත්න කිසිවිටෙක පාස්කු ප්‍රහාරය පිළිබදව කාදිනල් මැල්කම් රංජිත් ගෙන් කිසි විටෙක ප්‍රශ්න නොකල නිසාය.
2019 අප්‍රේල් 11 දින මුද්‍රාව සහිතව ඇමති ආරක්ෂක කොට්ඨාශයේ අධ්‍යක්ෂක කාර්යාලය මගින් නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායකගේ අත්සන සහිත ලිපිය මගින් පාස්කු ප්‍රහාරය පිළිබදව තොරතුරු දැනුම් දුන් ප්‍රභූවරුන්ගේ නාම ලේඛනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබාගෙන තිබුනද එම ලේඛනයේ ඉහලින්ම සිටින 10 දෙනා අතර සිටි කාදිනල් මැල්කම් රංජිත් ගෙන් කරුණු විමසීමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කල යුතු වුවද එය හිතාමතාම මහහැර කාදිනල් මැල්කම් රංජිත්ට වීරත්වයක් ආරෝපණය කරමින් කටයුතු කල රවී සෙනවිරත්නට කෘතගුණ සැලකීමක් ලෙසට කාදිනල් මැල්කම් රංජිත් විසින් ඔහුව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් කාදිනල් මැල්කම් රංජිත් විසින් ඉල්ලීමක් කොට ඇත.
ඊට ටික දිනකට පසුව පාස්කු ප්‍රහාරයට නායකත්වය දුන් සහරාන් හසීම්ව ජීවග්‍රහණයෙන් අත් අඩංගුවට ගැනීම තිබූ අවස්ථාව පැහැරහැරි 2021 දී විශ්‍රාම ගොස් සිටි හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරව නැවත සේවයේ පිහිටුවා පාස්කු ප්‍රහාරය පිළිබදව පරීක්ෂණ පවත්වන කන්ඩායමේ නායකයාලෙස පත් කිරීම කරන ලෙසට කාදිනල් මැල්කම් රංජිත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. එතනින් නොනැවතී ශානි අබේසේකරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ලෙසට පත්කරන ලෙසද ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.
ශානි අබේසේකරව නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස් කරන ලෙසට කාදිනල් මැල්කම් රංජිත් විසින් වත්මන් පොලිස් කොමිසමට බලපෑම් කලද පොලිස් කොමිසම එම ඉල්ලීම බැහැර කරමින් ශානි අබේසේකරට එම උසස්වීම් ලබා දුන්නේ නැත. කාදිනල් මැල්කම් රංජිත් දැන් ජනාධිපතිවරයාට කියන්නේ පොලිස් කොමිසම විසුරුවා හරින ලෙසයි. ජනාධිපතිවරයා එම ඉල්ලීමට කෙසේ ප්‍රතිචාර දක්වන්නේදැයි අපි බලා සිටිමු.
කාදිනල් මැල්කම් රංජිත් විසින් ජනාධිපතිවරයා කල අලුත්ම බලපෑම වූයේ තම දෙවෙනි දියණිය සමග ලිංගික සම්බන්දතාවක් පැවත්වූවා යැයි සැකය මත හෙට්ටිපොළ පදිංචිව සිටි හෙට්ටිආරච්චි නම් හමුදා සොල්දාදුවාව තිරස්චීන ලෙස මරා දැමීමට ක්‍රියාත්මක වූ වත්මන් හමුදාපති ලසන්ත රුද්‍රිගු හට වසරක සේවාදිගුවක් ලබා දිමයි. ජනාධිපතිවරයා කිසිම හිරිකිතකින් තොරව එම ඉල්ලීම ඉටුකරේ සුදුස්සාට සුදුසු තැන දෙනවා කියූ ඔහු ආඩම්බරයෙන් අප අමතාකියූ වදන් බල්ලට දමාය. යුධ හමුදාපති වීමට සියළුම සුදුසුකම් සපුරා සිටියේ මේජර් ජෙනරාල් ඩබ්ලිව් පී ඒ ඩී ඩබ්ලිව් නානායක්කාර මහතාය. අද ඔහු හූල්ලමින් ශ්‍රී ලංකා යුධ හමුදාවේ ප්‍රධාන මාන්ඩලික නිළධාරියාට හිමි පුටුවේ සිටී. ඔහුට යුධ හමුදාපති වීමට එකම නුසුදුසු කම වූයේ ඔහු බෞද්ධයකු වීම නිසාය. මිණීමරුවෙක් වුවත් කතෝලිකයකු වීම නිසා ලසන්ත රුද්‍රිගුට සේවා දිගුව ලැබුණි.
හෙට්ටිආරච්චි නම් සොල්දාදුවාගේ ඝාතනය පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇතත් ඒ ගැන පරීක්ෂණ ඉබිගමනේය. අපට වාර්ථාවී ඇත්තේ එම පරීක්ෂණය නිසිලෙස නොකරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ශානි අබේසේකරට කාදිනල් මැල්කම් රංජිත් විසින් පුද්ගලිකව දැනුම් දී ඇති බවයි. ඒ ගැන ඉදිරියේදී කතා කිරීමට හැක.
කාදිනල් මැල්කම් රංජිත් ප්‍රමුඛ කතෝලික සභාව දැන් ජනාධිපතිවරයාට කියන්නේ නියෝජ්‍ය ආරක්ෂක ඇමති අරුණ ජයසේකරව ඉවත් කරන ලෙසයි. එයට සමගාමීව කතෝලික සභාවේ බත් බැලයන් අරුණ ජයසේකර මහතාට ඉල්ලා අස්වෙන්නැයි කියයි. එම කතාව අසනවිට එකිනෙකට නොගැලපෙන දේ කරන කියන අයට යුධ හමුදාවේ ආමන්ත්‍රණය කරන “අඹපකදෙල්” වචනය මතක්වේ.
පාස්කු ප්‍රහාරය එල්ල කරපු උන් ගැන සහ උන්ව අත් අඩංගුවට ගැනීමට සියළුම තොරතුරු තිබියදී එය නොකර පැහැරහැරි රවී සෙනවිරත්නට ලේකම් කමක් දීමටත් විශ්‍රාම ගොස් සිටි ශානි අබේසේකරව නැවත කැදවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක කීමටත් හොද කාදිනල් මැල්කම් රංජිත්ට පාස්කු ප්‍රහාරය එල්ලවූ කාලයේ නැගෙනහිර ආඥාපති අරුණ ජයසේකර හොඳ නැත. නියෝජ්‍ය ආරක්ෂක ඇමති අරුණ ජයසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ප්‍රකාශයේ පිටපතක් කාදිනල් මැල්කම් රංජිත්ට ශානි අබේසේකර ලබාදුන් බව විශ්වාශ කටයුතු ආරංච් මාර්ග සදහන් කරයි.
නිස්ශංක සේනාධිපති, සාගල රත්නායක, ටිරාං අලස් යන අය සමග ප්‍රසිද්ධියේ ඩීල් දාන රවී සෙනවිරත්න ශානි අබේසේකර ඇතුළු කීපදෙනෙක් ගොඩ ගියේ 2500 ක් වූ පොලිස් විශ්‍රාමික සාමූහිකයට පිංසිද්ධ වෙන්න වුවත් නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකර මහතා ඇරඹූ 25000 ට ආසන්න කණ්ඩායකම් සිටින අදිනට විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ අපි කිසිවකු සමග ඩීල් දැමුවේ නැති බව ආඩම්බරයෙන් සදහන් කරමි.
ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවන් අපි ඉල්ලා සිටින්නේ පාස්කු ප්‍රහාරය එල්ලවෙන බව දැනගෙන එය දැනුම් නොදී අනුගාමිකයන්
270 කට අධික පිරිසකට මරණයද තවත් 500 කට අධික පිරිසක් ආබාදිත තත්වයට පත්කිරීමෙන් පසුව බොරු වීරයකුගේ භූමිකාව රඟන කපටි නරියකුවන කාදිනල් මැල්කම් රංජිත් ඇතුළු කතෝලික සභාවේ පදයට නටා ලැබුණ ජනවරමට අවමන් කර කාදිනල් මැල්කම් රංජිත් ගේ ඥාතින්වන රාජපක්ෂ හොරුන්ට නැවත බලයට පත්වීමට පාර කපන තැනට වැඩ නොකර ඍජු තීරණ ගනිමින් ලෝකය වටා ගොස් කී පරිධි අනාගත පරපුර වෙනුවෙන් මේ රට දියුණු කරන ලෙසයි
ජයසිංහ බංඩාර (බලලත් නිළධාරී) (අදිටන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය)
(විද්‍යුත් තෑපැලට ලැබුණු ලිපියකි.)