මහනුවර නගරයේ එක්තරා විදුහලක ටයිකෝට් දමාගත් විදුහල්පති වරයෙකු ,එම විදුහලට ළමුන් ඇතුලත් කර ගැනීම ව්‍යාපෘති ක්‍රමය යටතේ රුපියල් ලක්ෂ පහක මුදල් ගනුදෙනු මත කරගෙන යන බව ඔහුගේ සූක්ෂම ව්‍යාපෘති ගැටයට හසූවූවෙකු පැවසීය.
සුදු ඇඳුමෙන් සැරසී සිටින මෙම විදුහල්පති වරයා සුදු කරපටි සොරෙක් බව බොහෝ දෙනා පවසති.
මොහුගේ විදුහල මෑතකදීජනප්‍රිය වූ අතර තමන් නිසා එම ජන ප්‍රියතාවය ලැබූ බව ඔහු පවසයි.
මෙම විදුහලට ලමයෙකු ඇතුලත් කර ගැනීමට රුපියල් ලක්ෂ පහක් ලබා ගන්නා මෙම සුදු සූට් විදුහල්පති ළමයින්ගේ දෙමව්පියන්ට පවසන්නේ විදුහලේ යම් යම් ව්‍යාපෘති යක් ඇරම්භ කිරීම සඳහා මෙම මුදල් වැය කරන බවයි. මොහුගේ මෙම සූක්ෂම ජාවාරම පිළිබඳව දෙමව්පියන් විසින් අගමැතිනියටත් දන්වා යවා තිබෙන බව විශ්වාශ කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම විදුහල්පතිවරයා විදුහලට අලුතෙන් ලමයෙකු ඇතුල් කර ගන්නට ලක්ෂ පහක මුදල ලබාගන්නේ විදුහලේ නවමු ව්‍යපෘති සිදුකරන බව පවසමින් බවද දැනගන්නට ලැබිණි.
ඓතිහාසික නමකින් යුත් මෙම විදුහලට මෑතකදී සේවයට පැමිණි මෙම විදුහල්පතිවරයා සූක්ෂම ලෙස බොහෝ දෙනා රවටන්නෙකි.
මොහුට පුද්ගලිකව ලක්ෂ පහක මුදල ලබා දුන්නොත් විදුහලට ළමයෙකු ඇතුලත් කර ගන්නා බවද ඉතා විශ්වාෂ කටයුතු ආරංචි මාර්ග වලින් දැනගත හැකි විය.