කොළඹ අපරාධ කොට්ඨාශය යනු ඉතිහාසය පුරාවටම ප්‍රවෘත්ති මැවූ පොලිස් දෙපාර්තමේන්තුවේ ස්ථානයකි. කොළඹ අපරාධ කොට්ඨාශය යනු හිටපු නාවික හමුදාපති කැලැන්සි ෆනැන්ඩු මහතා කොළඹ ටාජ් සමුද්‍ර හෝටලය ඉදිරිපිටදී බෝම්බයකට හසුවී මිය ගිය පසුව බෝම්බය පිපිරවූවා යැයි සැකකල යතුරු පැදි කරුගේ හිස්වැසුමෙහි චූටි කෑල්ලක්වත් සොයා ගැනීමට නොහැවි උවද කිසිදු හානියක් නොවී ඔහුගේ හැදුනුම් පත සොයාගැනීමට තරම් අති දක්ෂ නිළධාරීන් සිටි කොට්ඨාශයකි. එවැනි ඉතිහාසයක් ඇති කොළඹ අපරාධ කොට්ඨාශය ගැන නැවත රටම කතා කරන්නේ වැලිගම W15 හෝටලයට පහර දීමට ගොස් පොලිස් නිළධාරියකු මිය යාමත් සමගය. එහිදී එවකට කොළඹ අපරාධ කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂ, ස්ථානාධිපති ඇතුළු පිරිසක් අද වැඩ තහනමට ලක්ව සිටීයි. හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පක්ෂපාතීව කටයුතු කල හිටපු අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා වෙනුවට අධ්‍යක්ෂකවරයා ලෙස වත්මන් ආණ්ඩුව මැදිහත්ව පත්කරන්නේ නෙවිල් සිල්වාටත් වඩා හොඳින් හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාං අලස් සහ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ සුහච කීකරු දඩෝරියකු වන ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි ය.
ඔහුගේ ඉතිහාසය සුන්දරය. ඔහු ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාශයේ සේවය කරන අවදියේ උප පොලිස් පරීක්ෂක වරෙයෙකුට පහරදී බරපතල තුවාල සිදුකිරීමට එරෙහිව අදටත් දඩුවම් නැත. මේ කතාව ඔහු කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂක ලෙස වැඩ බාරගැනීමට පෙර සේවය කල කැබිතිගොල්ලෑව දී සිදුවූ සිදුවීමකි. ඒ කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කල ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂ් නැමති නිළධාරියාට පහර දී බරපතල තුවාල සිදුකිරීම පිළිබදවයි. පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි දිනක් ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂ්ට පවසා ඇත්තේ නීති විරෝධී මත්පැන් ( කසිප්පු ) සමග අත් අඩංගුවට ගත් සැකකරුවකු බී වාර්ථාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. සාමාන්‍යයෙන් පොලීසිය නීති විරෝධී මත්පැන් සමග අත් අඩංගුවට ගන්නා සැකකරුවන් බී වාර්ථා මගින් අධිකරණය වෙත ඉදිරිපත් කරන්නේ නැත. එවැනි සැකකරු වන්ට ඍජුවම පොලිස් ස්ථානයේදීම ඇප මත මුදාහැර නඩු දිනයක් ලබා දී එදිනට චෝදනා පත්‍ර ඉදිරිපත් කරනු ලබන අතර බොහෝ අවස්ථාවලදී පොලීසියට අයත් අධිකරණ දිනයට පෙර දින සිදුකරණු ලබන වැටලීම් සදහා පොලීසිය මගින් ඇප දීමක් නොකර ඍජුවම අධිකරණය වෙත චෝදනා පත්‍රය සමග ඉදිරිපත් කරයි. ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂ් අදාල සැකරුව ඍජුවම චෝදනා පත්‍රයක් සමග අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි. පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටිට අවශ්‍යව තිබී ඇත්තේ වෙනත් පාර්ශවයක් ( ඒ සදහා ලොකුහෙට්ටි ට මුදල් ලබාදුන් ) සතුටු කිරීමට අදාල සැකකරුව රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීමටයි. තමා අදහස් කල ආකාරයෙන් වැඩේ සිදුනොවීම ගැන කිපුන පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි විසින් ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂ්ට අතින් පයිං දරුණු ලෙස පහර දීම නිසා ෂුභාෂ් ට සතියකට අධික කාළයක් අනුරාධපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සිදුවිය. ඔහුගේ කටේ දත් හතරක් ගැලවී ගොස් තිබුණි.
අනුරාධපුර රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරියා විසින් ශ්‍රීලංකා දණ්ඩ නීතී සංග්‍රහයේ අංක 314,315,316, සහ 317 යටතේ මෙම පහරදීම කල පුද්ගලයාට එරෙහිව නඩුපැවරිය යුතු බවට අධිකරණය වෛද්‍ය වාර්ථාව ලබාදී ඇත. මෙම සිදුවීම වන විට පොලිස්පති ලෙස සිටි දේශබන්දු තෙන්නකෝන් ඍජුවම අනුරාධපුර පොලීසියට උපදෙස් ලබාදී තිබුණේ අදාල සිදුවීම ගැන තමාගෙන් උපදෙස් ලැබෙන තුරු කිසිම ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසයි. දේශබන්දු තෙන්නකෝන් ෂුභාෂ් නිළධාරියාට කතාකොට කියා තිබුනේ මෙම පහර දීම පිළිබදව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයකට නොගොස් සමාදාන වන ලෙසයි. ෂුභාෂ් ඊට අකමැත්ත දැක්වූ නිසා මෙම නිළධාරියා වව්නියාව පොලීසියේ සේවය කරන අවදියේ නිධන් හෑරීමට පැමිණි කන්ඩායමක් අත් අඩංගුවට ගැනීම පිළිබදව නිළධාරියාට එරෙහිව ලබාදී තිබූ චෝදනා පත්‍රයකට වැරදි කරුකර සේවයෙන් ඉවත්කරන ලදි.
දේශබන්දු අද පොලීසියේ නැත.ඒත් පොලිස් නිළධාරියකුට බරපතල ලෙස පහරදීම ගැන පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටිට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් නොගන්නවා පමනක් නොව අදාල පහර දීම ගැන මේවන තෙක් අධිකරණය වෙත කරුණු වාර්ථා කර නැත. මෙම ආණ්ඩුව බලයට පත්වූවාට පසුව ඉන්දික ලොකුහෙට්ටිට කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂක ලෙස උසස්වීමක් ලැබුන අතර ෂුභාෂ් නිළධාරියාට පහර දීම ගැන අධිකරණය වෙත කරුණු වාර්ථා නොකරන ලෙසට අනුරාධපුර දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වයෙන් සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහලම නිළධාරියකුගෙන් පොලීසියට බලපෑම් එල්ල වී ඇත. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහලම නිළධාරියා කලක් බස්නාහිර පලාත් බුද්ධි කොට්ඨාශයේ සිටින විට ඔහුට මාසික අයබදු එකතුකර ඇත්තේ ඉන්දික ලොකුහෙට්ටිය.
අළුත්කඩේ උසාවි සංකීර්ණය තුලදී පාතාල සැකකරුවකු වූ ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ද බවට සැකකරන ඉෂාරා සෙවන්දිට නිරුපද්‍රිතව රටෙන් බැහැරව යාමට උදව් කිරීම ගැන ඉන්දික ලොකුහෙට්ටිට චෝදනා එල්ල වුවත් ඒ ගැන කිසිම පරීක්ෂණයක් වත්මන් වැඩබලන පොලිස්පති තුමා නොකර සිටින්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහලම නිළධාරියාගේ බලපෑමට බව අද පොලීසියේ ප්‍රසිද්ධ රහසකි.
(අනුරාධපුර මූලස්ථානය පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු විසිනි)