කොළඹ නගර සභවේ නගරාධිපති වායි කැලීද ? සුනිල් වටගලද?

ලංකාවම බලාසිටියේ කොළඹ නගර සභාවේ බලය පිහිටුවන්නේ කුමන පක්ෂයද යන්නයි. සමගි ජන බලවේගය රීසා සාරුක්ව නගරාධිපති අපේක්ෂකයා ලෙස නම් කලද තිරේ පිටුපස සිට ඔහුව මෙහෙය වන්නා වූයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන්‍ ය.

 ජාතික ජන බලවේගය වායි කැලී බල්තසාර්ව නගරාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් කලද තිරේ පිටුපස මෙහෙයවන්නා වූයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නියෝජ්‍ය මහජන ආරක්ෂක ඇමති සුනිල් වටගලය. සුනිල් වටගල එසේ මහරගම සිට කොළඹ නගර සභාව මෙහෙයවීමට පැමිණීමට විශේෂ හේතුවක් තිබුණි.

ඒ සුනිල් වටගල සිතාගෙන සිටියේ මහරගම නියෝජනය කරමින් ඔහු පමණක් පාර්ලිමේන්තුවට තේරීපත්වී දේවානන්ද සුරවීර පරදීවි කියාය. නමුත් දේවානන්ද සුරවීර සුනිල් වටගල පරදා මහරගම ආසනයෙන් වැඩි මනාප ලබා තිබුණ අතර ඔහුට වඩා මනාප ලබාගෙන තිබුණේ හරණි අමරසූරියයි. සුනිල් වටගල කොළඹ නගර සභා සීමාවට පැමිණීමට තවත් හේතුවක් වූයේ එහි සංසරණය වන බිලියන ගානක මුදලය. 2023 මාර්තු පැවැත්වීමට නියමිතව තිබූ පලාත් පාලන ජන්දයේදී කොළඹ නගරාධිපති අපේක්ෂකයක ලෙස ඉදිරිපත් වීමට සුනිල් වටගල ඉල්ලීම් කලද ජාතික ජන බලවේගය සුනිල් වටගලව මහරගම නගරාධිපති අපේක්ෂයා ලෙස ඉදිරිපත් කළේය.

පසුගිය මහමැතිවරණයේදී කොළඹ නගර සභා බලප්‍රදේශය තුල සුනිල් වටගල වෙනුවෙන් රහසිගත්ව

මැතිවරණ ප්‍රචාරක කටයුතු කලාය. එයින් අගතියට පත්වූයේ විමල් කැටිපේආරච්චි සහ වායි කැළී බල්තසාර්ට ය.

මෙවර කොළඹ මහ නගර සභාවේ බලය පිහිටු වීමට ජාතික ජන බලවේගයට නගර සභිකයන් 10 දෙනෙකු ගේ අඩුවක් තිබුණි. එය සපුරා ගැනීමට සුනිල් වටගල මුලින්ම සාකච්චා කලේ නගර සභිකයන් ලෙසට පත්වූ කුඩුලාල්ගේ නිවුන් දරුවන් දෙදෙනා සහ එම ස්වාධීන කන්ඩායමේ නායකයා සමගය. සුනිල් වටගල එසේ ඩීල් දැමුවේ ඊලග මැතිවරණයේදී ඔහු මහරගමින් විසිවෙන නිසාය.

මුජබර් රහුමන් තිරේ පිටුපස සිටිමින් රීසා සාරුක් පෙරට දමා රුපියල් කෝටි ගනනක මුදල් ඉපයූයේ කොළඹ නගර සීමාවේ නතර කරන වාහන වලින් මුදල් එකතු කිරීමෙනි. එය තනිකරම මාෆියාවකි. කොළඹ නගර සීමාවට අයත් කොටුව , පිටකොටුව, කෙසෙල්වත්ත , මරදාන, කොළඹ ජාතික රෝහල අවට සහ බම්බලපිටිය යන ස්ථානයන්ගෙන් විශාල මුදලක් දිනපතා නතර කරණු ලබන වාහන වලින් එකතු කරනු ලබයි. ඒම ස්ථානයවලට යොදවා ඇති බහුතරයක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්‍ ය. එම පුද්ගලයන් පිළිබදව එම ප්‍රදේශ වල පොලීසියට වගේ වගක් නැත. ඒ එම පොලීසිවල ස්ථානාධිපති වරුන්ට ලැබෙන අතයට මුදල් සහ වෙනත් වරප්‍රසාද නිසාය.

කොළඹ නගරාධිපති ලෙසට වායි කැලී බල්තසාර් පත් වුවද ඇයට ස්වාධීනව කටයුතු කිරීමට සුනිල් වටගල අනියම් ලෙස බාධා කරමින් සිටීන බව වාර්ථාවෙි. ඒ සදහා බොරැල්ල සහ මැදකොළඹ ජන්ද කොට්ඨාශ නියෝජනය කරමින් කොළඹ නගර සභාවට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තේරී පත්වූ නගර සභිකයන්ගේ අනුග්‍රහයද නොඅඩුව ලැබෙමින් පවතී.

කොළඹ නගර සභා සීමාව තුල නතර කරනු ලබන වාහනවලින් මුදල් එකතු කිරීමට නිසි වැඩ පිළිවෙළක් සෑදීමට පාලක කණ්ඩායම කල් මරමින් සිටීයි. ඒත් නතර කරන වාහන වලින් එකතු කරන මුදලින් කොටසක් සතිපතා සුනිල් වටගලට ලැබෙමින් පවනවාද යවන්න සැකයක් පවති. ඒ සුනිල් වටගල මුජබර් රහුමන් සමග ගැසූ ඩීල් එක නිසාද යන්න සැක සිහිතය.

උන්ගේ ඩීල් නිසා අපහසු තත්වයට පත්වන්නේ කොළඹ නගරයේ පුරවැසින් පමණක් නොව ජනතාවට දහසක් පොරොන්දු දී බලය ලබා ගත් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුක ආණ්ඩුව බවද සදහන් කළ යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *