හිටපු ඇමති ටිරාන් අලස් ධුරය දරන සමයේ වැඩ ගත් ඉහළ නිලධාරින් බොහෝ දෙනෙකුට අවසානයේ විශ්‍රාම වැටුපත් නැතිව රැකියාව අහිමිව ගෙදර යාමට සිදුව තිබිම අනෙකුත් රාජ්‍ය සේවකයින්ට හොද පාඩමක් කියාදී තිබෙි.
ඇමතිවරයාගේ අනීතික ක්‍රියා කිරිමට යාමෙි ප්‍රතිපලයක් ලෙස රාජ්‍ය ආයතන දෙකක ඉහළ නිළදාරින් දෙනෙකෙුට බන්ධනාගාර ගතව සිටිමට සිදුව ඇත.
එහිදී ඔවුන්ට එම ක්‍රියාන්ගේ වරදේ ස්භාවය අනුව දඩුවම්ද පැමිණිමට නියමිතය.
ඒ අනුව පොලිස්පතිව සිටි දේශබන්දු තෙන්නකොන් සිය ධුරය දරණ සමයේ සිදුකලේ යැයි කියන බලය අයුතු ලෙස භාවිතා කරමින් නිතී විරෝධි කටයුතු සිදු කිරිම සමිබන්ධයෙන් සිදු කරන ලද විමර්ශන කමිටුවේ තින්දුව අනුව පාර්ලිමේන්තුවේ ජන්දයෙන් පසු ඔහුගේ සේවය අවසන් කිරිමට නියමිතය.
ඊට අමතරව ආගමන විගමන කොමසාරිස් ජෙනරාල් හර්ෂ ඉලුක්පිටිය මේවනවිට පසුවනේ බන්ධනාගාර ගතවය. ඒ ඊවිසා සමිබන්ධයෙන් අධිකරණය දුන් නියොගයක් ක්‍රියාත්මක නොකර අධිකරණයට අපහාස කිරිමෙි චෝදනාවටය.ඒ අනුව ඔහු වරද පිළිගැනිම නිසා ඒ සදහා දඩුවම් පැමිණිවීම ලබන මාසයේ දී සිදු කිරිමට නියමිතය.