බස් නැතිව මාර්ග බලපත්‍ර දුන් නිළදාරින් රකින වයඹ සභාපති

වයඹ මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ නිළධාරින් හා හිටපු සභාපතිවරයා එක්ව ව්‍යාජ ලිපි  ලේඛණ සකස් කර බස් රථ සදහා මාර්ග ධාවන බලපත්‍ර ලබා දී ඇති බව වාර්ථාවෙි.

ලසුව ඒවා ඉහළ මිලගණන් යටතේ පුද්ගලයින්ට අලෙවි කිරිමේ ජාවාරමක් සිදු කර එමගින් ඔවුන් අයථා ලෙස කෝටි ගණනන් මුදල් රැසි කර ඇති බව වාර්ථාවෙි.

 ඒ ආකාරයට එම අධිකාරියේ වෙිලා සටහන් කරුවෙකු ලෙස කටයුතු කරන බව සදහන් වුවද කිසි දිනක එම රාජකාරියේ නිරත නොවන කේ සී එම් එස් ගුණතිලක යන අයට 63 -0994 දරණ බස් රථයට කුරුණැගල – මල්පිටිය මාර්ගයට ධාවන බලපත්‍රයක් ලබා දී තිබෙි.තමන්ට එම බස් රථය අයත් බව හගවා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ව්‍යාජ සහතිකයක් ලබාදී  එම බලපත්‍රය ගබා ගෙන ඇති අතර ඒ සදහා රිදිගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් ආදායම් බලපත්‍රයක්ද ලබා ගෙන  ඇත. මෙි ආකාරයට එම අධිකාරියේ නිළධාරින්ගේ සහය  ගෙන තවත් කිහිප දෙනෙකුට එවැනි ආකාරයට මාර්ග ධාවන බලපත්‍ර ලබා දී ඇතත් වත්මන් සභාපතිවරයා ඒම නිළදාරින්ගේ නොමග යැවිම මත ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව එහි සේවකයෝ පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *