චීනයේ නිෂ්පාදිත BYD මෝටර් රථ 1000ක් මේවන විට රේගු අත්අඩංගුවට පත්ව ඇති අතර එවැනි පසුබිමක් මතුව ඇත්තේ ඉන්දීය PR ඒජන්සියක් විසින් සිදු කරන ලද කූට තොරතුරු ගනුදෙනුවක් නිසා බව මේවන විට හෙළිව තිබේ.
මෙම BYD මෝටර් රථ රේගු අත්අඩංගුවට පත්වීමට ප්‍රධානම හේතුව වූයේ පසුගියදා සමගි ජන බලවෙිගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන මුජිබර් රහුමාන් විසින් චීනයේ නිෂ්පාදිත BYD ATTO 3 මෝටර් රථයේ ප්‍රකාශිත මෝටර් රථ ධාරිතාව ව්‍යාජ බවත්, එහි දක්වා ඇත්තේ 100 kW වුවද, එහි සැබෑ ධාරිතාව 150 kW බවට කරන ලද ප්‍රකාශය නිසාය.
මේ තොරතුරු මුජිබර්ට දී ඇත්තේ BYD හි මෙරට (ශ්‍රී ලංකාවේ) PR ඒජන්සිය ලෙස කටයුතු කරනු ලබන ඇඩ්ෆැක්ටර් විසිනි.
අදාළ ආයතනයේ ඉහල තනතුරක් දරණු ලබන මුස්ලිම් කතක්( ප්‍රවෘත්තතියේ විශ්වසණියත්වය නිසා ජාතිය සදහන් කරයි) විසින් මේ තොරතුරු මජිබර්ට ලබාදී ඇති බව ද මේ වන විට හෙළිව ඇත.
BYD කාර් ශ්‍රී ලංකාව තුළ ඉතා කෙටි කලකින් ජනප්‍රියවීමත් එම කාර් දහස්ගනින් අලෙවිවීම හා ඉන්දීය මෝටර් රථ අලෙවිය සීග්‍ර ලෙස පහල බැසීමත් හේතුවෙන් ලාභදායි මේ BYD විද්‍යුත් මෝටර් රථයේ ශ්‍රී ලංකාවේ ප්‍රචලිතවීම වැලැක්වීමට මේ කූට උපාය අදාල ඒජන්සිය විසින් යොදවා ඇති බවද මේවන විට තහවුරුව ඇත.
මෙම PR ඒජන්සියේ ඉන්දියානු මවු සමාගම Adfactors PR විසින් Tata Motors (ඉන්දියාවේ ප්‍රමුඛ රථ නිෂ්පාදකයා), Mahindra & Mahindra (SUV, වානිජ රථ නිෂ්පාදනය), Maruti Suzuki (ඉන්දියාවේ වැඩිම අලෙවියක් ඇති රථ නිෂ්පාදකයා) හා Hyundai India (ජාත්‍යන්තර ආයතනය) යන මෝටර් රථවල ප්‍රවර්ධකයා ලෙස කටයුතු කිරීමත් මේ කූට තොරතුරු ගනුදෙනුවට හේතුවී තිබේ.