මහනුවර මහ නගර සභාවට අයත් නාගරික වෙළඳ සංකීර්ණය පුද්ගලික සමාගමකට බදුදීමේදි නගර සභාවේ ගණකාධීකාර වරයෙකු සිදුකර ඇති මහා පරිමාණ මුදල් වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිළි කරන ලෙස සජබ නාගරික මන්ත්‍රීවරයෙකු නගර සභාවේදී අනාවරණය කරද්දී එම ගනුදෙනුවේ පරීක්ෂණ ලිපි ගොනු යට ගසා සිද්ධිය අමතක කර දැමූ නාගරික කොමසාරිස්වරියට තම පුටුවේ අසුන් ගෙන සිටීමටද නොහැකි තත්ත්වයක් උද්ගත විය .
මෙම වෙළඳ සංකීර්ණය ටෙන්ඩර් මගින් පුද්ගලික සමාගමකට බදු දීමේදී එවකට සිටි නගරාධිපතිවරයා ඇතුලු නගර සභාවේ ඉහල නිලධාරි පිරිසකට බ්‍රීෆ් කේස් එකක් හරහා මුදල් හුවමාරු වී ඇති බවද අනාවරණය තිබෙි. මහනුවර තවත් සුපිරි වෙළඳ සංකීර්ණයකින් මහනුවර මහ නගර සභාවට රුපියල් කෝටි 26 ක මුදලක් හිඟ වශයෙන් ලැබීමට නියමිතව ඇතත් නගර සභාවේ බලධාරින් එම මුදල අය කර ගැනීමට උනන්දුවක් නොදක්වන බවද සජබ නාගරික මන්ත්‍රී වරයා පවසයි.
මෙම සෑම ගනුදෙනුවක් පිටුපසම නගරසභාවේ හිටපු බලධාරින් සිටින බවද අනාවරණය වී ඇත. මෙම අයථා ගනුදෙනු හේතුවෙන් මහනුවර මහ නගර සභාවේ හිටපු කොමසාරිස් , හිටපු මහනුවර දිස්ත්‍රික්ලේකම්වරයෙකුගේ විශ්‍රාම වැටුප පවා අත්හිටුවා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මහනුවරමහ නගර සභාවේ සිදුව තිබෙන මහා පරිමාණ මුදල් වංචා සම්බන්ධව ජාතික ජන බලවේගය පක්ෂය නියෝජනය කරන මහනුවර මහ නගර සභාවේ බලධාරින් නිසි පරීක්ෂණ පැවැත්විය යුතු බවද සජබ නාගරික මන්ත්‍රී විපුල රණසිංහ මහතා පවසයි.