ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක තනතුර සිරිකොතෙන් සිරිකොතට යන සිරස්තලය යටතේ අප හෙළි කළ කරුණු සනාථ කරමින් එහි සේවකයින් විසින් අපවෙත තවත් කරුණු හෙළිදරව් කරමින් ලිපියක් එවා තිබෙි.
එම ස්ත්‍රී හිංසක, කාමාතුර පුද්ගලයා මානව සම්පත් නියෝජ්‍ය ප්‍රධාන නිලධාරියා වශයෙන් පසු ගිය ආණ්ඩුව සමයේ මානව සම්පත් අංශයට අනුයුක්ත කල දින සිටම දිගින් දිගටම හැකි සෑම දෙනාම දැනුවත් කරමින් කියා සිටියේ මෙම ආයතනයට කළු පැල්ලමක් වන පත්වීම නොකරන ලෙසටය.
එහෙත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රභලම වෘත්තීය සමිතියේ සාමාජිකයෙක් වීමත් නිසාත් පසුගිය රාජ්‍යයන් කාලවල, විශේෂයෙන් යහපාලන ආණ්ඩු කාලයේ, අතිශය දූෂණ කටයුතුවල යෙදුනු ඉහල නිලධාරීන්ගේ ප්‍රභල හිතවතෙකු වූ මෙම පුද්ගලයාට ලැබී තිබූ විශේෂ ආරක්ෂාව නිසා, අප කොතෙක් කරුණු දැක්වුවද, ඒ සඳහා සාධාරණයක් ඉටු නොවිය. විශේෂයෙන් සඳහන් කලයුතු වන්නේ යහපාලන ආණ්ඩු කාලයේ අතිශය දූෂණ කටයුතුවල යෙදුනු ඉහල නිලධාරීන් තිදෙනාගේ බල පරාක්‍රමය තවමත් ආයතනය තුල ක්‍රියාත්මක වන බවයි.
මෙම කාමාතුර නිලධාරියා ප්‍රාදේශීය කළමනාකරුවෙකු ලෙස සේවය කරන කලයේ, සේවිකාවක් සමග හෝටලයක සිටියදී එම සේවිකාවගේ ස්වාමිපුරෂයාට අසු වී, එම සේවිකාවගේ ස්වාමිපුරෂයා සිය දිවි නසා ගැනීමත් සමගම විශාල ඛේදවාචකයක් සිදු විය. මෙම නිලධාරියා ආරක්ෂා කිරීමට නිතරම කැප වී වැඩ කල එවකට ප්‍රාදේශීය ප්‍රධාන නිලදාරි දූරයක් දරු, පසුව යහපාලන ආණ්ඩු කාලයේ විශාල දූෂණ ප්‍රමාණයකට හවුල් වී මහා දනස්කන්දයක් ඉපයූ, දැනට විශ්‍රම ගොස් විශාල ව්‍යපරකයෙකු වී සිටින පුද්ගලයෙකුගේ මැදිහත් වීමෙන් මෙය යට ගැසීමට සියලු කටයුතු කළේය.
එහිදී මෙම නිළධාරියට විරුද්ධව ක්‍රියාත්මක වෙමින් පවැතී නොයෙක් බලවේගද වින්දිත පාර්ශ්වයන් තවත් පීඩාවට පත් වීම වැලක් වීමේ අරමුණින්, මෙය සමතයකට පත් කරන ලදී. මේ වන විට මෙම පුද්ගලයා සම්බන්දයෙන් වෙන සේවක මහත්ම මහත්මීන්ගේද පැමිණිලි ලැබී තිබේ.
විශේෂයෙන් මෙම බොහෝ දෙනාගේ අවදානයට සම්භන්ධ වූ සිද්දියට සම්බන්ද සේවක මහත්මිය තවමත් සේවයේ යෙදී සිටින බැවින් කිසිවෙකුත් ප්‍රසිද්දියේ මේ ගැන කතා නොකරන අතර කලමනාකාරිත්වය මේ අවස්ථාව ඉතාමත්ම අවිචාරවත් ලෙස තමන්ගේ වාසියට හරවාගෙන ඇත. කෙසේ නමුත් මොහුගේ කාමාතුර ක්‍රියාවන් නිසා කාන්තාවන් පීඩාවට පත් වීමේ අඩුවක් නොවේ.
නැවතත්, 2008/2009 කාල වකවානුවේ , ආයතනය අරාජිකව පවැති සංක්‍රාන්ති සමයේ, මතබේදාත්මක චරිතයක් සහ පසුව SLT Campus එක පිහිටවා ගත් (දැන් ඔහු එතන නොමැත) නිලධාරියා සමග එක්ව, ලීෂා චන්ද්‍රසේන සභාපතිනිය මාර්ගයෙන්, ශ්‍රී ලංකා ටෙලිකොම් අභ්‍යාස ආයතන භාර නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ලෙස පත් කරනු ලැබීය. මෙහිදී ඔවුන්ගේ අභිලාසය වුයේ අභ්‍යාස විද්‍යාල ටෙලිකොම් ආයතනයෙන් වෙන් කොට වෙනත් ආයතනයක් ලෙස ආරම්භ කිරීමය. පසුව විදුහලවලට පැමිණීමත් සමග, බොහෝ කලක් හැංගි හැංගි සිටි මෙම කාමතුර නිලධාරියා නැවතත් සුපුරුදු පරිදි තම දුර්වලකම් වලට පිළියම් සොයන්නට පටන් ගත්තේ අභ්‍යාස විද්‍යාලයේද නොයෙක් සේවික මහත්මීන් දැඩි අපහසුතාවයට පත් කරමිනි. එක සේවක මහත්මියක් විසින් දෙවතාවක් මොහු සම්භන්ධයෙන් නිල වශයෙන් පැමිණිලි කොට ඇත. එවා නොවිසදී ඇති පැමිණිලිය. මෙම මහත්මිය තවමත් ආයතනයේ රැකියාව කරයි. මීට අමතරව තවත් සේවක මහත්ම මහත්මීන් බොහෝ පිරිසක් මෙම නිළධාරියාට විරුද්ධව පැමිණිලි කර ඇතත් පසුව ඔවුන්ට ඇති වූ බලපෑම් මත, ඔවුන් පැමිණිලි ඉල්ලා අස් කරගෙන ඇත. විශේෂයෙන්, වත්මන් රජයේ ප්‍රමුකතා දී ඇති සංකල්පයක් වන කාන්තා හිංසනය වැළක්වීමේ වැඩ පිළිවෙල යටතේවත් මෙම ස්ත්‍රී හිංසක, කාමාතුර පුද්ගලයා මානව සම්පත් අංශයෙන් ඉවත් කොට ඔහුගේ තාක්ෂණික හැකියාවන්ට ගැලපෙන අංශයකට යොමු කරන ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් සේවකයින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති. ශ්‍රී ලංකා ටෙලිකොම් වැනි රටේ ප්‍රධානම ආයතනයක මෙවැනි කාමාතුර කාන්තා හිංසකයෙක් මානව සම්පත් අංශය වැනි සංවේදී ස්ථානයක කෙසේවත් රඳවාගත නොහැකි බව, සධාචාරාත්මක රාමුවකින් බලන ඕනෑම කෙනෙකුට පෙනෙතත්, මෙම නිලධාරියාටවත්, ඔහුව පත් කල ඉහල කමනකාරිත්වයටත් මෙම පත්වීම කොතරම් සදාචාර විරෝධීදැයි නොදැනීමම ශ්‍රී ලංකා ටෙලිකොම් දැනට පවතින තැන ගැන දැනගැනීමට ඉතාමත කදිම මිම්මකි.
(විද්‍යුත් තෑපෑලට යොමු කර තිබු ලිපියකි)