ජාතික බැඩ්මින්ටන් සංගමයේ සභාපති ලෙස රොෂාන් ගුණවර්ධන පසුගිය ජූනි 28 වැනිදා පත් වුයේ නව ජාතික ක්‍රීඩා පනත අමු අමුවේ උල්ලංගනය කරමිනුයි. නව ක්‍රීඩා පනතට අනුව රොෂාන් ගුණවර්ධනට බැඩ්මින්ටන් සංගමයේ සභාපති ලෙස පත්වීමට කිසිදු සුදුසුකමක් නැත. ඔහු ඉදිරිපත් කරන ක්‍රීඩා කර ලබා ඇති ජයග්‍රහණ පිලිබද තොරතුරු සාවද්‍ය බව බැඩ්මින්ටන් ක්‍රීඩකයින් හා පුහුණුකරුවන් පවසයි.
මේ අතර 2010 වසරේදීද ජාතික බැඩ්මින්ටන් සභාපති ලෙස රොෂාන් ගුණවර්ධන කටයුතු කළේය. ඒ හිටපු අමාත්‍ය CB රත්නායකගේ නැට්ටේ එල්ලී පැමිණෙමිනුයි. කෙසේ වෙතත් බැඩ්මින්ටන් සභාපති ලෙස කටයුතු කරන කාලයේ ක්‍රීඩිකාවන්ව නාමල් රාජපක්ෂගේ තුරුලට යැවූ බව ප්‍රසිද්ධ රහසකි. ඒ අතර බැඩ්මින්ටන් ක්‍රීඩිකාවන් හා ඔවුන්ගේ මව්වරුන්ට රොෂාන් මුදල් වීසිකර යහන්ගත වූ බවත් ප්‍රසිද්ධ රහසකි.
මෙවන් ඉතිහාසයක් ඇති අන්ත දූෂිත පුද්ගලයෙක් දූෂණයට එරෙහි බව පවසන රජයක් සමයේ බැඩ්මින්ටන් සංගමයේ සභාපති ලෙස පත්වීම සියල්ලන් මවිත කරයි. ඒ අස්සේ ජාතික බැඩ්මින්ටන් සංගමයට කිසිදු සම්බන්ධයක් නැති මේ දිනවල ඉන්දුනීසියාවේ දී පැවැත්වෙන ආසියා කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලිය සදහා කණ්ඩායම් ප්‍රධානී ලෙස ගොස් ඇත්තේද රොෂාන් ගුණවර්ධනය. ඒ යන අතර ට්‍රාන්සිට් එකේදි ගුවන් යානය මග හැරී රොෂාන්ට තවත් අකරතැබ්බයක් සිදුව ඇත්තේ සුරූපී ගුවන් සේවිකාවක් සමග ඡායාරූප ලබා ගැනීමට යාමෙන් බවද වාර්තා වෙයි.
අප කතානායක රොෂාන් මේ තරගාවලිය පාදක කර ගනිමින් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මව්වරුන්ට පැණි හැලීමේ ප්‍රතිපලයක් ලෙස මේ වන විට එය ලිංගික අල්ලස් ලබාදීමක් දක්වාම දුරදිග ගොස් අවසන්ය. රොෂාන් ගුණවර්ධන සමග යහන්ගතවන මව්වරුන්ගේ දරුවන්ට බැඩ්මින්ටන් විශේෂ අවස්ථා හිමිවන බව රහසක් නොවෙයි. ඔහු තමන් සමග යහන්ගත නොවන කාන්තාවන්ට බලපෑම් කරමින් ඇත්තේ දරුවන්ගේ ක්‍රීඩා දිවිය අවසන් කිරීමේ බලය තමන් සතු බවත් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ තමගේ ලගම හිතවතෙක් බවත් පවසමිනි. එක් මවක් හඩමින් මේ තොරතුරු අපට ලබා දුන්නේ තමන්ට ජූජක බමුණා වැනි කැතම කැත රොෂාන් සමග යහන්ගතවීමට බැරි බව පවසමින් වීම කණගාටුදායකය. ඇය කියා සිටියේ මෙය ක්‍රීඩා අමත්‍යාංශයට හෝ වෙනත් ඕනෑම තැනකට පැමිණිලි කළහොත් ඇගේත්, දරුවාගේත් ජීවිතයට ඇති ආශාව අතහැර එය කරන ලෙස ඔහු මරණ තර්ජන කළ බවත් වැඩිදුරටත් පවසන ලදී.බඩු ගුනේ ලෙස ප්‍රසිද්ධ බැඩ්මින්ටන් සභාපති රොෂාන්ට එරෙහිව පියවරක් ගන්නාතුරු රටම අප සමග විමසිල්ලෙන්.
2025-07-24