මහනුවර මහ නගර සභාවේ දූෂිත කොමසාරිස් ඇතුලු එජාපයට පොහොට්ටුවට කඩේ ගිය නිලධාරින් තවමත් මාලිමා ආණ්ඩුව යටතේ සිය කටයුතු කරගෙන යයි.
මෙම සභාවේ වසර ගණන් රැදි සිටින නිළධාරින් සිදු කරන අයථා වත්කම් රැස් කිරිමි නිසා කොට් පත්යන් බවට පත්ව ඇති අතර එසේ වසර 30 ක් එකම තනතුරේ රැඳී සිටින එක්තරා උසස් නිලධාරියෙකුට සුපිරි නිවාස හයක් හිමිව ඇති බව නගර සභාවේ සේවකයන් පවසති.
නගර සභාව නගරයට එන ජනතාවට නාගරික ප්‍රජවෙට පොදු පහසුකම් සපයා දීමට බැඳී සිටින නමුත් සභාවේ දූෂිත කොමසාරිස් වරිය මේ වන විට මාළිමාවේ පුරපති වරයාට ලංවී සිය සුපුරුදු ක්‍රියාවන් රිසිසේ කරගෙන යන බව නගරයේ ජනතාව සහ නගර සභාවේ සේවකයෝ පවසති.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධානින් පවා මෙම කොමසාරිස් වරිය මේ වන තෙක් මහනුවර නාගරික කොමසාරිස් ධූරයේ රැඳී සිටින්නේ ඇයි දැයි ප්‍රශ්ණ කරති.දළදා දැක්ම සමයේ නුවර ට පැමිණි බැතිමතුන්ට නිසි සේවා සැපයීමේ වගකීමෙන් බැහැරවී ඉදලක් අතැතිව කුණු ගොඩවල් අතුගා මාධ්‍ය සංදර්ශණ දැමූ කොමසාරිස් වරිය නගර සභාවෙන් ඉවත් කිරීමට නොහැකි වී ඇත්තේ මංජුලා මඩහපොල නැමති ආණ්ඩුකාරයාගේ අලස ලේකම් වරිය කොමසාරිස් වරියගේ ගජ මිතුරිය නිසා බවත් ,ආණ්ඩුකාර වරයාද සෘජූ තීරණ ගන්නට නොහැකි හිනාවෙන්ම දවස ගෙවන වැඩ බැරි ටාසන් කෙනෙකු නිසා බව ආණ්ඩුකාර කාර්යාලයේ සහ පලාත් රාජ්‍ය සේවයේ බොහෝ දෙනෙක් පවසති.
මෙවර ඇසළ පෙරහර සමයේ ආණ්ඩුව ජනතා අප්‍රසාදයට පත්කරවන්නට සූක්ෂමව කටයුතු කරන කොමසාරිස් වරිය සජබේ කිරිකෝඩූගේ මන්ත්‍රිවරිය සමග එක්වී වැඩ කරමින් සිටින බව වාර්ථාවෙි. මාළිමා නාගරික මන්ත්‍රීවරු සහ මන්ත්‍රී වරියන්ද නගර සභාවේ දූෂික නිලධාරින් නිලධාරිනියන් ( වසර 20 කට වඩා එක තැන ) වෙනත් රාජ්‍ය ආයතන වලට මාරු කිරීමට ආණ්ඩුකාර වරයා පියවර නොගැනීම ගැන ඔහුට අප්‍රසාදය පල කරති.
ඉදිරියටත් නගර සභාවේ සිටියොත් මාළිමා ආණ්ඩුවට ජනතාවගේ අප්‍රසාදය එල්ල වන්නේ රාජපක්ෂ පාලනයටත් වඩා ප්‍රබල ලෙස බව නුවර ජනතාව පවසති. නාගරික කොමසාරිස් වරිය මධ්‍යම පලාතේ පලාත් පාලන කොමසාරිස් වරියගේ උපදෙස් තුට්ටුවකට නොසළකා තමන්ට අවශ්‍ය තීන්දූ තීරණ සෘජුවම ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල හරහා ආණ්ඩුකාර වරයාට යොමු කර තම කටයුතු කර ගන්නා අතර ,නගරයේ වීථී බදුදීම ,පෙරහරට පදික වේදිකාව විකීණීම සහ නගර සභාවේ වෙනත් බරපතළ කාර්යයන් ආණ්ඩුකාර වරයා හරහා සෘජූව ඉටුකර ගනු ලබන්නේ පලාත් පාලන නීතී රීතී ආඥා පණත් උල්ලංගණය කරමින් පලාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියටත් වංගු ගසමින් බව පලාත් සභාවේ ආරංචි මාර්ග සඳහන් කරයි.