අඩුවට මාලු තිබියදීත් වැඩිමිලට මාලු ගන්නා ශ්‍රිලංකා ධීවර සංස්ථාව

ලංකා ධීවර සංස්ථාවට අඩුවට මාලු මිලදී ගැනිමට තිබියදී වසර ගණනාවක සිට එකම පුද්ගලයෙක්ගෙන් වැඩි මිලට මුදල් ලබා ගන්නා බවට තොරතුරු වාර්ථාවෙි.

වත්මන් පාලන සමය යටතේද පැරණි ක්‍රමයටම එහි නිලධාරින් විසින් එම කටයුත්ත සිදු කරන බව සදහන්වේ.

තලපත් කිලෝග්‍රෑමය රුපියල් 1600 අඩුවේ මිලට ගැනිමට තිබියදී ව්‍යාජ ලෙස ටෙන්ඩර්පත් ඉදිරිපත් කර රුපියල් 1750ක මිලකට මාලු කිලෝව ලබා ගෙන ඇත.

කිසිම දිනක ප්‍රසිද්ධ ටෙන්ඩර් කැදවිමක් නොකර සිය හිතවතුන්ට පමණක් දුරකථනයෙන් කතා කොට ටෙන්ඩර්පත් ලබා ගෙන රිස්වාන් නැමත් අයගෙන් පමණක් මාලු ලබා ගනීයි.එහි දී පාරිභෝජනයට නුසුදුසු  නරක් වු මාලු පවා ඔහු විසින් ලබා දුන්නද එවා පරික්ෂා කිරිමට කිසිවෙකුත් නොමැති බව සදහන්වේ.

මෙහිදී එම පුද්ගලයා විසින් ඉහළ නිළධාරින්ට හිතපිරෙන්න ලබා දෙන සංතෝෂම් නිසා ඔහුගේන් ලබා ගන්නා මාලුවලපට කිසිදු හිගයක් නොතබා නියම වෙලාවට මුදල්ද ලබා දෙන බව වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *