පොලිස් කොමිසමේ සභාපති එලවයිද?

වත්මන් පොලිස් කොමිෂන් සභාව සක්‍රිය වන්නේ 2023 ජූනි මස සිටය. එහි කාලය 2026 ජූනි දක්වා බලාත්මකය.එම කොමිසමේ සභාපති ලෙසට හිටපු මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක පත්කරනු ලැබූවේ එවකට ජනාධිපතිව සිටි රනිල් වික්‍රමසිංහ විසිනි. එකල පොලීසිය භාර ඇමති වූයේ ටිරාං අලස්‍ ය. අලස් ව්‍යාපාරිකයකු වූ අතර පොලිස් කොමිසමේ සභාපති සහ ඔහු අතර බැඳීම ගසට පොත්ත මෙන් වූ අතර මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ පොලිස්පති ද පොලිස් කොමිසම අතර හොඳ අවබෝධයක් තිබුණි.
සියල්ල නොපිට යන්නේ වත්මන් මහජන ආරක්ෂක ඇමති ලෙස හිටපු පරීක්ෂකයකු වූ ආනන්ද විජේපාලත් අමාත්‍යාංශයේ ලේකම් ලෙසට සත්‍ය ලෙසටම පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට අවස්ථාව තිබියදී එසේ නොකර ජීවිත බිල්ලට දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න එම අමාත්‍යාංශයේ ලේකම් වීමත් සමගය. ඇමති සහ ලේකම් තකට කත වුවත් ඔවුන් දෙදෙනාට පමණක් නොව වැඩ බලන පොලිස්පතිටද ජාතික පොලිස් කොමිසම නයාට අඳුකොළ සේය.
ඇමති ආනන්ද විජේපාලත් ලේකම් රවී සෙනවිරත්නත් ජනාධිපතිවරයා හමුවන සෑම විටම කියන්නේ පොලිස් කොමිසම නිෂ්ක්‍රිය කොට ආණ්ඩුවට හිතැති නව සභාපතිවරයකු ඇතුළු කණ්ඩායමක් පත්කරන ලෙසය. ඊට අමතරව වත්මන් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත විරසූරියවද පොලිස් කොමිෂන් සභාවට එරෙහිව මාධ්‍ය ඉදිරියේ කරුණු දැක්වීමට යොමු කිරීමේ නින්දිත තත්වයකට වත්මන් ආණ්ඩුව පත්ව ඇත. පොලිස් කොමිෂන් සභාවේ සභාපති වරයා හිටපු මහාධිකරණ විනිසුරුවරයකු නිසා පොලිස් පරීක්ෂකවරයෙකු වූ වත්මන් මහජන ආරක්ෂක ඇමතිට සහ හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයකු වූ අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න දෙදෙනාට පොලිස් කොමිසමේ සභාපති සමග ඍජුව කතා කිරීමට නොහැකි හීනමාණයකින් පෙළෙන්නේය. වත්මන් පොලිස් කොමිසම වෙනස් කිරීම කලයුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායකද ප්‍රසිද්ධ වේදිකාවේ දීද අදහස් පල කළේය.
කතාව එසේ යද්දී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධූරයෙන් ඉවත් කිරීම සදහා පාර්ලිමේන්තුව විසින් පත්කල විශේෂ පරීක්ෂණ මණ්ඩලයට නිත්‍ය සාමාජිකයකු ලෙස පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක ද පත්විය. ජනාධිපති මහජන ආරක්ෂක ඇමති සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු වගකිව යුත්තන් ඔවුන්ගේ සමීපතමයන්ට පුනපුනා කීවේ දේශබන්දු තෙන්නකෝන් එලවූ විගස පොලිස් කොමිසමේ සභාපති ඇතුළු කණ්ඩායම එලවා ආණ්ඩුවට හිතැති අළුත් සභාපති කෙනෙක් සහ කන්ඩායමක් පත් කරන බවය.
මේ අතරතුර විශේෂ සිදුවීමක් සිදුවිය ඒ පාස්කු ප්‍රහාරයේදී වැඩිම ප්‍රහාරයන් සංඛ්‍යාවක් එනම් ප්‍රධාන ප්‍රහාර තුනක් ( කොච්චිකඩේ පල්ලිය, කින්ස්බරි හෝටලය, ෂැංග්‍රිලා හෝටලය ) සහ ඊබ්‍රාහිම් ගේ ගෙදර සිදුවූ පිපිරීම සිදුවූ කොළඹ එවකට නියෝජ්‍ය පොලිස්පති වූ වත්මන් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පතිනායකට එරෙහිව පැය 24 ක් ඇතුලත චෝදනා පත්‍රයක් විභාග කොට ඔහුව නිදොස් කොට නිදහස් කල පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායකට පාස්කු ප්‍රහාරය වලක්වා නොගත්තායැයි කියූ හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව ඉදිරිපත් කර තිබූ මාස ගණනක් විභාග කල චෝදනා පත්‍රයේ අවසන් තීන්දුව ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබීමය.
මේවනවිට පොලිස් කොමිසම විසින් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සේවයෙන් පහකල බවට තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත. එම තීරණය ජනාධිපති අනුර කුමාර දිසානායක බලාපොරොත්තු වූ දෙයක් වුවත් ඔහුගේ සහ ආණ්ඩුවේ ගුණවයන වන්දිභට්ටයන්ට පොලිස් කොමිසමේ ගුණවයන්නට සිදුවීමයි. පොලිස් කොමිසම ලබාදුන් තීන්දුව සමග ජනාධිපතිවරයා පම්පෝරි ගසමින් එලවනවාය කියූ පොලිස් කොමිෂන් සභාවේ සහයට පාස්කු ප්‍රහාරයේ සියළුම පරීක්ෂණ තමන්ට ඕනෑ ලෙසට සිදුවිය යුතුබව පූර්ව නිගමනයක සිටින කාදිනල් මැල්කම් රංජිත් ඇතුළු පල්ලියද දැන් පොලිස් කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටීයි. ඊට අමතරව දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව පරීක්ෂණ පැවැත්වීමට පාර්ලිමේන්තුව පත්කල විශේෂ පරීක්ෂණ මන්ඩලයේ අවසන් වාර්ථාව ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
මෙම තත්වය මත ආන්ඩුව වඩා අසරණ තත්වයකට පත්වන්නේ පොලිස් කොමිෂන් සභාවේ සභාපතිව එලවා දැමීමට නොහැකිව ආන්ඩුව අසරණ වනු ඇත. ඊට පසු එය සාධාරණීයකරණය කිරීමට ආණ්ඩුවේ වන්දි භට්ටයන් කවි ගී නිසැදැස් ලියනු ඇත. අප මීට පෙර කීපවතාවක්ම පැහැදිලි ලෙස කියූ අයුරින් කූඨාප්‍රකට ටිරාන් අලස් තිරය පිටුපස සිටිමින් අදින නූල් සූත්තර වලට නට රූකඩයක් ලෙසට පොලිස් ඇමති කටයුතු කරණු ඇති අතර මේ ආණ්ඩුව පවතින තුරු ටිරාං අලස් තිරය පිටුපස පොලිස් ඇමති ලෙස කටයුතු කරණු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *