ඇමරිකාවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පදයට නටමින් ජනමතයට නිඟාකරන මාලිමා ආණ්ඩුව.

ලංකාවේ පූර්ණ ජන්ද අයිතිය ජනතාවට ලැබෙන්නේ 1930 ඇරඹෙන රාජ්‍ය මන්ත්‍රණ සභා ජන්දය හරහාය. එතැන් සිට 1947 දක්වා පැවති මැතිවරණ වලදී පුද්ගලයන් තෝරා ගත්තේ අපේක්ෂකයන්ට ලබාදෙන පාට අනුවය. නමුත් 1948 නිදහසින් පසුව පැවති මැතිවරණවලදී පක්ෂ අනුව අපේක්ෂකයන් තෝරා ගැනීමට මහජනතාවට අවස්ථාව උදාවිය. 1948 සිට 2024 දක්වා පැවති මහ මැතිවරණ සංඛ්‍යාව 17 කි. මෙම මැතිවරණ 17 දීම ජනතාව පාලක පක්ෂයට 2/3 ක හෝ ඊට වැඩි බලයක් ලබාදී ඇත්තේ අවස්ථා 4 කදී පමණි. ඒ 1956 , 1970, 1977 සහ 2024 දීය.

 1956 ලද බලය උපයෝගී කොට ගෙන රටේ ජනසතු ව්‍යාපාරය පටං ගැනිණි. 1970 දී ලද බලය උපයෝගී කොටගෙන 1972 මැයි 22 ශ්‍රී ලංකාවට පූර්ණ දේශපාලන නිදහස ලැබෙන ලෙසට නව ජනරජ ව්‍යවස්ථාව සම්පාදනය කළේය. එම ව්‍යවස්ථාවට එරෙහිව එවකට විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය කටයුතු කළේය. 1977 දී 5/6 පූර්ණ බලයක් සහිත පාර්ලිමේන්තුවක් ජනතාව ලබාදුන් අතර එම බලය උපයෝගී කරගෙන 1978 දී නව ව්‍යවස්ථාවක් සමග විධායක ජනාධිපති ධූරයක් රටට හදුන්වා දුන්නේය. එම විධායක ජනාධිපති ධූරය සහිත ව්‍යවස්ථාව ඒකාධිපති ව්‍යවස්ථාවක් බවට කරුණු දක්වමින් මුලින්ම ජනතාව අතරට ගියේ එවකට පැවති පාර්ලිමේන්තුවේ කිසිදු ජනතා නියෝජනයක් නොතිබු ජනතා විමුක්ති පෙරමුණ ය.

එම ඒකාධිපති ව්‍යවස්ථාව හරහා 1983 දී පැවැත්වීමට තිබූ මහමැතිවරණය තවත් වසර 6 කින් කල් දැම්මේය. එහි දිගුවක් ලෙස රටම ඇවිදින කැරකෝප්පුවක් විය.  ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ඇතුළු මේ පොලොවට ආදරය කිරීමේ වරදට පාංශුකූලය පවා නොමැතිව 68000 කට අධික තරුණ තරුණියන් ලක් පොලොවෙහි මිහිදන් විය.

දෛවයේ සරදම කෙසේද යන්න 2024 මැතිවරණයේදී ලියවිනි. ඒ 1978 ව්‍යවස්ථාව අනුව පැවති 9 වන මැතිවරණය වූ අතර ඊට පෙර කිසිදු තනි දේශපාලන පක්ෂයකට පාර්ලිමේන්තුවේ 2/3 ක නොලැබුන බලය ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුක ජාතික ජනබලවේගයට ලැබුණි. ඒ මන්ත්‍රී ආසන 159 කි.

අප නැවත ඉතිහාසය විමසමු. 1972 දී ඇති කල ජනරජ ව්‍යවස්ථාවට විරුද්ධ වූ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ජේආර් ජයවර්ධනට ලැබෙන්නේ 1973 අප්‍රේල් මස දීය. ඒ එවකට සිටි එජාප නායක ඩඩ්ලි සේනානායක මියයාමත් සමගය. 1972 ව්‍යවස්ථාව හරහා එවක පැවති ආණ්ඩුව පාර්ලිමේන්තුවේ බලය වසර දෙකක් වැඩිකර ගැනීමට කටයුතු කිරීමට එරෙහිව නුවර බලා සාමකාමී පාගමනක් ගිය ජේආර් ප්‍රමුඛ එක්සත් ජාතික පාක්ෂිකයන්ට ගම්පහ ඉඹුල්ගොඩ පසු කිරීමට ආණ්ඩුව ඉඩදුන්නේ නැත. ඒ සාමකාමී පාගමනට කුරුළු පතුරම් වලින් පොලීසිය යොදවා වෙඩි තැබීමකිනි. එතැන් සිට ජේආර් ක්‍රියාත්මක වූයේ නව ව්‍යවස්ථාවක් සෑදීමය. ඒ සදහා ජේආර් තෝරාගත්තේ ඔහුගේ සොහොයුරා වූ එච් ඩබ්ලිව් ජයවර්ධන සහ බන්ටි සොයිසා යන වෘර්තීමය ජේෂ්ඨ නීතීඥයන් දෙදෙනාය. 1977 මැතිවරණයේදී ජේආර් ජයවර්ධන ප්‍රධාන පොරොන්දු තුනක් ජනතාව වෙත ඉදිරිපත් කළේය.

1 ලැබෙමින් තිබූ හාල් සේරු දෙක වෙනුවට ධාන්‍ය රාත්තල් 8 ක් නොමිලේ ජනතාවට ලබා දීම

2 පැවති සංවෘත ආර්ථිකය වෙනුවට විවෘත ආර්ථිකය රටට හදුන්වා දීම

3 පවතින ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් වෙනස් කර අළුත් ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන බව වශයෙනි.

1977 ආණ්ඩුව බලයට පත්වූ විගස තමන් පෙර සකස් කරතිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තමන්ට ලැබුන 5/6 ක පාර්ලිමේන්තු බලයට උචිත ලෙස වෙනස්කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට හඳුන්වා දුන්නේය. 22 දෙවතාවක් සංසෝධන ගෙනා

එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෝකයේ වැඩිම සංශෝධන එකතු කල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 10 අතරට පත්ව ඇත.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර එහි නායක අනුර දිසානායක ඇතුළු සියළුම නායකයන් කීවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට හදුන්වා දෙන බවයි. රටේ ජනතාව එයට අනුකූල තාවය දක්වමින් ලංකාවේ මැතිවරණය දිස්ත්‍රික්ක 22 කින් එකක් හැර අන් සියළුම මැතිවරණය දිස්ත්‍රික්ක ජයග්‍රහණය කලේ ඉතිහාසය අළුතින්ම ලියමින් මන්ත්‍රී ආසන 159 ක ජය ලබා දෙමිනි. එසේ නම් දැන් වත්මන් රජය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට හඳුන්වාදීම කලයුතුය.

නමුත් වත්මන් ආණ්ඩුව ඒ ගැන කිසිම සැලකිල්ලක් දක්වා නැත. ඒ ඔවුන්ට මෙවැනි බලයක් ලැබේවි කියා සිහිනෙන්වත් නොසිතූ නිසාද යන්න ප්‍රශ්නයකි.

කතාවේ ඇතුල් පැත්ත එසේ නොවේ. ඇමකාව ලංකාවේ ස්ථිර ආණ්ඩුවක් පවතිනවාට කැමති නැත. ඒ ඔවුන්ට නැටවිය හැකි කන්ඩායමක් මෙරට පාලනය කිරීම ඔවුන්ගේ ඒකායන ප්‍රාර්ථනාව බැවිනි. මෑතදී යූ ටියුබ් නාලිකාවක් සමග සාකච්චාවකදී ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා කීවේ ” ඉස්සර අපි රුසියාව පැත්තේ හිටියා දැන් අපි ඒ පැත්තේ නෑ කියාය” අනුර කුමාර දිසානායක ජනාධිපති වූ පසුව 2024 ඔක්තෝබර් 1 වෙනි දින ලංකාවේ රුසියානු තානාපති වරයා ජනාධිපති අනුර කුමාර දිසානායකට රුසියාවේ පැවැත්වෙන බ්‍රික් සමුළුවට සහභාගී වෙන ලෙසට ඇරයුම් කළේය. ආරාධනාව භාර ගත්තද ජනාධිපතිවරයා එම සමුළුවට සහභාගී නොවූයේ ශ්‍රී ලංකාවේ ඇමරිකන් තානාපති ජුලීචෑන් ගේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම මත බව දැන් ප්‍රසිද්ධ රහසකි. ඒ බව රුසියානු තානාපති වරයා වෙනත් වචන වලින් ප්‍රසිද්ධියේ කියා ඇත. රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රැයක් එලිවෙනකොට සාදා නිමකල නොහැකි දෙයකි. එය වසර ගනනාවක අධ්‍යයනය කි.  වත්මන් ව්‍යවස්ථාව හදන්න පටං ගත්තේ 1973 සිටය. 1977 දී ඔවුන්ට ලැබුන බලයට සරිලන සේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංගුණිත කර පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට තවත් මාස ගනනාවක් ගතවිය.

ලංකාව තුල නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පහසුවෙන් සම්මත කර ගැනීමට වත්මන් පාර්ලිමේන්තුවට  තරම් අවස්ථාවක් නැවත ලැබේවිද යන්න සැක සහිතය. එම අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන නොගෙන විසි දෙවතාවක් සංසෝධනය කරනලද  78 ව්‍යවස්ථාවේම එල්ලී සිටිමින් වත්මන් ආණ්ඩුව කරන්නේ ඔවුන්ට ලබාදුන් සැබෑ ජනමතයට එරෙහි වීමක් නොවන බව කිව හැක්කේ කාටද? ජිනීවා සම්මුතිය පවා උල්ලංඝනය කරමින් රටක තානාපති සේවයේ වසර තුනක කාළය ඉක්මවාද ජුලීචෑන් ව ඇමරිකාව ලංකාවේ රදවා තැබුවේ ඇයිද යන්න දේශපාලන මොන්ටිසෝරි ගිය අයකුට වුවත් තේරුම් ගත හැකිය. වත්මන් ආණ්ඩුව ඇමරිකාවට ඇවැසි පීල්ලට වැටී අවසන් නිසා එම පීල්ලේම වත්මන් ආණ්ඩුව ඉදිරියට ගෙනයාමට අළුත් ඇමරිකන් තානාපති කෙනෙක් ලගදීම ලංකාවට පැමිණෙනු ඇත. ඉන් පසුව ඇමරිකන් නූල් සූත්තරයට නටන අනුර කුමාර දිසානායක ඇතුළු ආණ්ඩුවක් රිසිසේ ඔබට දැකගත හැකිය.

ආර් පී ප්‍රේමරත්න – කොළඹ ( විද්‍යුත් තෑපෑලට යොමු කර තිබු ලිපියකි.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *