මධ්‍යම පලාත් සභාවට 2024 දුන් විමධ්‍යගත මුදල්  බහිරවයෙක් ගිලලා

මධ්‍යම රජයෙන් මධ්‍යම පලාත් සභාවට 2024 වසර සඳහා එවන ලද විධ්‍යගත  මුදල් මිලියන දහයකට ආසන්න මුදලක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අවිච්ඡේද වන තත්ත්වයකට පත්වන බව දැනගත් මධ්‍යම පලාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමවංශ  යන පුද්ගලයා එම මුදල්  ,පලාත් සභාවට අයත් සංචාරක නිකේතන ( සර්කිට් බංගලා) වලට  ගෘහ භාණ්ඩ මිළදී ගැනීමට යොදවා ඇතැයි  පලාත් සභාවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සංචාරක බංගලා වල තිබූ පැරණි ගෘහ භාණ්ඩ  සියල්ල වෙන්දේසි දමන මුවාවෙන්  තම තමන්ගේ හිතවත් නිලධාරින්ට නිලධාරිනියන්ට සුළු මුදලකට  ලබා  දී  ඇති බවද ,මෙම සූක්ෂම  වැඩ පිළිවෙල යටපත් කිරීම සඳහා ,පලාත් ආණ්ඩුකාර වරයා   විසූ නිල නිවස අලුත්වැඩියා කිරීමටද මෙම මුදල් වැයකර තිබේ.

ආණ්ඩුකාර වරයාගේ මෙම මහනුවර  දළදා මාළිගාවට ආසන්න නිල නිවස  නිලූකා ඒකනායක මහත්මිය ආණ්ඩුකාර වරියගේ සමයේ  හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් විශාල මුදලක් වැයකර  අලුත්වැඩියා  කල බවද ,පලාත් සභාවේ  ඉතා විශ්වාෂ කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙලෙස  ජනතාවගේ මුදල්  අවභාවිතා කරන නිලධාරින්  රජයට විශාල ලෙස පාඩු කිරීම සම්බන්ධව මධ්‍යම පලාත් සභාවේ රාජ්‍ය දේපල  සුරැකීමේ සංවිධානය  දැඩි අප්‍රසාදය  පලකරමින්  මේ සම්බන්ධව වහා පරීක්ෂණයක් පවත්වන්නැයි  ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා  සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *