මහනුවර මහ නගර සභාවේ මාලිමාවේ නව පුරපති චන්ද්‍රසිරි විජේනායක මහතාගේ නිල කාර්යාලය තුල එජාප සහ පොහොට්ටු ආණ්ඩුවලට සම්බන්ධ වූ කොන්ත්‍රාත්කරුවෙකු නිසා මාළිමාවේ නගර සභා මන්ත්‍රී වරයෙකුට මන්ත්‍රී වරියකට සහ නගර සභාවේ නිලධාරියෙකුට පුරපති වරයා සමග කිසිදු සාකච්ඡාවක නිරත වීමට නොහැකි බවත් ,එහි සිටින මෙම කොන්ත්‍රාත් කරු සියලු සාකච්ඡා වලට සවන් දෙමින් නගරාධිපති වරයා අසල දැවටෙමින් සිටිම සමිබන්ධයෙන් මාලිමාවේ මන්ත්‍රීවරු පැලවත්ත පක්ෂ මූලස්ථනයට දැනුම් දී ඇති බව වාර්ථාවේ.
මෙම පුද්ගලයා අනුරාධපුර ප්‍රදේශයේ දූෂිත පොහොට්ටු දේශපාලනඥයෙකු වූ මාවිල්ආරූ නමැති අන්වර්ථ නාමයකින් හඳුන්වන හිටපු ඇමතියාගේ අනීතීක ගල්වලවල් කොන්ත්‍රාත් කාරයෙකු බව මාළිමා නගර සභා මන්ත්‍රීවරුන්ට තොරතුරු හෙළිවී තිබේ.
මොහුට නගර සභාවේ කිසිදු නිල තනතුරක් ජාතික ජන බලවේගයෙන් හෝ පැලවත්ත පක්ෂ මූලස්ථානයෙන් ලබාදී නැති බව මාලිමාවේ තරුණ මන්ත්‍රී වරුන් පවසයි.
මොහු නගරාධිපති නිල කාමරයට රිංගා සිටින නිසා පක්ෂයේ තම මන්ත්‍රීවරුන්ට නගරාධිපති වරයා සමග කිසිදු පුද්ගලික සාකච්ඡාවක් කල නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව නගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී වරුදන්
මෙන්ම විපක්ෂ මන්ත්‍රී වරුද පවසති.
මෙම දූෂිත පුද්ගලයා සම්බන්ධයෙන් වහාම පියවරක් ගෙන ඔහුව නගරාධිපති නිල කාර්යාලයෙන් ඉවත් කිරීමට පියවර ගන්නැයි මාලිමා ක්‍රියාකාරීහු පැලවත්ත පක්ෂ මූලස්ථානයේ ඉහල බලධාරින්ගෙන්ඉල්ලා සිටියි.
නගර සභාවේ නිලධාරින්ට පවා මෙම පුද්ගලයා නගරාධිපති නිල කාර්යාලය තුල දවස පුරා රැඳී සිටීම ප්‍රශ්ණයක් වී තිබේ.
මහනුවර නගරාධිපති වරයාගේ සම්බන්ධීකරණ නිලධාරී තනතුරට පක්ෂයේම තරුණ ක්‍රියාකාරිකයෙකු පත් කරන්නැයි මාලිමාවේ නාගරික මන්ත්‍රීවරු සහ ක්‍රියාකාරී සාමාජිකයන් පක්ෂයේ ඉහල නායකයන්ගෙන් ඉල්ලා සිටියි.