පොඩිඩන්ගේ වැටුපෙන් කපාගෙන පොලිසියේ ලොක්කන් පිනවන සෞඛ්‍ය සුභසාධන  යෝජනා ක්‍රමය

ශ්‍රිලංකා පොලිස් සෞඛ්‍ය සුභසාධන  යෝජනා ක්‍රමයට වැඩි දායකත්වයක් ලබා  දෙන කණිෂ්ඨ නිළධාරින්ට කුඩම්මගේ සැලකිළි දක්වා ඩහළ නිළධාරින් එහි ප්‍රතිලාභ ලබන බව වාර්ථාවෙි.

සෑම පොලිස් නිලදාරියෙකුගෙන්ම මාසික වැටුපෙන් රුපියල් 200 ක් මුදලක් එම යෝජනා ක්‍රමයට කපා ගන්නා අතර එය ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාන) සභාපතිත්වය දරණ අතර  ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති( සහයක සේවා),  නියෝජ්‍ය පොලිස්පති( සුභ සාධක), අධ්‍යක්ෂ සුභසාධක,සිවිල් පිරිපාලන අධ්‍යක්ෂ,අධ්‍යක්ෂ වෛද්‍ය සේවා,ගණකාධිකාරි , පොලිස් පිරික්ෂක සංගමයේ සභාපති, සහ කණ්ෂ්ඨ පොලිස් නිළධාරින්ගේ සංගමයේ සභාපති ඇතුලු පිරිස විසන් මෙය ක්‍රියාත්මක කරයි.

කෙසේ වෙතත් මෙම අරමුදලේ කෝටි පන්සියකට වැඩි මුදලක් ඇතත් ඒ සදහා වැඩි දායකත්වයක් ලබා දෙන්නේ මුලු පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින අසුනවදහසකට ආසන්න පොලිස් නිළධාරින්ගෙන් හැත්තැපන්දහසකට ආසන්න කණ්ෂ්ඨ නිළදාරින් විසිනි.

එහෙත් එම මුදල්වලින් පාලනය වන නාරාහේන්පිට ,කුන්ඩසාලේ හා යාපනය යන ස්ථානවල පිහිටි පොලිස් රොහල්වලට යන කණ්ෂ්ඨ නිළදාරින්ට අවශ්‍ය බෙහෙත් රෝහල්වල නොමැති බව පවසා පිටතින් ලබා ගන්නා ලෙසට තුන්ඩු ලියා දෙන බව වාර්ථාවෙි.

එහෙත් සේවයේ සිටින හා විශ්‍රාම ගොස් සිටින ඉහළ නිළදාරින්ගේ හිසකෙසේ ඩයි කිරිමේ එවා යේ සිට විටමින්ද ඔවුන්ගේදුවා දරුවන්ගේ විටමින් ආදියද එම රෝහල්වල තොග ඇනවුම්වලට ඇතුළත් කර ලබා ගන්නා බව පොලිස් පොඩ්ඩෝ චෝදනා කරයි.

එහෙත් අරමුදලේ ස්ථාවර තැන්පතුවේ පමණක් කෝටි 200 වැඩි පර්‍මාණයක්ද,භාණ්ඩාගාර බිල්පත්වල කෝටි 150කට ආසන්න ප්‍රමාණයක් ච ආයෝජනය කර ඇති අතර ලංකා බැංකුවේ ඉතිරිකිරිමේ ගිණුමේ කෝටි 300 වැඩි මුදල් ප්‍රමාණයක් තිබියදි මෙසේ බෙහෙත් නොමැති බව පැවසිම සාධාරණ නොවන බව ඔවුන් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *