මහනුවර ප්‍රධාන පෙලේ බාළිකා විදුහලක ( බෞද්ධ නමක් ඇති) විදුහල්පතිනියක් සහ හිටපු මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් වරයෙකු එක්වී එම විදුහලට රුපියල් ලක්ෂ ගණනක සන්තෝෂම් මුදල් ලබාගෙන ළමුන් ඇතුලත් කිරීමේ ජාවාරම ප්‍රදේශය පුරා මහත් ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්ව තිබේ.
හිටපු එම පලාත් අමාත්‍යාංශ ලේකම් වරයා වන මේනක හේරත් නැමැත්තා එකී ධූරයෙන් ඉවත් කර මහනුවර ඟඟවට කෝරළේ ප්‍රාදේශීය ලේකම් ලෙස පත් කර තිබේ.
මෙම නිලධාරියා පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කල සමයේ මධ්‍යම පලාත් හිටපු ආණ්ඩුකාර වරයා සමග එකතු වී මධ්‍යම පලාතේ පාසැල් වලට ළමුන් පන්සීයකට අධික සංඛ්‍යාවක් ඇතුල් කිරීමේ ජාවාරමටද සම්බන්ධ වූවෙකි.
මෙම නිලධාරියා මහනුවර ඟඟවට කෝරළේ ප්‍රාදේශීය ලේකම් ධූරයට පත්වී ඇතත්, මහජනතාවගේ සේවා කටයුතු වලදී මහජනතාවට හදිසියකට හෝ මොහුව හමුවිය නොහැකි තත්ත්වයක් උදාවී තිබෙන බව මහජනතාව පවසති.
මහනුවර මහා මායා බාළිකාවට ළමුන් ඇතුලත් කිරීමේ ජාවාරමේ නිරත වන පුද්ගලයා විදුහල්පතිනියගේ සැමියා බවත් ,ඔහු ළමුන් ඇතුලත් කිරීමේ ජාවාරම ජයට කරගෙන යන බවත් එම විදුහලේ ආදී සිසුවියන් පැවසුවාය.
මෙම ප්‍රාදේශීය ලේකම් වරයා මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වරයා ලෙස සිටින සමයේ තම සොයුරියට ලබාදුන් පලමු ගුරු පත්වීම දුෂ්කර ප්‍රදේශයට නොයවා මහනුවර නගරයේ පහසුකම් සහිත පාසැලක් වූ සීතාදේවි බාළිකා විදුහලට මාරු කරන ලද්දේ තම නිල බලය යොදා ගනිමින් බව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරිහු පවසති.
මොහුට එරෙහිව මහනුවර මහාධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ අධිකරණයේ නඩු පවරා තිබෙන අතර ,දැනට ඔහුගේ විදෙස් ගමන් බලපත අධිකරණය බාරේ රඳවා ඔහුගේ විදෙස් ගමන්ද අධිකරණය මගින් තහනමට ලක් කර තිබේ.
මෙම නිලධාරියා දැනට මහාධිකරණය මගින් ශරීර ඇප මත මුදා හැර තිබේ.
මධ්‍යම පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහණ අධිකාරියේ සේවය කරමින් සිටි දූෂිත නිලධාරියෙකු එම අධිකාරියට අයත් කාර්යාලයේ ලිපි ගොනු රැසක් රහසිගතව ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියකට සේවයෙන් පහ කර තිබියදී ඔහුට යලි එම තනතුර ලබාදීමට මූලික වූ මෙම නිලධාරියා ඇතුලු පලාත් රාජ්‍ය සේවයේ උසස් නිලධාරින් කීප දෙනෙකුට අධිකාරියේ සේවකයෙකු විසින් පවරා තිබූ නඩුවක එක් වගඋත්තර කරුවෙකු වන්නේද මහනුවර ඟඟවට කෝරළේ වත්මන් ප්‍රාදේශීය ලේකම් තනතුර හොබවන මෙම නිලධාරියාය.
වත්මන් ආණ්ඩුවේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහන යටතේ මෙවැනි විෂමාචාර දූෂණ ක්‍රියාවන්ට සම්බන්ධ වූවන් මේ වන විටත් තනතුරු වල රැඳී සිටිමින් කරගෙන යන බොරුව පලාත් ආණ්ඩුකාර වරයාටද වටහා ගන්නට බැරිවීම කණගාටුවට කරුණක් බව මහනුවර ජනතාව පවසති