පොලිස් නිලධාරින්ගෙන් සෑම මාසයකින්ම රුපියල් පනහක මුදලක් ආගම්ක කටයුතු සදහා යැයි පවසමින් වැටුපෙන් අඩු කරන අතර එම මුදල්වලට සිදුවන්නේ කුමක් ද යන්න එම නිළදාරින් නොදන්නා බව පවසයි. එසේ තිබියදී වෙසක් උත්සව ඇතුලු ආගම්ක කටයුතුවලට යළිත් වැටුපෙන් මුදල් එකතු කර මදිපහඩුවට ගමේ කසිප්පු කාරයින්ගෙන් ඇතුලු ජාවාරම්කරුවන්ගෙන් මුදල් එකතු කර වෙසක් කුඩු , දන්සල් ආදි ආගම්ක කටයුතු කිරිමට සිදුව ඇති බව වාර්ථාවෙි.
මසකට සැම නිලධාරියෙකු ගෙන් රුපියල් පනහ බැගින් නිළධාරින් අසු හය දහසකින් ( 860000 x 50 =
4,300,000 ) සකට ලක්ෂ 43 ක් එකතු වන අතර එය වසරකට ල ( 4,300,000 x 12 = 51,600,000 ) ලක්ෂ 516 කි. එහෙත් පොලිස් චක්‍රලේඛණ මගින් දැනුම් දීම් කරන වෙසක් උත්සවයේ වෙසක් කූඩුවක් සදහා රුපියල් හැත්තෑපන්දහසක් පමණක් ලබා දෙන බව සදහන්වේ.
මේ ආකාරයට වසර දහයකට වැඩි කාලයක සිට සෑම තරාතිරමක පොලිස් නිළදාරින්ගෙන් රුපියල් පනහක මුදලක් කපා ගන්නා අතර එ මුදල්වලට සිදුවන්නේ කුමක්ද යන්න දන්නේ සිවිල් පරිපාලක අධ්‍යක්ෂවරයා හා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති . (පරිපාලන) යන දෙදෙනා පමණි. මෙම මුදල් සදම්බන්ධයෙන් කිසිදු විගනණයක් නොකර ව්‍යජ බිල්පත් ඉදිරිපත් කර එ මුදල්වනට ඉහළ නිලධාරින් වගකියන බව පොලිස් පොඩ්ඩෝ පවසති.
2025-05-12