Ramis ශ්‍රි ලංකාවට පවරා ගැනීම කල් දාන්න නියෝජ්‍ය මුදල් ඇමති සිංගප්පූරුවෙන් ජරාව කයි

RAMIS යන කෙටි නාමයෙන් හඳුන්වනු ලබන්නේ Revenue Administration Management Information System ( ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය ) යන්නයි. මෙය ගමේ භාෂාවෙන් කියනවා නම් ආදායම් බදු දෙපාර්තමේන්තුව පුරවැසියන් ගෙන් බදු එකතු කරන ක්‍රියාවලිය යි. ලංකාවේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව මෙරට පුරවැසියන් ගෙන් බදු එකතු කලද එම එකතු කිරීමේ ක්‍රියාවලිය අදටත් පාලනය කරන්නේ සිංගප්පූරුව ය.
2022 අප්‍රේල් මස 12 වෙනි දින ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට මහබැංකු අධිපති වරයා ඒක පාර්ශිකව ලොවට දැනුම් දුන්නාට පසුව එයින් රට ගොඩ ගැනීමට පිහිටට පැමිණියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආවට ගියාට ආධාර දෙන්නේ නැත. ඒ සදහා සැපිරිය යුතු කොන්දේසි ඔවුන් විසින් පනවනු ලබයි. උදාහරණයක් ලෙස ලංකාවේ විදුලි බිල වැඩි වීමට ප්‍රධාන වශයෙන් බලපෑ බව ප්‍රසිද්ධ රහසකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැනවූ විශේෂ කොන්දේසියක් වූයේ සිංගප්පූරුව විසින් දැනට පාලනය කරණු ලබන ලංකාවේ බදු එකතු කිරීමේ ක්‍රමවේදයෙහි පාලනය හැකි ඉක්මණින් ලංකාවට පවරා ගන්නා ලෙසයි. එකළ ජනාධිපති සහ මුදල් ඇමති වූ රනිල් වික්‍රමසිංහ එකගත්වය පල කර ඇත.
ඒ අනුව RAMIS පාලනය ලංකාවට පවරා ගැනීම සදහා කටයුතු සම්පාදනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එවකට ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ නිශාන්ත ජයවීර ඇතුළු හය දෙනෙකු ගෙන් යුත් කණ්ඩායමක් පත්කරන ලදි. අනෙක් සාමාජිකයන් වූයේ සුජීව හේනාධීර , ගාමිණී චන්ද්‍රසිරි, ශාමා තෙන්නකෝන් කීර්ති නාපාන සහ අචලා වීරසූරිය යි. මාස 8 කට අධික කාළයක් RAMIS පාලනය ලංකාවට පවරා ගැනීමට නිශාන්ත ජයවීර ඇතුළු කණ්ඩායම කිසිවක් කරේ නැත. ඒ බව එවකට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වූ සේපාලිකා චන්ද්‍රසේකර විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහව දැනුවත් කර තිබූ අතර මෙම කාර්ය ඉදියට ගෙනයාමට නම් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් වරියක්වන නදී දිසානායක ව පත්කරන ලෙසද ඉල්ලා ඇත. ඒ අනුව නදී දිසානායක අනෙක් අයගේ සහය ඇතිව RAMIS පාලනය ශ්‍රී ලංකාවට පවරා ගැනීමට අවශ්‍ය මූලික කාර්යක් වන කැබිනට් පත්‍රිකා සකසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඔහුගේ ජනාධිපති ධූරයේ අවසන් මොහොතේදී අදාල කැබිනට් පත්‍රිකාව සම්මත කරගෙන ඇති අතර ඒ අනුව දැනට සිංගප්පූරුවේ පාලනය යටතේ ඇති RAMIS හි පූර්ණ පාලනය 2027 ජනවාරි සිට ශ්‍රී ලංකාවේ පාලනයට ගත යුතු බවට තීරණය විය.
2024 ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ පරාද වී වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කිරීමත් සමග RAMIS නැවත පවරා ගැනීමේ කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ විශ්වවිද්‍යාලයේ අතිජාත මිත්‍ර නිශාන්ත ජයවීරට බාර විය. ඉන් මාස 8 කට පසුව නියෝජ්‍ය මුදල් අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට පත් කරේ නිශාන්ත ජයවීරය. එසේ පත් කිරීමට හේතුව අනුර කුමාර දිසානායක විශ්වවිද්‍යාලයේ අවසන් වසර විභාගය කීප විටක් අසමත් වූ පසු ඔහු වෙනුවෙන් අවසන් විභාගය ලියා සමත් කරවූයේ නිශාන්ත ජයවීර නිසා එයට ප්‍රති උපකාරයක් ලෙසට ය.
එසේ පත්කල පසු 2027 ජනවාරි වලදී RAMIS හි පාලන බලය ලංකාවට පවරා ගැනීමට ඔහු කටයුතු සම්පාදනය කරානම් කිසිවකු එම පත් කිරීම ගැන ප්‍රශ්න නොකරනු ඇත. නමුත් ඔහු ඒ පිළිබදව කිසිවක් නොකර එය අත පසු කිරීමට සිංගප්පූරුවෙන් ඩොලර් මිලියන ගනනක් මුදල් ලබා ගැනීම සියළුම දෙනාට ප්‍රශ්නය කි.
2027 ජනවාරි වීමට ඇත්තේ හරියටම තවත් මාස 6 කි. දැන් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය නිශාන්ත ජයවීරගෙන් RAMIS පවරා ගැනීම ගැන ඇසූ විට ඔහු කියන්නේ ඒ සදහා තවත් වසර තුනක කාළයක් අවශ්‍ය බවයි. ඒ කියන්නේ මේ ආණ්ඩුවේ අවුරුදු 5 අවසන් වනතෙක් RAMIS හි පාලනය ලංකාවට පවරාගන්නේ නෑ කියන එකය. 2027 ලංකාවට ලැබීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවසන් විස්ථීරණ ණය වාරිකය ලැබෙන තෙක් විශ්වාසය ක් නැත. ඒ ඔවුන්ගේ කොන්දේසි යක්වූ RAMIS හි පූර්ණ පාලන බලය ලංකාවට පවරාගෙන නොතිබීම විස්ථීරණ ණය වාරිකය ලබා නොදීමට හේතුවක් ලෙස ඉදිරිපත් වූවොත් එය අරුමයක් නොවේ.
අවුරුදු 76 ක් රට විනාශ කරා කියන උන් පන්නා සමානුපාතික ජන්ද ක්‍රමය යටතේ පලමුවරට පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් වත්මන් ආණ්ඩුවට රටේ ජනතාව ලබා දුන්නේ පෙර පාලකයෝ කරපු අමන වැඩ කිරීමට නොවේ.
ඒත් සිස්ටම් චේන්ජ් කරනවා කී වත්මන් ආන්ඩුවේ ජනාධිපති වරයාගේ විශ්වවිද්‍යාලයේ සිටි අතිජාත මිත්‍රයා වන වත්මන් නියෝජ්‍ය ඇමති නිශාන්ත ජයවීර අතයට ඩොලර් මිලියන ගනනක් ගෙන රටේ බදු එකතු කිරීමේ ක්‍රියාවලිය පවත්වාගෙන යන සිස්ටම් එක තවත් වසර ගනනාවකට සිංගප්පූරුවට පැවරීම අපූරුම සිස්ටම් චේන්ජ් එකක් නොවේද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *