ඇමති බිමල්ට නොපෙනෙන ගුවන්තොටුපලේ සේවකයින්ගේ  අවනඩුව

ගුවන්තොටුපලේ දැන් වෘත්තිය සංගම් දකින්නටවත් නොමැත.වෙනදා හොද නරක දෙකටම ආයතනයට බල්පෑම් කල නායකයෝ නැට්ට පසුපස ගසාගෙන තිබෙි. කුඩු කෑ කවුදෝ වගේ හෝ මොනයම් ක්‍රමයකින් හෝ කට පුප වසා  හෝ ස්වේච්ඡාවෙන්ම වසාගෙන ඇත. විවිධාකාර වර්ගයේ ෆේස් බුක් චන්ඩි ,live එන වීරයන්..හෑලි ලියන කතා කාරයන් අදවන විට ඇදන් යටය. ඉස්සර කොයි දේටත් “හමුදා පාලනය” ඉස්සරහට දමා බෙරිහන් දුන් පිරිස වද වී ඇත.

හමුදා පානයන දැන් හොදය. දැන් සම්මුක පරීක්ෂණ වලට පැමිනෙන්නේ නිල යුහ ,ගුවන් හා නාහ රත වලින් දැනටත් සේවයේ යෙදෙන නිළදාරීන් ය. බදවා ගන්නේද ඔවුන්‍ ය.වසර ගනනාවක් ආයතනය වෙනුවෙන් දරදිය ඇදපු වසර විසිපහ තිහ තට්ටෙ පෑදෙනකම් වැඩ කල උන් ස්වේච්ඡාවෙන්ම කර අඹාගෙන ඇත. එක්කෝ ඔවුන් කට වසා ගන්නා තත්වයට පොලඹවා ඇත.

අනික් උන් කොටසක් තමන්ගේ තනතුරු ඔවුන් හට පු(ද)ප දීමට මල්වට්ටියේ තබාගෙන සැරසී ඇත.ඒ තමන්ගේ එකාට නොදී ඕනෑම පරයෙකුට දීමට තරම් කුහක මානසිකත්වයක් පෙරදෑරි කොට ගෙනය.

ආරක්ෂක අංශයට, ගිනි නිවීමේ අංශට දෙවැනියන් පත්කර ගැනීමේ සම්මුක සාකච්ඡා පවත්වති.දැනටමත් හමුදා වලින් තෝරාගෙන බොරුවට සන්දර්ශන පවත්වන බවට දන්නෝ දනිති.නොදන්නෝ තමන් වහල් කම් කරන දේශපාලනයට වහන්වී ලැජ්ජාව නිසා නිෂ්ශබ්දව ඇත.

ගුවන්තොටුපල ආරක්ෂක සහ ගිනි නිවීමේ අංශ වල හිටපු හමුදා නිළදාරීන් සහ දැනට තනතුරු දරන අය ගැන ඔවුන්ගේ හැකියාවන් දක්ෂකම් සහ තනතුර දැරීමට සුදුසු කම් ගැන ඕනෑවටත් වඩා දන්නේ ඔවුන් යටතේ සිටින සේවකයන් ය. සමහරක් විශ්‍රාම නිලදාරීන් කිහිපදෙනෙක් සමග රාජකාරි කල සේවකයන් අදටත් පවසන්නේ යුද්ධය දිනුවේ මේ හතරදෙනා හමුදාවෙන් එලියට ආ නිසා බවය. එතරම් දක්‍ෂ මැටි ගොඩවල් බවට දන්නෝ දනිති. නියෝජ්‍ය ප්‍රධානී තනතුරු දක්වා ගිය ඔවුන් මුල් ලමාවිය පවා සංවර්ධනය නොවු අයවලුන් බව තතු දන්නෝ දනිති. කනකොක් සුද පෙනෙන්නේ ඉගිලෙනකොටය. නියෝජ්‍ය ප්‍රධානීන්ට අමතරව ප්‍රධානීන්ද එකම අච්චුවේය.  සම්හරු කුනුහරුප කටේ ගා ගත් ගමන්‍ ය. විටෙක කන පලන්නේ බීමතින් මහ රෑය.. සමහරුන් හට සායක් හැට්ටයක් පෙනෙන්නට බැරිය. සිඹින්නෝය.කිහිල්ලේ ගසාගෙන බත්පැකට් කෙල්ලන් හට අදින්නේ පිල් විදහාගෙන පස්ස එලියේ බව නොදැනය.තමන් යටතේ සිටි කාන්තාවන් කිහිප දෙනෙකුටම අයුතු බලපෑම් කල සවුත්තූ වූ බව නොදන්නා කෙනෙක් නැත.

තවත් සමහරු ගුවන්තොටුපල සුරබිදෙනක් කරගෙනය.නොගන්නා දෙයක් නැත. හත්මුතු පරම්පරාවම තුන් සින්හලයම නෑදෑයන් මෙන් ඉතාම ආරක්ෂිත කලාප වලට පවා නීති විරෝදීව “නඩ” රැගෙන යෑමට තම කනිෂ්ඨ නිලදාරීන් යොදා ගනී.ඒ විශ්‍රාම සැලසුම සදහාය. සෑම දිනකම විවිදාකාර ව්‍යාපාරිකයන් ගුවන්තොටුපල ඕනි වැඩක් දැමීමට තමන් හට හැකි බව පවසන්නේ ආරක්ෂක ප්‍රධානී තම සාක්කුවේ නිසාය. හොරුන් ට හොරකම් කිරිමට ඉඩ දෙන්නෙ වීදිරු ගෙවල් වල තමන් ඉන්නා බැවිනි. තමන්ගේ විෂය පථය පිලිබද මෙලෝ ඇටයක් දන්නෙ නැත. ඒ ගැන වගේ වගක් නැත. මේවාට හුරේ දමන අමනයන් රැලක් ඇත..

තමන්ගෙ අනාගතය තමන්ගේ රැකියාව තමන්ගේ ආයතනය අභිමානය වනසන මෙවැනි නිලදාරීන් සමග ඩීල් දාන යූනියන් නායකයන් අදහන්නට වටිනවාය.

තමන්ගේම සහෝදර සේවකයන් හට මහත් ප්‍රයෝජයනයක් වූ වාහනේ පවා තමන්ගේ දේශපාලන වාසී වෙනුවෙන් වෙන අමාත්‍යාංශ වෙත් යාකිරීමට මූලික උන යූනියන් නායකයන් ඉන්නේ ආරක්ශ අංශයේ පමනි.

තමන්ගේ ආරක්ෂක අංශය දිය කර පෙනි පෙනී ගුවන් හමුදාවට යටත් කිරීමට ගන්න උත්සාහය වටහා ගන්නට තරම් බුද්ධිමතුන් නැත.

තමන් හට නායකත්වය පුහුනුව ලබාදුන් වසර ගනනාවක් ගුරු පියානන් වූ එක බත්පතේ කෑ අය පත්කරගන්නවා වෙනුවට කොහේදෝ ඉන්නා කලුද  සුදුද පාටක් නොදන්නා අය යටතේ සිට ඔවුන් හට නායකත්වය දීමට දත කට මැදගෙන සිටිති.

හමුදා වල සිටි අය කරන හා කරපු රාජකාරි සහ පරිබාහිර දේවල් නොදන්නා මෙන් නැවතත් ඕනෑම කුනු ගොඩක් භාර ගැනීමට සැර සෙන්නේ මෝඩ කමටද කුහක කමටද කියා කිසි කෙන්ව්ක් නොදනී. ආරංචියේ හැටිය සභාපති ගුවන් හමදාවේ කමට ඔහුගෙන් ලකුනු දමා ගැනීමට ආරක්ෂ ප්‍රධානියා ගුවන් නිළරියෙක් තම නියෝජ්‍ය  ප්‍රධානි වශයෙන් ගැනීමට ඕනෑම වෙලාවක සැදී පැහැදී සිටින බවය.

තමාගේ යැපුම වෙනුවෙන් ඒ ඒ කාල වල යූනියන් වැඩ්ඩන්ගේ ගෙවල්න්වල වලන් සේදිමටත් සූදානමෙන් සිටින හා සිටිය ප්‍රධානියෙකුගෙන් මෙය හැර වෙන දෙයක් බලාපොරොත්තු විය නොහැක.

මේ අවනඩු ඇසීමට සිටින්නේ දෙවියන් පමනි..

ආරක්ශක ප්‍රධානියාගේ සිවිල් ගුවන්සේවා දැනුම ගැන ප්‍රශ්න කිරීමට කිසිම කෙනෙක් මේ ව්ශ්වයේ නොමැත.සිවිල් ගුවන් සේවා අධිකාරියේ සිටින තම ගජයා හරහා ඔහු ඉතාම ආරක්ෂිතය.ඔහු ආරක්ෂිත වුවාට ඔහුගේ කණ්ඩායම සහ ගුවන් සේවාව අනාරක්ෂිත ය.

ආරක්ෂක අංශය ගුවන්තොටුපල නියෝජනය කර දක්ශකම් පෙන්නා ලෝකය ජයග්‍රහණය කල මාශල්වරුන්.

තම විෂයපතය කෙල පැමිනි  ජේෂ්ඨ මාශල් වරුන්.දෙකේ කොලේට දමා තාවකාලිකව පැමිනි ගුවන් හමුදා සභාපති නටන නාඩගම් විශය භාර ඇමති වරයා නොදන්නේද. එය කෙසේ වත් සිදු විය නොහැක.හේතුව ව්ෂයභාර අමාත්‍යවරයාගේ සොහොයුරාද ගුවන් තොටුපල සේවකයෙක් බැවිනි.

(ගුවන්තොටුපල සේවකයෙකු විසින් විද්‍යුත් ලිපිනයට යොමුකළ ලිපියකි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *